හැරී කුමරුගේ තීරණයට මේගන්ගේ පියාගේ අප්‍රසාදය

බ්‍රිතාන්‍ය රජ පවුලේ රාජකීය ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉවත් වීමට හැරී කුමරු සහ සිය දියණිය ගත් තීරණය සම්බන්ධයෙන් මේගන් මාකල්ගේ පියාවන තෝමස් මාකල් අප්‍රසාදය පළ කර තිබේ.

බ්‍රිතාන්‍යයේ ප්‍රවෘත්ති නාළිකාවක් සමඟ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ අදාළ තීරණයෙන් සිය දියණිය බ්‍රිතාන්‍ය රජ පවුල අවතක්සේරුවට ලක් කර ඇති බවයි.

බ්‍රිතාන්‍ය රජ පවුලේ රාජකීය ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉවත් වීමටහැරී සහ මේගන් යුවල පසුගියදා තීරණය කළ අතර බකිනහැම් මාලිගය ඊයේ (19) දිනයේ නිවේදනයක්නිකුත් කරමින් සඳහන් කර තිබුණේ ඔවුන් දෙදෙනා තවදුරටත් රාජකීය නාමයන් භාවිත නොකරන බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේගන් මාකල්ගේ පියාවනතෝමස් මාකල් සඳහන් කර ඇත්තේ රජ කුමරියක වීමේ සෑම තරුණියකගේම සිහිනය සිය දියණියවිසින් අත්හැර දැමීම පිළිබඳ තමා දැඩි කණස්සල්ලට පත් වු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

ලැව්ගින්නේ බැට කෑ ඔස්ලියාවට සුළිකුණාටු

Sun Jan 19 , 2020
ලැව්ගිනි තත්ත්වයෙන් දැඩි බලපෑම් එල්ල වු ඔස්ලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට ඉදිරි දිනවල සුළිකුණාටු තත්ත්වයන්ගෙන් බලපෑම් එල්ල විය හැකි බවට එරට කාලගුණ විද්‍යා බලධාරීන් අනාවැකි පළකර තිබේ. අද (19) සිට ඉදිරි දින 03ක කාලය පුරා මෙම අයහපත් කාලගුණ තත්ත්වයෙන් බලපෑම් ඇති විය හැකි අතර අධික වැසි හේතුවෙන් ජල ගැලීම්ද හටගනු ඇති බව […]