ගූගල් සමගම  2016 සිට ගුගල් පරිවර්තනය සඳහා නව භාෂා එකතු කර නැත. එයට හේතුව පැහැදිලි නමුත් නව භාෂා එකතු කිරීමට දැන් සූදානම් වෙමින් සිටී. ඒ අනුව  කින්යාර්වාන්ඩා (රුවන්ඩාව), ඔඩියා (ඉන්දියාව), ටාටා, ටර්ක්මන් සහ විශේෂයෙන් උයිගර් ඇතුළු භාෂා පහක් එකතු කර ඇත . 

කොරෝනා වයිරස් පැතිරී යාම නිසා යූ ටියුබ් සහ තවත් බොහෝ  video streaming සේවාවන් යුරෝපයේ තාවකාලිකව ඔවුන්ගේ resolution  ප්‍රමාණය අඩු කර ඇත. නමුත් settings  වලින් නැවත resolution  අගය වැඩි කළ හැකිය.

කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් ඇපල් සමාගම ඉතාලියේ සිය ඇපල් වෙළඳසැල් 17ක් දින නියමයක් නොමැතිව වසා දමමින් සිටින බව සමාගමේ ඉතාලි වෙබ් අඩවියේ පළ කර ඇති නිවේදනවලට අනුව වාර්තා වේ..

මාරාන්තික නව කොරෝනා වෛරසය මර්ධනය කර ගැනීමේ උත්සාහයක් ලෙස හොංකොං චීනයේ ප්‍රධාන භූමියෙන් පැමිණෙන ඕනෑම කෙනෙකුට අනිවාර්ය සති දෙකක නිරෝධායනයක් ආරම්භ කර තිබේ. අමුත්තන් හෝටල් කාමරවල හුදෙකලා විය යුතුය, නැතහොත් රජය විසින් පවත්වාගෙන යනු ලබන මධ්‍යස්ථාන වෙත යා යුතුය. ආපසු පැමිණෙන හොංකොං වැසියන් තම නිවෙස් තුළ රැඳී සිටිය යුතුය. නව […]

මේ මොහොත වනවිට කොරෝනා නම් අතිශය භයංකර වෛරසයක් මාව සංහතියට එරෙහිව නැගි එමින් සිටී. මේ වෛරසය මෙවර මතුවූයේ චීනයෙන් වන නිසාම නයෙකුගේ මස් කෑම නිසාම මෙය හටගත් බවට මතුවන කතාවට එපිටින් විමසා බැලිය යුතුය. චීනය යනු ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලයට අවියෙන් හෝ මුදලේ බලයෙන් යට කල නොහැකි ලොවේ අංක එකේ […]

ශරීර පිස්නා භාවිත කරමින් කිඹුලෙකුගේ රුවක් නිර්මාණය කළ ශිල්පීන් කණ්ඩායමක් පිළිබඳ පුවතක් ඉන්දියාවේ පූනේ නගරයෙන් වාර්තා වුණි. අදාළ නිර්මාණය සඳහා ශරීර පිස්නා 870ක් පමණ යොදාගෙන තිබූ බව සඳහන්. ඉන්දියාවේ මහරාෂ්ත්‍ර ප්‍රාන්තයේ පූනේ නගරයේ වාසය කරන ඔරිගාමී ශිල්පීන් කණ්ඩායමක් ශරීර පිස්නා භාවිත කරමින් කිඹුලෙක් නිර්මාණය කළේය. ඔවුන් මෙලෙස නිර්මාණය කර තිබෙන්නේ […]

එවරස්ට් කන්ද තරණය කිරීමට ගිය පුද්ගලයින් 7 දෙනෙකු අතුරුදන්ව ඇත. දකුණු කොරියානු ජාතිකයින් සිව්දෙනෙකු සහ නේපාල ජාතික මග පෙන්වන්නන් තිදෙනෙකු මෙලෙස අතුරුදන්ව ඇති බවයි විදෙස්මාධ්‍ය වාර්තා කළේ. එවරස්ට් කන්ද ආශ්‍රිතව පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය සහ හිම පතනය හේතුවෙන් මෙම පිරිස අතුරුදන්ව ඇති බව සඳහන්. අතුරුදන් වූවන් සෙවීම සඳහා […]

චීන ජනාධිපති ෂි ජිංපිංගේ නාමය වැරදී ආකාරයෙන් සඳහන් කිරීම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම කණගාටුව පළ කර ඇත. චීන ජනාධිපතිවරයාගේ මියන්මාර සංචාරය සම්බන්ධයෙන් එරට භාෂාවෙන් පළ කර තිබු ෆේස්බුක් සටහනක් ඉංග්‍රිසි භාෂාවට පරිවර්ථනය කිරීමේදී මෙය සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් චීන ජනාධිපතිවරයාගේ නාමය වැරදි ලෙස සඳහන් වී ඇති […]

චීනයේ වුහෑන් ප්‍රදේශයේ ව්‍යාප්ත වන හඳුනා නොගත් වෛරස්රෝගී තත්ත්වය වැළඳුනු තවත් පුද්ගලයින් 17දෙනෙකු වාර්තා වී තිබේ. ඒ අනුව මේ වනවිට වෛරසය ආසාදනය වු රෝගින් 62 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 08 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙම අබිරහස් වෛරසය ආසාදනය වු පුද්ගලයින් දෙදෙනෙකු මේවනවිටත් මියගොස් තිබේ. […]

ලැව්ගිනි තත්ත්වයෙන් දැඩි බලපෑම් එල්ල වු ඔස්ලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට ඉදිරි දිනවල සුළිකුණාටු තත්ත්වයන්ගෙන් බලපෑම් එල්ල විය හැකි බවට එරට කාලගුණ විද්‍යා බලධාරීන් අනාවැකි පළකර තිබේ. අද (19) සිට ඉදිරි දින 03ක කාලය පුරා මෙම අයහපත් කාලගුණ තත්ත්වයෙන් බලපෑම් ඇති විය හැකි අතර අධික වැසි හේතුවෙන් ජල ගැලීම්ද හටගනු ඇති බව […]