ප්‍රංශ විප්ලවය

ප්‍රංශ විප්ලවය (ප්‍රංශ: Révolution française😉 1789–1799 දී ප්‍රංශයේ පැවති රැඩිකල්වාදී සමාජයීය සහ දේශපාලන පෙරළියයි. සියවස් ගණනාවක් ප්‍රංශයේ වූ පරම ආණ්ඩු සම්ප්‍රදාය වසර තුනක් ඇතුලත දී කඩා වැටුණි. ප්‍රංශ සමාජයේ වූ වැඩවසම් ක්‍රමය, රදළ පංතියේ ආධිපත්‍යය, ක්‍රිස්තියානි පල්ලියේ බල වරප්‍රසාදයන් යනාදී ශතක ගණනාවක් පුරා පැවති සම්ප්‍රදායන් බුද්ධි විචාරමය යුගයේ අදහස් වලින් සහ වාමාංශික අදහස් ඇති දේශපාලන කණ්ඩායම් අතින් මහත් වෙනසකට භාජනය විය. බුද්ධි විචාරමය යුගයේ අදහස් වලින් පෝෂිත වූ රදළයන්, ධනයට හිමිකම් කිව්වත් රදළ පංතියට හිමිකම් නොකී බුර්ජුවාසී පංතිය සහ පල්ලියට හා ආණ්ඩුවට බදු ගෙවන බරෙන් පීඩිතව සිටි ගම්බද වැසියන් යනාදීන් විප්ලවයේ හවුල්කාරයෝ වූහ. ඔවුන් සටන් වැදුනේ වැඩවසම් ක්‍රමයේ බදු එකතු කරන අයිතිය තිබි රදළ පංතිය, රාජාණ්ඩුවට හා පල්ලි සංස්ථාවට එරෙහිව ය.

අනතුරුව පිහිටුවා ගත් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ වාමාංශික රැඩිකල්වාදී කණ්ඩායම් විසින් බෙදුම්වාදී අදහස් වලින් එකිනෙකා හා විරසක වූහ. ඒ කාලයේ දී එනම් 1793 සිට 1794 දක්වා ප්‍රංශයේ භීෂණ පාලන සමයක් (Reign of Terror) පැතිර ගියේය. එහි නායකත්වය දැරුවේ ප්‍රංශ විප්ලවයේ පුරෝගාමියෙක් වූ මැක්සිමිලියන් රොබෙස්පියෙර් නැමති ජැකෝබියන් සමාජයේ සාමාජිකයෙකි. 16,000 සිට 40,000 ක් අතර ජනතාවක් මේ සමයේ දී ජනතා විරෝධී යැයි මරණයට පමුණුවන ලදි. රාජාණ්ඩුව, රදළ පංතිය හා ආගමික සංස්ථාව පළවා හැර ඉතා ඉක්මණින් කැඳවා ගත් සමානාත්මතාවය, පුරවැසිකම හා අනන්‍යසන්තක අයිතීන් යන සංකල්ප වලින් රට පාලනයේ දී අවුල් වියවුල් පිරි සමයක් ප්‍රංශ අධිරාජ්‍යයේ දේශ සීමාවන් පුරා පැතිර ගියේය. ජැකෝබියන් සමාජයේ කඩා වැටීමත් හා මැක්සිමිලියන් රොබෙස්පියෙර්ගේ හිස ගසා දැමීමත් සමඟ විශේෂ පාලන කමිටුවක් මඟින් 1795 සිට 1799 දක්වා ප්‍රංශ දේශ සීමාවන් පාලනය විය.

ප්‍රංශ යුද්ධ වලින් කැපී පෙනුනු හමුදා නායකයෙක් වූයේ නැපෝලියන් බොනපාට් ය. ප්‍රංශ දේශ සීමාවන් තුල කැඩි බිඳී ගිය නීතිය නැවතත් ස්ථාපිතය සඳහා ජනතාව විසින් උරැමයෙන් රජකමක් නොහිමි නැපෝලියන් බොනපාට් එම්ප්රොර් රජ වශයෙන් පත් කර ගත්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

බ්‍රේල් මාධ්‍යය

Fri Jan 3 , 2020
18 වන සියවස වනවිට දී නෙත් අධ දනන් උදෙසා ලිවී උව කියවීමට සුදුසු ක්‍රමවේදයක් යුරෝපා රාජ්‍යයන් කිහිපයක හැඩ ගැසෙමින් තිබුණි.එහිදී තිබුණේ සාමාණ්‍ය භාවිතා කළ අතරුම ස්පර්ෂ කළ හැකි පරිදි උඩට මතු කර දැක්වීමකි. (EMBOSED LETTER) යුනුවෙන් කියන විට එකී ස්වභාවය ඔබට වටහාගත හැකිය. මෙසේ උත්තල අකුරු සැකසුම වෙහෙසකර වූ අතර […]