සිංහරාජයේ භූමි කොල්ලය

සිංහරාජය මෙරට ප්‍රධානතම වැසි වනාන්තරය වේ.

මනරම් පරිසරයකට හිමිකම් කියන සිංහරාජය විටින් විට පරිසරය වනසන්නන්ගේ ගොදුරක් බවට පත්වව ඇත.

සිංහරාජයේ රත්නපුරයට මායිම්ව කලවාන හතරේ කණුව බෝවිටිය තැන්න ප්‍රදේශය මෙලෙස රිසරය වනසන්නන්ගේ ගොදුරක් බවට පත්ව ඇති බව දක්නට තිබේ.

උකුස්සා අදාල ප්‍රදේශයට යන විටත් පිරිසක් එහි සංවර්ධන කටයුතු සිදුකරමින් සිටි ආකාරය දක්නට ලැබුණේය.

පරිසරය ගැන කිසිදු තැකීමක් නොකරන මොවුන් විශාල යන්ත්‍රෝපකරණ භාවිත කර තිබුණේ වසර සිය ගනනක් පැරණි රූක්ෂ ගස් බිඳ දැමීම සඳහායි.

නීතිවිරෝධී වගා බිමට පිවිසීම සඳහා ඔවුන් මාර්ගයක් ද ඉදිකර තිබේ.

මේ අතර පරිසරවේදීන් පවසන්නේ සිංහරාජයේ සිදුවන මෙවැනි කටයුතු සම්බන්ධයෙන් බලධාරීන් විටින් විට දැනුවත් කර ඇති බවයි.

එසේ නම් ලංකාවේ විශාලතම වැසි වනාන්තරය විනාශ කරන මොවුන් නීතියේ රැහැනට හසුකරගන්නේ කවදා ද ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

මිනිසුන් රහිත කැප්සියුලයක් මඟින් කළ අත්හදා බැලීමක්

Wed Jan 22 , 2020
අභ්‍යවකාශ මෙහෙයුම්වලදී ගගනගාමීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අමෙරිකාවේ ස්පේස් එක්ස් ආයතනය අපුරු අත්හදා බැලීමක් සිදුකර තිබේ. අමෙරිකාව, අභ්‍යවකාශය තරණය කිරීමේ තවත් පියවරක් ඉදිරියට තබා තිබේ. ඒ අනුව මිනිසුන් රැගත් අභ්‍යවකාශ කැප්සියුලයක් සහිත රොකට්ටුවක් දියත් කිරීමෙන් පසුව මතුවන හදිසි අවස්ථාවකදී ගගනගාමීන්ගේ ජීවිත ආරක්ෂා කර ගත හැකි ක්‍රමවේදයක් අත්හදා බැලීමට ස්පේස් එක්ස් ආයතනය […]