Flower Horn Fish

👉 මූලික කරුණු 👈

Flowerhorn යනු ඉතා සිත්ගන්නාසුලු හැසිරීමක් සහ සම්පූර්ණයෙන්ම අසාමාන්‍ය පෙනුමක් ඇති අද්විතීය මාළුවෙකි. මෙම මත්ස්‍යයා ඉතාමත් ප්‍රකෝපකාරී මත්ස්‍යයෙකි.ඇත්තටම මෙම මසුන් අභිජනනය සදහා ප්‍රසිද්ධ මැලේසියාවයි.නිරෝගී හා ඵලදායී අභිජනනයක් ලබා ගැනීම සහ විවිධ සිච්ලිඩ් වර්ග බෝ කිරීම (කිසිවෙකු තවමත් නිශ්චිතව මේ පිළිබදව නොදනී. ) සිදු කරනු ලැබුවේ මැලේසියාවයි.

Flower horn මසුන් දෙමුහුන් වේ.මෙම මසුන් සෙන්ටිමීටර 30-40ක් පමණ විශාල වන අතර ඔවුන්ට ඉඩකඩ සහිත ටැංකියක් අවශ්‍ය වේ. මෙම මසුන් සිටින ජලයේ උශ්ණත්වය 24–27 °C අතර තිබිය යුතුය. pH අගය 7.4–8.0 අතර තිබිය යුතුය. Flowerhorn මසුන් ටැංකියේ පතුල හෑරීමට සහ ටැංකියේ ඇති පැල අනුභව කිරීමට කැමැත්තක් දක්වයි. එබැවින් ඔබ ශාක සමඟ යම් ආකාරයක ලස්සන නිර්මාණයක් ටැන්කිය තුල කිරීමට හිතාගෙන ඉන්නවානම් ඇත්තටම ඒක නිශ්ඵල දෙයක්.
වෙළඳපොලේ සිටි මුල්ම Flowerhorn මසුන්ගේ පළමු අභිජනනය වූයේ හුවා ලූඕ හැන් වේ ( Hua Luo Han ). මෙසේ මුලින්ම බෝ කරන ලද්දේ දළ වශයෙන් 1998 දී ය.එතැන් සිට ඔවුන් ඉතා ජනප්‍රිය වූවා සේම මෙම මසුන්ගේ විවිධ වර්ග වල දෙමුහුන් වර්ගද බිහි විය.
වර්තමානයේ වඩාත් ජනප්‍රිය දෙමුහුන් වර්ග නම්: KamFa , Kamalau (KML හෝ Golden Monkey), Zhen Zhu (ZZ) සහා Thai Silk (Titanium Flower Horn), Red Dragon, Gold flowerhorn (golden base), Red Texas වේ.
Flowerhorn උපරිම වශයෙන් සෙන්ටිමීටර 30 (අඟල් 12) දක්වා දිග විය හැකිය. ශරීර දිග සෙන්ටිමීටර 40 ක පමණ වැඩෙන විශේෂ කිහිපයක් ඇත.මෙම මත්ස්‍යයන්ගේ වර්ධන වේගය තරමක් සිත් ඇදගන්නා සුළු ය, ඔවුන්ගේ ජීවිතයේ පළමු වසර තුළ ඔවුන් මසකට සෙන්ටිමීටර 2 බැගින් පමණ වර්ධනය වේ.මොවුන්ගේ ආයු කාලය අවුරුදු 8ත් 10ත් අතර වේ.

🤔 ගුණාත්මක හොද මත්ස්‍යයෙකු තෝරා ගන්නේ කෙසේද…? 🤔

01. මසුන්ගේ ශරීර හැඩය ශරීරය :- වටකුරු , ඕවලාකාර හැඩයෙන් හා විශාල උදරයක් තිබිය යුතුය.
02. හම්ප් එක ( Hump ) :- එය ශරීර ප්‍රමාණයට වඩා විශාල හා සමමිතික විය යුතුය.
03. කළු ලප ( Black spot ) :- මෙය මෙම මසුන්ගෙ ප්‍රධන ලක්ෂණයක් වේ. ඒවා ඝන සහ පහසුවෙන් දෘශ්‍යමාන වීම වැදගත්ය.
04. වර්ණය :- නිතරම දකින Flowerhorn මසුන් සාමාන්‍යයෙන් රතු ය. කෙසේ වෙතත් ඕනෑම වර්ණයක් දීප්තිමත් හා හොඳින් වර්ණ ගැන්වී තිබිය යුතුය.
05. වරල් :- සියලුම වරල් හැකි තරම් විශාල විය යුතුය.

⭕️ බලා ගැනීමේදී ඇතිවිය හැකි දුශ්කරතා ⭕️

මෙම මසුන් රැකවරණය තරමක් පහසුය.
බැලූ බැල්මට සිතෙන්න පුලුවන් මෙම මසුන් ඕනම කෙනෙකුට හදන්න පුලුවන් කියලා නමුත් හේතු කිහිපයක් කිහිපයක් නිසා එහෙම කරන්න අමාරුයි.
* මුල්ම කාරණය මේ මාලුන්ට ගොඩක් ලොකු ඉඩක් ඕන නිසා ලොකු ටැන්කියක් ඕන.
* දෙවෙනි කාරණය මෙම මසුන් ඉතා ආක්‍රමණශීලී සහ තම භූමිය තනිව බුක්ති විදීමට කැමතිය එබැවින් මෙම මසුන් කිසිදු ටැංකි සහකරුවෙක් හෝ පැලෑටි නොමැතිව තනිවම ටැංකියක තබා ගැනීම යෝග්‍ය වේ.
* අවසාන වශයෙන් මෙම මසුන් ඉතා ආක්‍රමණශීලී නිසා අපි ඔවුන්ට ආහාර දෙන විට හෝ නඩත්තු කරන අතරතුර අපගේ අතට පහර දීමට හැකිය. නමුත් හොදින් පුරුදු කර ගත හැකිනම් ඔවුන් අපගේ අතට පවා ගැනීමට හුරු කර ගත හැකිය.
කෙසේ වෙතත්, මේ ඔබට සුදුසුම මාළු බව ඔබට විශ්වාස නම් ඔවුන් ඔබට හොදින් රැක බලා ගැනීමට හැකිනම් ඔබ මෙම මසුන් සෑදුවාට කමක් නැත.ඉහත සඳහන් සියලු බාධක තිබියදීත්, මෙම මාළු ඔබට සුදුසු නම් මෙම මසුන් හොදින් අධ්‍යයනය කරන්න සහ ඔබට යම් ගැටලුවලට මුහුණ දීමටද සූදානම් වීමට සිදු වේ.

⭕️ පෝශණය කිරීම ⭕️

මෙම මසුන් ආහාර තේරීමක් නොකරන අතර ඔවුන්ට ප්‍රෝටීන් අඩංගු ඕනෑම කෘත්‍රිම හෝ සජිවී අහාරයක් ලබා දිය හැකිය.ඒ blood worm, වියළි ඉස්සන් හෝ නැවුම් හාල්මැස්සන් (හෝ වෙනත් කුඩා මාළු), අඩු මේද මාළු (ගෝල්ඩ් ෆිෂ් වැනි) දීමෙන් හොදින් පෝශණය කළ හැක.
මෙම මසුන්ගේ ආහාරයට ශාක එකතු කිරීමක් කරන්නේනම් වඩාත් ගුණාත්මක වේ.මෙම මසුන් ආහාර ගැනීමට කෑදරකමක් දක්වන අතර ඔවුන් ඒ සදහා රුචියක් නොදක්වයි නම් ඔවුන් යම් අසනීපයකින් පෙලෙන බව ඔබ තේරුම් ගත යුතුය.කෙසේ වෙතත් ඔවුන්ට ඔබ ඕනෑවට වඩා ආහාර නොදිය යුතුය.
මෙම මසුන්ට ඔබ කෘත්‍රීම ආහාර දෙන්නේනම් හොදම උසස් තත්වයේ ආහාර වර්ගයක් ලබා දිය යුතුය. මන්ද එම ආහාර වලින් ඔබගේ මත්ස්‍යයාගේ වර්දනය හොද වන අතරම ඔබගේ ටැන්කියද පිරිසිදුව තබා ගැනීමට උපකාරී වේ.

ලස්සන පොටෝත් එක්ක බලන්න මේ විස්තර අපේ බ්ලොග් සියිට් එකට යන්න https://easylifewithhandr.blogspot.com/

ඊළග කොටසින් මෙම මසුන් ගැන තවත් තොරතුරු කියන්නම්. රැදෙන්න අපිත් එක්කම පේජ් එකට ලයික් එකක් එකක් දාන්න. පුලුවන්නම් පේජ් එක ගැන විස්තරයක් කියලා රෙකමන්ඩ් කරලා යන්න. බුදු සරණයි ☸️ , ජේසු පිහිටයි✝️ . ❤️😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

ලෝකේ සුන්දරම ස්ථානවල ඡායාරූප

Mon Jan 20 , 2020