සමනලියක් ඉකි බින්ඳා

සමනළියක් ඉකිබින්දා….

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

” අනේ මේ මොකද මහත්තයෝ ..අදත් බීලා ආවද ..අනේ දරුවෝ දෙන්නා බය වෙනවා..”

“කට වහපං ගෑනියේ..තොගේ ඔය මූසල කට වහගෙන මට කන්න බෙදපං..”

කමල් කියන්නේ අරක්කු බෝතලයට ම පමණක් පෙම් බැදි දෙදරු පියෙක්..ත්‍රීරෝද රථ රියැදුරෙකු වන කමල් ඉන් උපයන සෑම රුපියලක් ම යට කරනු ලැබුවේ මත්වතුරටයි..නිරාශා එනම් කමල්ගේ බිරිද ගාමන්ට් ගොස් උපයන මුදලින් තම දරුවන්ට හොද අධ්‍යාපනයක් ලබා දීමට මහන්සි උනා..දරුවන්ගේ සෑම ඕනෑ එපාකමක් ම ඉටු උනේ ඈ දුක්විද උපයන මුදලිනුයි…අඩු වයසින් ම මවක් වූ ඇය තම දරුවන්ට මෙන් ම ඇගේ බේබදු සැමියාටද පණ මෙන් ආදරය කලාය..නමුත් කමල් පෙම් බැන්දේ අරක්කු බෝතලයට ම පමණි…

” තෝ උයන්නවත් දන්නවද ගෑනියේ..මේ තියාගනින් උබේ මහ ලොකු කෑම එක ..මගේ පවට තෝව මට කරගහන්න උනානේ..😡”

“අනේ මොනවද මහත්තයෝ මේ..ඇයි මෙච්චර සද්දෙට කෑගහන්නේ..වටේම අය අහගෙන ඇති..”

” ඉතිං..වටේ ම එව්න් දැනගන්න ඕන උබේ කෙරුවාව..උබ ඔය ගාමන්ට් එකකට කියලා මොන ගුබ්බෑයම් වල රිංගල එනවද කියලා කව්ද දන්නෙ..දැං පත්තිනි අම්මා වෙන්න හැදුවට..”නිරාශාගේ පතිවත පවා සැක කරන කමල් සෑම දිනකම නින්දට යෑමට පෙර නිරාශාට පහර දීමටනම් අමතක කලේ නෑ..ඇගෙන් වන සුලු වැරැද්දක් පවා ඊට හේතු උනා..නිරපරාදේ ඈ පහර කෑ අවස්ථාවන්ද නැතිවාම නොවේ..
නිරාශගේ දරු දෙදෙනාද තම පියා අසලට යෑමට පවා බිය උනා..

මේ අතර ම කමල් හදිසියේ ම අසනීප වෙන්න ගත්තා ..නිරාශා කොතෙක් ඇවිටිලි කරත් කමල් කිසිම ප්‍රතිකාරයක් ගැනීමට උනන්දු උනේ නෑ …රෝගී තත්ත්වය උත්සන්න වීමත් සමගම ඔහුව බලෙන් ම රෝහලකට ඇතුල් කිරීමට නිරාශා කටයුතු කලා..

“ඔයා මේ පේශන්ගේ වයිෆ්ද ..පොඩ්ඩක් එන්නකෝ..”

” අනේ ඔව් ඔව් ඩොක්ට..මගේ මහත්තයට මොකද වෙලා තියෙන්නේ..”

” මේකයි . මුලින් ම මම කියන්න ඕන ඔයා බයවෙන්න එපා..ඕනම ලෙඩකට බෙහෙත් තියෙනවා දැං.ඒත් මේක ටිකක් සීරියස්..”

” මොකක්ද ඩොක්ටර් මගේ මහත්තයාට වෙලා තියෙන්නේ … ”

” මේකයී ඔයාගේ හස්බන්ට කැන්සර් එකක් කියලා අපි සැක කරනවා..ඒත් අපිට ඒක තහවුරු කරගන්න පරීක්ෂණ ටිකක් කරන්න ඕන..හරියට ම නිගමනයකට එන්න පුලුවන් එතකොට ..බයවෙන්න එපා.ඔයා ශක්තිමත්ව ඉන්න ඕන මේ වෙලාවේ..ඔයාගේ හෙල්ප් එක අපිට මේ වෙලාවේ ඕන.”

“අනේ දෙවියනේ ..මේ මොනවද මේ වෙන්න යන්නේ..අනේ බුදු මහත්තයෝ ..මගේ මහත්තයව බේරලා දෙන්න..අනේ මම වැදලා ඉල්ලන්නේ..අනේ මගේ මහත්තයව බේරගන්න…” තමාට කොතෙක් කෙනෙහිලිකම් කලත් පණ මෙන් තම සැමියාට ආදරය කල නිරාශා ..වෛද්‍යවරයා ඉදිරියේ වැද වැටෙන්නට උනා..

කමල් වැඩි දවසක් ගත වීමට පෙර ඔහුට වැලදී ඇති රෝගය ගැන දැනගත්තා.රෝගීන් බැලීමට ලබාදෙන කාලය එලබෙන තුරු කමල් ඔහුගේ ජීවිතය ගැන ම සිතන්නට උනා ..තම දරුවන් ගැන , බිරිද ගැන සිතන විට ඔහුට ඔහුගේ ජීවිතය ගැන කළකිරීමක් ඇති උනා..නිරාශා සෑම දිනකම කමල් බැලිමට ආවා ..කිසිදිනෙක ඈ එන පෙරමග බලා නොසිටි කමල් ඈ එනතෙක් පෙරමග බලා සිටියා..

” මට සමාවෙන්න සුදු නෝනා .මේ පව්කාරයට සමාවෙන්න ..කෝ අපේ දරුවෝ..අනේ මැණික මට එයාලව බලන්න ඕන..”

” එයාලා ආවා මහත්තයෝ ..එලියේ ඉන්නවා..ඉස්සර ඉදපු තාත්තා ලගට එයාලා එන්න බයයිලු මහත්තයෝ ..”

” අනේ..මගේ දරුවෝ මං ලගට එන්නත් බයයි..මොන කාලකණ්ණි තාත්තෙක්ද මං..වැඩක් නෑ මැණික මට දැං ජීවත් වෙන්න..මම මගේ ජීවිතේ ඕන නෑ..ඔය තුවාල කැලල් ..මගේ මේ පව්කාර අත්පය නිසා නේද..මං මේ විදියට විදවන්න ඕන තමයි ඒ කරපු පව් වලට ..😥😥😥😥

” අනේ නෑ මහත්තයෝ ..ඔහොම කියන්න එපා..මගේ සුදු මහත්තයට ඉක්මනට ම හොද වෙනවා..ඉන්නකෝ මම අපේ පැටව් දෙන්නාව එක්ක එන්න.😍..”ඇස් දෙකේම කදුලු පුරවන් තම දරුවන් දෙදෙනාව කැදවාගෙන ආවා..

“පුතා. …දූ..මෙහෙ එන්න පැටියෝ…”කමල් තම දරුවන්ට කතා කලා..ඔවුන් තම පියා සමීපයට ආවේ ඉතාමත් බියකින්..

” පුතා…කෑවද මැණික …දූ..එන්න..මට සමාවෙන්න රත්තරනේ..මේ තාත්තා ගොඩක් පව් කරා නේද..අම්මිවත් ඇඩෙව්වා..ඔයාලත් බය කරා නේද..අනේ මට සමාව දෙන්න පැටියෝ ..”ඇස් දෙකේම කදුලු පුරවන් තම දරුවන් ව තුරුලු කර් ගනිමින් කමල් පැවසුවා..

” තා.ත්..තා..” තවමත් බහ තෝරන වයසේ ඉන්න කමල්ගේ දූ පැටියා එයාගේ මුල් ම වචනය පිට කරා.

” අනේ..ආයේ කියන්න මැණික..කෝ ආයේ කියන්න..කෝ තාත්තා කියන්න වස්තුව..”කොච්චර වේදනාවකින් හිටියත්..තම ලෙයින් උපන් දූ පැටියගේ ඒ වචන ඇහුවම කමල්ගේ මුලු ජිවිතය ම සතුටින් පිනවී ගියා…නිරාශගේ දරුවන් සමග එලියට වී සිටි කමල්ගේ මව තම පුතා අසලට ආවා..ඔහුගේ ක්‍රියා පිලිවෙල නිසා කමල්ගේ මව පවා ඔහුගෙන් ඈත් වී සිටියා. නිරාශාත් මවත් මේ දිහා බලං ඉදියේ ඇස්වල කදුලු පුරවගෙන..

“අම්මේ ..මට සමාවෙන්න අම්මේ.”අත් දෙකම එකතු කරමින් කමල් තම මවට පැවසුවා ..කමල්ගේ මවට තම එකම දරුවා ගැන ඇති වූයේ දුකක්.

…………………………………………………….

” ඔයාගේ මහත්තයා ගොඩක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා…කැන්සර් එක ඇග පුරාම පැතිරිලා..අපිට ශුවර් කරන්න අමාරුයි..
ඒත් අපි තවම ට්‍රයි කරනවා ඔයාගේ හස්බන්ව බේරගන්න ..”හදිසියේම ඩොක්ටර්ගේ වදන් සිහි වී නිරාශා ගැස්සී ගියා..ඈ තවම කිසිවෙකුට මේ ගැන පවසා සිටියේ නෑ..

සුදු නෝනා ..කවදද මට ගෙදර යන්න පුලුවන් ..ඩොක්ටර්ගෙන් අහන්නකෝ..මට ඉක්මනට ම ගෙදර යන්න ඕන..මගේ පැටව් දෙන්නා එක්ක මට ඉන්න ඕන..මට මගේ ජීවිතේ අලුතින් ම පටන් ගන්න ඕන..”
ඒත් කමල් දැන සිටියේ නැහැ ඔහු මේ ගෙවන්නේ ඔහුගේ ජීවිතයේ අවසාන දවස් ටික බව..

” අම්මියෝ..මෙන්න..මේ තාත්තාට දූයී..පුතයි විතරයි ඕන..අම්මිව සුට්ටක්වත් ඕන නෑ නේද දැං කට්ටියටම..”දුක සගවාගෙන ම නිරාශා .කමල් ඉදිරියේ හුරතල් උනා..ඇයට අවශ්‍ය උනේ කමල්ගේ ඉතිරි දින කිහිපය ඔහු සමග සතුටින් ජීවත් වීමටයී.වෛද්‍යවරුන් පවා එය අනුමත කරා..

“මේ අපි කොහේ හරි ඇවිදින්න යමු හොදේ..” නිරාශා කමල් ඉදිරියේ හුරතල් වෙමින් පැවසුවා…

” ම්ම්ම්ම්ම්….ඔව් මැණික යමූ….මට පේන්නේ දැම්මම හිතාගෙන වගේ යන්න ඕන තැන්..ආ…” කමල්ට හැම විටම ඔහුගේ අතින් වූ වැරැද්ද සිහි උනා..එය අමතක කරමින් තම දරුවන් හා බිරිද ද ආදරයෙන් රැක ගැනීමට කමල් ඒ වන විටත් සිතාගත්තා..

………………………………………………………

හදිසියේ ම යළිත් කමල්ට අසනීප උනා..

” ම..ට.. අමා..රුයි සු.දු නොනා..මට හිතෙනවා ම ..ම දැං ම..ගේ අන්තිම හුස්ම එකතු කරනව කියලා …”

“මොනවද සුදු මහත්තයා මේ කියන්නේ ආ…මේවා කියන්න එපා මහත්තයෝ …ඉන්නකෝ මම ඉක්මනට ලේස්ති වෙන්න ..අපි හොස්පිටල් යමූ..මගේ මහත්තයාට මුකුත් වෙන්නේ නෑ..”

“එපා..මැණි ක..මං..ලගට ම වෙලා ඉන්න..යන්න එ..පා ..මාව දා..ලා..”කමල් අමාරුවෙන් ම වචන එකතු කරා..
නිරාශා කමල්ව තුරුලු කර ගත්තා…ඇයට කිරීමට කිසිවක් ඉතිරි වී තිබුනේ නෑ. ..

” මට ස..මාවෙන්න මැණික .පව්කාරයෙක් මං.”

” නෑ මහත්තයෝ නෑ ඔයා පව්කාරයෙක් නෙවේ..ඔයාට මුකුත් වෙන්නේ නෑ මහත්තයෝ ..බය වෙන්න එපා…”ඈ කමල්ව තුරුලු කරගෙනම එසේ කියන විටත්..කමල් මෙලොව හැර ගොස් සිටියා..
😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
……………………………………………………………

මත්ද්‍රව්‍යවලට ජීවිතේ යටත් කරගන්න දෙන්න එපා…සිතන්නට යමක්..ඉතිරි කරනවා ඔයාලට…මගහැරුන දේ නැවත ගන්න බෑ …වටිනම දේවල් මගහැරගන්න එපා ..කතාව කියෙව්වට ඔයාලට ගොඩක් ස්තූතියි 🙏🙏..ඔයාලගේ අදහස කමෙන්ට් කරගෙන යන්න කියලා ආදරයෙන් ඉල්ලනවා..😍😍 බුදුසරණයි හැමෝට ම…
😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

(දිනිති මලීෂා )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යා‍ව

Tue Jan 7 , 2020
දළ විශ්ලේෂණය සංස්කරණය ක්වොන්ටම් යන වචනය ලතින් භාෂාවෙහි එන වචනයකි. මෙයින් ඉතාමත් කුඩා අංශුවල යාන්ත්‍රික චලනයන්ට අදාලවේ. විකිරණ තරංග සොයාගැනීමෙන් පසුව ශක්ති පැකට් නම් භෞතික විද්‍යාවේ ඉතා වැදගත් සංකල්පයක් ගොඩනැගීම සහ පරමාණුක, උපපරමාණුක අංශු හඳුනාගැනීමද සිදුවිණි.මේනිසා භෞතික විද්‍යාවේ හා රසායන විද්‍යාවේ පැතිකඩයන් වන ඝන මූල භෞතික විද්‍යාව, පාෂාණීකෘත භෞතික විද්‍යාව, […]