සාර් බොම්බය

න්‍යෂ්ටික අවි නිපදවීම සම්බන්ධව පළමු වරට සාර්ථක ව්‍යාපෘතියකසිදුකරන ලද්දේ ජර්මනිය විසිනි.එය 1939 වර්ෂයේදී ආරම්භ කරන ලදි.හිට්ලර්ගේ මෙම අවි ව්‍යාපෘතිය මිත්‍ර පාර්ශවයේ රටවල් වල දැඩි අවධානයට ලක් වූවක් විය.ඇමරිකා එක්සත් ජනපදයද 1939 වර්ෂයේ මෑන් හැටන් ව්‍යාපෘතිය නමින් න්‍යෂ්ටික අවි ව්‍යාපෘතියක් ඇරඹීය. වර්ෂ 1941 දී සිදුකළ හිට්ලර්ගේ සෝවියට් ආක්‍රමණය හෙවත් ඔපරේෂන් බාර්බරෝසා දෙවන ලෝක යුද්ධයේ තීරණාත්මක සිදු වීම විය.ලොව එතෙක් මෙතෙක් සිදුකළ දැවැන්තම ආක්‍රමණය වන ඉන් හිට්ලර් දරුණු පරාජයකට පත්වන අතර බටහිර පෙරමුනෙහි බලය ක්‍රම ක්‍රමයෙන් රතු හමුදාව අතට පත් වීමට පටන් ගැනුණි. ජර්මනිය පරාජයට පත්වීමට පටන් ගැනීමත් සමග න්‍යෂ්ටික අවි නිපදවීමේ ව්‍යාපෘතියද බිදවැටෙන අතර න්‍යෂ්ටික විද්‍යඥයින් තම දැනුමද සමගින් ඇමරිකාව වෙත පලා යනු ලබයි.ඇමරිකානු න්‍යෂ්ටික අවි ව්‍යාපෘතිය සාර්ථකත්වයට පත්වන්නේ ඉන් අනතුරුවය. 1945 ජූලි 16 ඇමරිකාව එක්සත් ජනපදය තම පලමු න්‍යෂ්ටික අත්හදා බැලීම සිදුකරන අතර ඉන් මසකට පසු ලොවම භීතියට පත්කරමින් ජපානයේ හිරෝෂිමා හා නාගසාකි නගර වලට බෝම්බ හෙලන ලදි.දෙවන ලෝක යුද්ධයේ නිමාව ඉන් සනිටුහන් වූ අතර ඇමරිකාව ලෝකයේ බලවතා බවට නිතරගයෙන් පත් විය. ඇමරිකාවට මෙලෙස න්‍යෂ්ටික අවි සහිත එකම රට ලෙස සිටීමට හැකි වූයේ වසර දෙකක කාලයක් පමණි.1947 ජුනි 15 සෝවියට් දේශය තම පළමු න්‍යෂ්ටික අත්හදා බැලීම සිදු කරන ලදි.මේ සමගම ඇමරිකාව හා සෝවියට් දේශය අතර තිබූ සීතල යුද්ධය තීරණාත්මක තත්ත්වයකට පත් විය. සාර් බෝම්බය(Tsar bomb) කිලෝ ග්‍රෑම් 27,000 ක බරකින් යුතු සාර් බෝම්බය ලොව මෙතෙක් නිපදවන ලද විශාලතම න්‍යෂ්ටික අවිය වේ.මීටර් 8ක දිගින් යුතු මෙය මීටර් 2.1ක වටප්‍රමාණයකින් යුතු විය. 1961 ඔක්තෝබර් 30 වන දින අත්හදා බලන ලද සාර් බෝම්බය බිමට හෙලන ලද්දේ tv -95v බෝම්බ හෙලන ගුවන් යානයක් මගිනි. සාර් බෝම්බයේ විශාලත්වය ලොව අනෙකුත් න්‍යෂ්ටික බෝම්බ සමග සැසදීම පහත පරිදි වේ
  • සාර් බෝම්බය(සෝවියට් දේශය )
වර්ෂය -1961
න්‍යෂ්ටික ධාරාව ගමන් කළ උස ප්‍රමාණය – අඩි 250,000 *කාසල් බ්‍රාවෝ (ඇමරිකාව )
වර්ෂය – 1951
න්‍යෂ්ටික ධාරාව ගමන් කළ උස – අඩි 110,000 *ලිකෝර්න් (ප්‍රංශය )
වර්ෂය – 1970
උස – අඩි 60,000 *නාගසාකි බෝම්බය
වර්ෂය – 1945
උස – අඩි 20,000
  • හිරෝෂිමා බෝම්බය
වර්ෂය – 1945
උස – අඩි 18,000 සාර් බෝම්බ දෙකක් සෝවියට් දේශය විසින් නිෂ්පාදනය කල අතර ඉන් අත්හදා බලන ලද්දේ එක් බෝම්බයක් පමණි.මෙහි ප්‍රභලත්වය දෙවන ලෝක යුද්ධය තුල භාවිතයට ගන්නා ලද සියලු අවි ආයුධ මෙන් 1570 ගුණයක් ලෙස සැලකේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

කඳුලු කැටයම්

Thu Jan 9 , 2020
හිරිකඩ හීතල කවියකි නුඹ මට…💘💘💘කෙටි කතාව💘💘💘💗💗💗💗💗💗💗💗💗💗💗💗 චූටි මැණික..මොකෝ මේ අැස්වල කදුළු රත්තරන්..අනේ කතා කරන්න මැණික මොකෝ මේ ම…ම. .මම … මොකෝ මැණික..කෝ කියන්න අැයි මේ ම..ම..ම..මම…බ…බදින්න කෙනෙක් හොයල තාත්ත මොකක්… අ..අනේ මහත්තයෝ…ම..ම..මම මොකද කරන්නෙ..දැන් මට කියන්න බයවෙන්න එපා චූටි මැණික …ඔයාගෙ මේ මහත්තය ඉන්නකල් වෙන කිසි කෙනෙකුට මගෙ චූටි මැණික […]