ලැව්ගින්නේ බැට කෑ ඔස්ලියාවට සුළිකුණාටු

ලැව්ගිනි තත්ත්වයෙන් දැඩි බලපෑම් එල්ල වු ඔස්ලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට ඉදිරි දිනවල සුළිකුණාටු තත්ත්වයන්ගෙන් බලපෑම් එල්ල විය හැකි බවට එරට කාලගුණ විද්‍යා බලධාරීන් අනාවැකි පළකර තිබේ.

අද (19) සිට ඉදිරි දින 03ක කාලය පුරා මෙම අයහපත් කාලගුණ තත්ත්වයෙන් බලපෑම් ඇති විය හැකි අතර අධික වැසි හේතුවෙන් ජල ගැලීම්ද හටගනු ඇති බව ඔවුන් සඳහන් කර ඇත.

පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකින් වාර්තා වු ලැව් ගිනි තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව නිවාස දහස් සංඛ්‍යාවක් සහ අක්කර මිලියන ගණනක භූමි ප්‍රදේශයක් විනාශයට පත් විය.

එලෙස බලපෑම් එල්ල වු ප්‍රදේශ කිහිපයකටම මේ වනවිට වර්ෂාව ඇඳ හැලෙමින් පවතින නමුත් වික්ටෝරියා ප්‍රාන්තයෙන් ලැව් ගිනි 14ක් සහ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ලැව් ගිනි69ක් තවදුරටත් පැතිරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

සංචාරකයන්ට බලපෑම් කරන කටුනායක කුලී රියදුරන් අත්අඩංගුවට

Sun Jan 19 , 2020
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ සහ ඒ අවට තහනම් කළාපයේ අනවසරයෙන් රැදී සිටි පුද්ගලයින් 09 දෙනෙකු පසුගිය (17දා) පොලිස් විශේෂ කාර්යය බළකාය මගින් සිදු කළ හදිසි වැටලීමකදී අත් අඩංගුවට ගෙන තිබේ. වයස අවුරුදු 31 ත් 68 ත් අතර පසුවන මෙම පුද්ගලයන් , දේශීය සහ විදේශීය සංචාරකයන්ට ගුවන් තොටුපළෙන් […]