ඕස්ට්‍රේලියාව අද ඔටුවන් 10,000ක් වෙඩි තබා මරා දමයි

මේ මොහොත වන තෙක්ම ලෝකය ඕස්ටේ‍්‍රලියාව සිය දෑස් ද අවධානය යොමුකරමින් බලා සිටියේ ලැවුගින්නටත් , දීරඝකාලීන නියගයටත්ක්මුහුණ දෙමින්මිනිසුන් සහ අනෙක් සත්වයින් මුහුණ දෙන පීඩාව දෙසටය නමුත් ඔවුන් විසින් ගත් නව තීරණයක් හේතුවෙන් ලෝකයේ අවධානය තවත් ආකාරයකට ඕස්ට්‍රේලියාව වෙත අදින් පසු යොමු වී ඇත.

දකුණු ඕස්ට්‍රේලියාව තුළ ඉහළ යමින් පවතින උණුසුමත් සමග ඇති වන දීරඝකාලීන නියගය මැඩ පවත්වාගැනීම සදහා එහි ජීවත් වන ඔටුවන් 10000කට අධික ප්‍රමාණයක් වෙඩි තබා මරා දමන්නට තීරණය කර ඇත.මේ සදහා එරට ආදිවාසී නායකයන් විසින් සියවිධානයද අවසරයද ලබා දී ඇත.

මෙතරම ඔටුවන් සංඛ්‍යාව මරා දමන්නට තීරණය කිරිමේ හේතුව ලෙස ඔවුන් පෙන්වා දී ඇත්තේ මෙම ඔටුවන් අධිකලෙස ජලය පානය කිරීමයි. ඒ අනුව අද දින ඔටුවන් මරා දැමීමම ආනන්ගු පිටිජස්ටෙට්රා යකුනයිජරා (ඒපීවයි)ඉඩම්වල ආදිවාසී නායකයින්ගේ නියෝගයකට අනුව වෘත්තීය වෙඩික්කරුවන් විසින් ආරම්භ කරනු ඇත.

මිනිස් වාසය ඇති පෙදෙස් වලට පැමිණන් ඔටුවන් මිනිස් ප්‍රයෝජනය සඳහා පවතින ජලය පානය කිරීම පිළීබදව ජනතාවගෙන් නැගුණ පැමිණිලි සහ මැසිවිලි මෙම තීරණයට දැඩි සේ බලපා ඇත.

“ඔටුවන් පැමිණ වැටවල් කඩා වැටීම, ගෙවල් වටේට ඇතුළු වීම සහ වායුසමීකරණ යන්ත්‍ර හරහා ජලය ලබා ගැනීමට උත්සාහ කිරීම නිසා අපි අසනීප තත්වයෙන් හා අපහසුතාවයෙන් පෙළෙනවා.”

මේ සම්බන්ධ මූලිකත්වය ගෙන කටයුතු කරන මාරිටා බේකරි සාමාජිකාවක, ඕට්‍රේලියානු පුවත්පතකට එසේ පවසා තිබිණ.තවත් අතකින් ඔටුවන් වසරකට කාබන් ඩයොක්සයිඩ් ටොන් එකකට සමාන මීතේන් විමෝවනය කරන බැවින් හරිතාගාර වායු විමෝචනය පිළිබඳ සැලකිලිමත් වීම ද මෙම සතුන් මරා දැමීම හේතුවක් ලෙස ඔවුන්පෙන්වා දෙයි.

මිනිසුන්ගේ ගොවි බිමි වලට වන හානිය, ඇති කරන සත්වයින් සදහා ඇති තණ බිම් ඔටුන් විසින් කා දැමීම ආදී හේතූන්ද ඔවුන් විසින් සිය තීරණය සාධාරණී කරණය කිරීමේ හේතු ලෙස දක්වා ඇත. ඒ අනුව ඇතැම් විට මේ මොහොත වන විට ඕස්ට්‍රේලියාව තුළ ඔටුවන් 10000ක් මරා දැමීමේ කටයුත්ත ආරම්භ වී තිබෙන්නට පුළුවන.

ඕස්ට්‍රේලියාවට ඔටුවන් හදුන්වාදෙනු ලබන්නේ19 වන සියවසේදී ඉන්දියාව සහ ඇල්ගනිස්ථානය යන රටවල් වල සිටය. ඒ එකළ සිදු වූ ප්‍රවාහන සහ ඉදිකිරීම් කටයුතුසදහා ඔටුවන්ගේ සහය ලබා ගැනීම පිණිසය.

එදා සිට ක්‍රමයෙන් ඕස්ටේ‍්‍රලියාව තුළ වැඩෙමින් පවතින ඔටු ගහණය හිරි හැර කිරීමක් සිදු නොවුනහොත් සෑම අවුරුදු 8කට හෝ 10කට වරක් දෙගුණයක් බවට පත් මෙම තත්ත්වය මත මේ වන විට නිවු සවුන්ඩෝස් ඇතුළු දකුණු ඕස්ට්‍රේලියාවේ ඔටු ගහණය විශාල සංඛ්‍යාවක් වෙයි.

සිඩිනි විශ්ව විද්‍යාලයේ පරිසරවේදී ක්‍රිස්ටෝපර්ඩික්මන්ට අනුව ඕස්ට්‍රෙලියාවේ ඇති වූ ලැවු ගින්නත් සමග වවුලන් ගෙම්බන් මෙන්ම අපෘෂ්ඨ වංශීන්ද ඇතුළුව එරටට අහිමි වූ වන ජීවීන් සංඛ්‍යාව බිලියනය ඉක්ම වනු ඇත. පිළිස්සී විනාශ වී ඇති භූමි ප්‍රමාණය ඉක්ම වනු ඇත. පිළිස්සී විනාශ වී ඇති භූමි ප්‍රමාණය අක්කර මිලියන 18කට වැඩිය, මේත් සමග ඔස්ට්‍රේලියාව තුළ ජීවත් වූ විශේෂ සත්ව විශේෂයන් මුළු මුනින්ම රටට අහිමි වනු ඇතැයි මේ පිළිබදව අදහස් දක්වන වන ජීවී විශේෂඥයින් සිය සැකය පළ කරමින් සිටී.

ඕස්ට්‍රේලියාවටම ආවේණික වූ කැන්ගරරුවන් සහ කොලාවන් විශාල සංඛ්‍යාවක් මෙවර විනාශ වූ අතර රටට ආවේණික වූ ඩන්නාර්ට්ස් සහ ලෙන්ස් කුකුළන් සහමුළින්ම අහිමි වන්නට ඇතැයි සැක කෙරේ.

කෙසේ වෙතත් මේ සා විශාල හානියක් සිදු වීමේ වග කිව යුත්තන් වනේන්නම් අද මරා දැමෙන ඔටුවන් ද ඇතුළුව අනෙකුත් කිසිදු සතෙකු නොවන්නේය. එහෙත් අසාධාරණ ලෙස වැඩි හානියක් සහ දුෂ්ඨකම් සිදුවන්නේද ඔවුන්ටමය.

කොට් මොරිසන් එරට අගමැති වරයා සිදු වූ මේ විනාශයේ වගකීම කිසි සේත් භාර නොගත්තද , ආර්ථික වාසි තකා සිදු කරමින් සිටින පාරිසරික විනාශය මේ සා විපතක් වන්නට සම්පුර්ණයෙන්ම හේතු වෙයි.

අද දින මරාදැමෙන ඔටුවන් කිසිසේත් මේ අපරාධයට වග කිව යුත්තන් නොවන බව නොඅනු මානය.සැබෑ විසදුම පසෙක ලා තව දුරටත් ජෛව විවිධත්වයට විනාශ වන්නට මං මාවත් විවිර කරමින් ඕස්ට්‍රේලියාව ගමන් කරනු ඇත්තේ සුහ දායි අනාගතයක් කරා නම්නොවනු ඇත. විනාශ වී ගිය ගොඩ නැගිලි වගා බිම් ඔවුන් යළි ලබා ගනු ඇත. නමුත් අහිමි වූ මේ සා වටිනා පරිසර පද්ධතිය සහ එහි සාමාජිකයන් වසර ගණනාවක් වයසැති වෘක්ෂයෝ යළිත් කිසිදිනෙක නොලැබෙනු ඇත.

දේශගුණික විපරියාසයන් සියල්ලකම බර දැරිය යුත්තේ මිනිස් ක්‍රියාකාරකම මිස අහිංසක වන ජීවීන් වයසැති වෘක්ෂයෝ යළිත් කිසිදිනෙක නොලැබෙනු දේශගුණික විපර්යාසයන් සියල්ලකම බර දැරිය යුත්තේ මිනිස් ක්‍රියාකාරකම මිස අහිංසක වන ජීවීන් නෙවෙති. එය වටහා නොගෙන රාජ්‍ය නායකයින් හෝ වගකිව යුත්තන් පයබරවායට පිටිකර බෙහෙත් බැදීම හෝ හේනේ ගොයම් කන විට ගෙදර මුව හමට තඩි ගැසීමේ න්‍යයායන් අනුගමනය කිරීම සුදු පුහු ක්‍රියාවක්පමණක්ම වන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

ඉරානයේ න්‍යෂ්ටික බලාගාරය අසල භූමිකම්පාවක්

Wed Jan 8 , 2020
ඉරාන න්‍යෂ්ටික බලාගාරයක් අසල රික්ටර් මාපකයේ 4.5 ක භූමිකම්පාවක් සිදුව තිබේ. මීට ටික වේලාවකට පෙර බෝරාස්ජන් සිට ගිනිකොන දෙසින් කිලෝමීටර් 17 ක් පමණ ප්‍රබල කම්පනය ඇති විය. මරණ හෝ තුවාල පිළිබඳ වාර්තා නොමැති අතර හානියේ තත්ත්වය නොදනී.