ලොව කොටම මිනිසා මියයයි

ඇවිදීමට හැකිව තිබූ ලොව කොටම මිනිසා ලෙස ගිනස් වාර්තා පොතට එක්ව සිටි නේපාලයේ කගේන්ද්‍ර තාපා මාගා මියගොස් තිබෙනවා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 27 ක්. කගේන්ද්‍ර තාපා මාගාගේ උස වාර්තා වන්නේ අඩි 02.24 ක් ලෙසයි.

හදිසියේ වැළඳුනු නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් කගේන්ද්‍ර තාපා මාගා මියගිය බවයි ඔහුගේ පවුලේ ඥාතීන් පැවසුවේ. කගේන්ද්‍ර තාපා මගා ලොව කොටම මිනිසා ලෙස වාර්තා අතරට එක්වුණේ 2010 වසරේ යෙදී තිබුණු ඔහුගේ 18 වන උපන් දිනය දායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

මුරුංගා වල ගුණ

Sun Jan 19 , 2020
මුරුංගා එළවළු අතරින් විශිෂ්ටතම එළවළුව වශයෙන් හැඳින්විය හැකිය. මන්ද මුරුංගා එපමණට ම පෝෂ්‍යදායි ආහාරයක් වන නිසාය. කිසිම කෘෂි රසායනිකයක් එකතු නොකර, ස්වාභාවිකව වැවෙන මුරුංගා ගසේ කරල් පමණක් නොව මල්, පත්‍ර පවා ආහාරයට ගනු ලබන අතර ඒ සියල්ලම අතිශයින් ගුණදායක බව තහවුරු වී ඇත. මුරුංගාවල ඇමයිනෝ අම්ල සියල්ලම පාහේ අඩංගුය. මුරුංගා […]