එදා අපි බෝධි වන්දනාවකට ගියා. අපේ ආච්චි නම් හරීම ලස්සනට බෝධි වන්දනා කවි කියන්න දන්නවා. ඒවායේ තේරුමත් හරිම ලස්සනයි. ඉතින් අපි කවුරුත් බෝ සෙවනේ වාඩි වෙලා ලස්සනට වන්දනා කළා. පිරිත් කිව්වා. දෙවියන්ටත් පින් අනුමෝදන් කළා. “ඇයි ආච්චි…. මේ බෝධීන් වහන්සේ ගේ අතුවල කපුටන්ගේ රූප, නයින්ගේ රූප ඇඳපු කොඩි එල්ලලා තියෙන්නේ…? […]

“මයෙ දරුවනේ…. ඔයාලා අහලා තියෙනවා නොවැ අපේ සිංහල රාජ වංශය බබුළුවාපු මහෝත්තමයා ගැන. ඒ කිව්වේ අපේ දුටුගැමුණු මහ රජ්ජුරුවන් වහන්සේ ගැන. හප්පා…. උන්නාන්සේ වගේ බුද්ධ ශාසනයටත් මේ මාතෘ භූමියටත් ආදරය කොරාපු වෙන රජ්ජුරු කෙනෙක් නැති ගානයි. ඒ කාලේ දකුණු ඉන්දියාවෙන් මහා දෙමළ සේනාවක් අරගෙන එළාර කියලා සොළී රජෙක් අනුරාධපුරේට කඩා […]

භික්‍ෂූන් වහන්සේලා විසින් ගිහියන් සතුටු කිරීම පිණිස නොකල යුතු කාරනා විසි එකක් විනය පිටකයේ සඳහන්වේ. මෙම කාරනා එක්විසි අනේසය නම්වේ. ගිහියන්ට හුණු, ලී ආදිය දීම මංගල අවමංගල කටයුතු ආදිය සඳහා ගිහියන්ට මල් දීම ගිහියන්ට පොල් අතු තල් අතු ආදිය දීම ගිහියන්ට ගෙඩි ජාති දීම ගිහියන්ට දැහැටි දඬු දීම ගිහියන්ට මුව දෝනා පැන් දීම ගිහියන්ට […]