සිංදුවක තේරුම – කන්ද පිරිමැද පිරිමැද

අද ගෙනාවෙ ගොඩාක් අය වැරදියට තේරුම් ගතපු සිංදුවක තේරුම..

මේක කියවන්න කලින් ටිකක් හිතන්න මේ සිංදුවේ තේරුම ඔයා කොහොමද තේරුම් ගත්තේ කියල..එතකොට වැඩේ තවත් ලේසි වෙයි..❤️

“කන්ද පිරි මැද පිරිමැද පිරිමැද..
ලන්ද මුදුනට මුදුනට මුදුනට..
ඒවි හද පායලා..”
ගායනය : සේනානායක වේරලියද

මෙතනදි ගොඩාක් අය හිතන්නේ නංගියෙක්ට පන්සල් යන්න කථා කරන අයිය කෙනෙක් කියල.. #ඒත්මේකඊටවඩාගොඩාක්_වෙනස්..
මේක උත්තරයක්..වයසින් වැඩි කොල්ලෙක්..වයස අඩු කෙල්ලෙක්ට ආදරේ කරනවා..ඒ කෙල්ලගේ ආදරේ වැඩිකමට ඒ කොල්ලට කියනවා එයාව කොල්ල ලගට ගන්න කියල.කසාද බදින්න කියල..
අන්න ඒ කෙල්ලට අර කොල්ල දීපු උත්තරේ තමයි මේ..
(මොනවා උනත් තමන් ආදරේ කරන කොල්ල ලගට එන්න හදිස්සියක් තියෙන්න තරම් ආදරයක් තියෙන කෙල්ලෝ අද කාලේ ගොඩාක් අඩුයි..ඒ කෙල්ලටත් මේ කොල්ල දෙන උත්තරේටත් මම ගොඩාක් ගරු කරනවා.මොකද අද කාලේ මේ දෙකම නෑ..)

එහෙනම් පටන්ගමු…

“කන්ද පිරි මැද පිරිමැද පිරිමැද..
ලන්ද මුදුනට මුදුනට මුදුනට..
ඒවි හද පායලා..
වන්දනාවක යන්නේ කොහොමද
නංගියේ අපි දැන්ම මග බැහැලා..”

මෙතනදි කන්ද කියල අදහස් කරන්නේ මේ කොල්ල..
මෙයාගේ දැන් බදින්න කල වයස හරි කියල තමයි කියන්නේ…නමුත් එයා කියන විධියට තමන්ගේ හිතේ ඉන්න තමන් ආදරේ කරන කෙල්ලව බැදලනම් පාරේ බැහැල යන්න බැරි කේස් එකක් තියෙන්නේ..

ආහ්..ඒ ඇයි…🤔 අපි බලමු ඇයි කියල

“අරලියා මල් ඔහේ පිපුනට පෝය නෑ ඇවිදින්”

හිතේ ආදරේ තිබුනට..දෙන්නට එක වහලක් යටට එන්න උවමනා උනාට..තාම ඒකට කාලය එළබිලා නෑ..

පොඩ්ඩක් ඉන්න..කලින් කිව්වනේ වයස හරි කියල..දැන් නෑ කියන්නේ ඇයී..?🤔

ඔව් කොල්ලගේ වයස හරි..ඒත් මේ කෙල්ලගේ තාම නිසි වයස නෑ..😊

ගෙවා අටවක වැඩෙයි අවසද..නොවී ඉමු ඉක්මන්..

තවම ඒ කෙල්ල මෝරන වයස..නව යොවුන් විය කියන්නේ අන්න ඒක.ඒකෙදි කෙල්ලෙක්ගේ නියම ලස්සන එනවා..ලැම නෙරල මූන පැහැපත් වෙලා ගොඩාක් දේවල් වෙනවනේ..
අන්න ඒවා වෙලා නියම වයස ආවම..ඒක ෆට්ට කියල තමයි රචකයා වහෙන් ඔරෝ කියන්නේ..බලන්න කොච්චර දිග හෑල්ලක්ද මෙච්චර ලස්සන පද පෙලකට අරං තියෙන්නේ නේද..😱

ගෙදර බුදුනගේ ඇල්ම බැල්මේ අමාවක ගෙවපන්..
පුරා පෝයට මලුත් අරගෙන අපිත් යමු පන්සල්..

ගෙදර බුදුන් කවුද කියල හැමෝම දන්නවනේ..ඉතිං නියම කාලය එනකල් අම්ම ලග හොදින් ඉන්න..නියම වයස ආවම මගුල් බෙර වයලම කැන්දන් යන්නම් කියල තමයි මේ කියන්නේ..😍

©විචාරය: Namal Balasooriya
නොදන්න අයට දැනගන්න share කරන්න..අඩුපාඩුවක් දැක්කොත් කියන්න..ඒක ලොකු හයියක්..❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

ට්‍රම්ප් ඉලක්ක කර මාරක ප්‍රහාරයක් - ඉරානයේ නායකයා පවසයි

Mon Jan 6 , 2020
ඩුබායි (රොයිටර්) – වොෂින්ටනය සිය සතුරු ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන තාක් කල් ඉරාන වැසියන් “ඇමරිකාවට භංගවේවා” යනුවෙන් අයදිනු ඇත. නමුත් ඔවුන්ට අවශයව ඇත්තේ ඇමරිකා සාමාන්‍ය පුරවැසියන් පීඩාවට පත් කිරීමට නොවන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එක්සත් ජනපද නායකයින් වෙත ප්‍රහාරයක් එල්ල කිරීමට බව ඉරානයේ නායකයා සිකුරාදා පැවසීය. “ඇමරිකාව සිය දුෂ්ටකම දිගටම […]