වුහාන් වලට ගිය අපේ වීරයෝ මෙන්න

වුහාන් නගරයෙන් පටන් ගත්ත කොරෝනා වයිරසය.. ලෝකේ අස්සක් මුල්ලක් නෑරම වැඩියෙන්ම ඇහුන වැඩියෙන්ම කතා කරපු වචන ටික…
කොරෝනා හැදුනොත් මැරෙන්න පුලුවන්ලු නේද?? මාර ඉක්මනට මේක පැතිරෙනවලු නේද?? අද හැමතනම කතා වෙන්නේ කොරෝනා ගැන…
වුහාන් වල ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ 30ක් විතර ඉන්නවලු නේද ?? උන් කතා කරන video දැක්කම දුක හිතෙනවා නේද මචං.. උන්ගේ fb post කියවද්දි මාර අවුල් නේද?? කොරෝනා වලට පස්සේ ලංකාවේ අපි කතා කලේ මේ ටික…
මේ වෙද්දි රටවල් කිහිපයක් වුහාන් වල ඉන්න තමන්ගේ වැසියන්ව ආපහු ගෙන්න ගන්න විවිධ වැඩ කටයුතු කරගෙන යනවා. අපිට හරි ආඩම්බරෙන් කියන්න පුලුවන් මේ පුංචි ශ්‍රී ලංකාවේ අපි අනිත් ගොඩක් රටවල් වලට කලින් ඒ වැඩේ කලා කියලා.
මෙන්න මේ වෙලවේ තමයි හැමදාම බැනුම් අහන විකුනලා දාන්න ඕනේ කියන Qatar Airways එක්ක Emirates එක්ක සංසන්දනය කරලා service එක මෙලෝ රහක් නෑ කියන ජාතික ගුවන් සේවය පිහිටට එන්නේ…
වුහාන් වල පාරේ බස් එකක්වත් යනනේ නැති මේ වෙලාවේ අපේ ගුවන් සේවය ගුවන් යානයක් යවනවා වුහාන් වලට. ඒ අපේ උන්ව ලංකාවට ආපහු එක්කගෙන එන්න..
“මොකක්?? වුහාන් වලට plane එකක් යැව්වා??? එතකොට කවුද මේ plane එකේ ගියේ??”
මේ plane එකේ ගියේ මේ ලෝකේ ඉන්න සියලුම මනුශ්‍ය වර්ගයා සේම බැදීම් තියන හැගීම් දැනීම් තියන කට්ටියක්. හැබැයි තමන්ට වඩා තමන්ගේ ජීවිතයට වඩා තවත් කෙනෙක්ගේ ජීවිතේ වටිනාකම දන්න කට්ටියක්….
මේ කට්ටිය අතර ඉන්නවා වැඩි දෙනෙක් නොදන්න ගුවන් යානා ඉංජිනේරු අංශයේ සේවය කරන කීප දෙනෙක්. ගුවන් නියමුවන් ඇතුලු ගුවන් කාර්‍ය මංඩලය. අපි දන්න වචන වලින් කියනවා නම් pilot and cabin crew. Cargo සහ load control අංශයේ කීප දෙනෙක් මේ අතර ඉන්නවා…
කෝටියක් දෙන්නම් උබ මම කියන මේ ලෙඩේ තියන තැනට ගිහින් වරෙන් කිව්වොත් කවුරු හරි යනවද???
මේ flight එකේ ගිය කාවවත් බලෙන් යැව්වේ නෑ. මේ සේරම ගියේ තමන්ගේ කැමත්තෙන්. අපේ එවුන් වෙනුවෙන්. 🙂🙂🙂
කොරෝනා වයිරසය ආසාදනය උන තමන්ගේ ලෙයින් උපන් දරුවෝ දෙන්නව ගුවන් තොටුපලේ දාලා යද්දි අපේ ගුවන් සේවය නියෝජනය කරලා අපේ අය යනවා කවදාවත් දැකපු නැති අයව අම්මා තාත්තා ලගට එක්කගෙන එන්න. ලංකාවට ආවාම මේ අය බාරගන්න ඉන්න ground handling අයත් කලින් වගේම මේ අවධානමට මූණ දෙනවා. ලංකාවට ආවාම සේරම අය quarntine කරලා තමයි සාමාන්‍ය සමජයට මුදා හරින්නේ. ඒ වැඩේට සති දෙකක කාලයක් යනවා. ඒ සති දෙක ඇතුලත මේ flight එක operate කරපු අයත් quarntine process එකට මූණ දෙන්න ඕනෙ. සති දෙකක් යනකල් හිත දෙගිඩියාවෙන් ඉන්න ඕනේ. අපේම අය අම්මා තාත්තා ලගට එක්කන් එන්න ගිහින් සති දෙකක් යනකල් දෙගිඩියාවෙන් තමන්ගේ දරුවෝ බිරිඳ අම්මා තාත්තා ගැන කල්පනා කර කර ඉන්න ඕනේ.
මුන්ට සල්ලි දෙනවානම් ඕනේ දෙයක් කරයි කියන පහත් තැනට වැටෙන්න එපා. ජාතික ගුවන්සේවයක වටිනාකම හෑල්ලුවට ලක් කරලා කතා කරන්න කලින් තව පාරක් කල්පනා කරලා බලන්න. මේ හැම කැපකිරීමක්ම කලේ අසරණ වෙලා ඉන්න අපේ උන් වෙනුවෙන්.
ගියා වගේම පරිස්සමින් ආපහු එන්න…
Proud to be a member Sri Lankan family.
#corona_virus_sri_lankan_airlines_to_wuhan#

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

කොරෝනා මැඩලීම හමූදාවට

Sat Feb 1 , 2020