ශරීර පිස්නා භාවිත කරමින් තැනූ කිඹුල් රුව

ශරීර පිස්නා භාවිත කරමින් කිඹුලෙකුගේ රුවක් නිර්මාණය කළ ශිල්පීන් කණ්ඩායමක් පිළිබඳ පුවතක් ඉන්දියාවේ පූනේ නගරයෙන් වාර්තා වුණි.

අදාළ නිර්මාණය සඳහා ශරීර පිස්නා 870ක් පමණ යොදාගෙන තිබූ බව සඳහන්.

ඉන්දියාවේ මහරාෂ්ත්‍ර ප්‍රාන්තයේ පූනේ නගරයේ වාසය කරන ඔරිගාමී ශිල්පීන් කණ්ඩායමක් ශරීර පිස්නා භාවිත කරමින් කිඹුලෙක් නිර්මාණය කළේය.

ඔවුන් මෙලෙස නිර්මාණය කර තිබෙන්නේ වඳවීයෑමේ තර්ජනයට මුහුණපා සිටින සියම් කිඹුලෙකුගේ රුවක්.

අඩි 51ක් දිගැති නිර්මාණය සඳහා ශරීර පිස්නා 870ක් පමණ යොදාගෙන තිබුණි.

අදාළ නිර්මාණය සම්පූර්ණ කිරීම සඳහා පැය තුනක කාලයක් ගතවී ඇති අතර ඔරිගාමි ශිල්පීන් හත්දෙනෙක් ඊට දායකවී තිබුණි.

මේ තුළින් නව ඉන්දීය වාර්තාවක් බිහිකිරීමටත් එම පිරිස උත්සහ දරා ඇතැයි සඳහන්.

වඳවීයෑමේ තර්ජනයට මුහුණපා සිටින සියම් කිඹුලන් පිළිබඳ සමාජය දැනුවත් කිරීම මෙම නිර්මාණයෙන් අපේක්ෂා කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

ශ්‍රි ලංකාවේ කලු කොටියා තවමත් වඳවී නොමැත

Sun Jan 19 , 2020
වඳවී යැයයි සැලකූ ඒක දේශික කලු කොටියා/දිවියා Black Lepord, Panthera Pradus Kotiya – Black ශ්‍රී පාද රක්ෂිතයෙන් මතුවෙයි. මේ සත්වයා වඩාත් ප්‍රියකරන්නේ අඳුරු ස්ථානවල වාසය කිරීමටය. දැන් හැත්ත බුරුත්තම මූ හොයන්න යන්න සූදානම් වන්න එපා..ශ්‍රී පාද වන විනාශය නවත්වමු. සත්වයා ස්වභාවිකව වර්ධනය වේවි වනයේ වර්ධනයත් සමග. https://m.youtube.com/watch?feature=youtu.be&v=JYnASfwpDNs#dialog