ලංකාවේ ඉන්නේ කොටියාද දිවියාද?

වසර කිහිපයකට පෙරාතුව, ශ්‍රී ලංකා වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රධානි‍යෙකුගෙන් ලද තොරතුරු වැරදි ලෙස වටහාගත් මාධ්‍යය ආයතනයක් විසින්, ශ්‍රී ලංකා කොටියා, tiger ලෙස පළ කර ඇත. පසුව වනජීවී දෙපාර්තමේන්තු‍වේ ප්‍රධානි‍යා විසින්, ශ්‍රී ලංකාව තුළ tiger වාසය නොකරන බවට කල ප්‍රකාශය, ලංකාව තුල ‘කොටි’ වාසය කරන්නෙ නැත, ලෙසට තවදුරටත් වැරදි ලෙස තේරුම් ගෙන ඇත. පුරාණ ප්‍රස්ථාව පිරුළක් වන “කැළේ මාරු වුනත් කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නෑ ” යන්න නිවැරදි සිංහල ව්‍යවහාරයට අනුව කොටියා සතුව පවතින්නේ පුල්ලි බවත් ඉරි පවතින්නේ ව්‍යාඝ්‍රයාට බවත් තහවුරු කරයි.

Panthera pardus kotiya යන්නෙන් පැහැදිලි වන පරිදි “කොටියා” සත්‍යවශයෙන්ම ශ්‍රී ලංකාව තුළ ස්වභාවික තත්‍ව යටතේ වාසය කරනු ලබයි. තව ද Panthera pardus diviya ලෙස ද හදුන්වන සත්‍යවයෙක් වාසය කරනු නොලබයි. මෙසේ ගැටළුකාරී තත්‍වයක් උදා වී ඇත්තේ, මිනිසුන් විසින් ඉංග්‍රීසි බසේ යෙදෙන, tiger යන්න කොටියා ලෙසත්, leopard යන්න දිවියා ලෙසත් භාවිතා කරන බැවිනි. නිවැරදි සිංහල භාවිතය අනුව tiger යනු ‘ව්‍යාඝ්‍රයා’ වන අතර leopard යනු ‘කොටියා’ වේ. තව ද ශ්‍රී ලංකාව තුළ දිවියා යන යෙදුම සියවස් ගනනාවක සිටම බළල් පවුලට අයත් තරමක් කුඩා ප්‍රමානයේ සතුන් සදහා පොදුවේ භාවිතා කර ඇත. උදා: හඳුන් දිවියා, කොළ දිවියා.

මෙම වැරදි වැටහීම් ඉතා තදින් භාවිතා වන බවට බව 2011-ජන්වාරි-23 ලංකාදීප පුවත් පතේ ඇති පුවත් 2 කින් සනාථ වෙයි. “සිංහරාජයට තවත් දිවියෙක් අහිමි වේයි යන පුවත යටතේ නිවැරදිව නීති විරෝධීව මරා දමන ලද දිවියෙක් පිලිබඳව වාර්තා කරන අතර “දිවියෙක් මිනිස් උගුලට දිවි පුදයි” යන පුවත යටතේ සැබෑ ලෙසම උගුලකට අසුවූ කොටියෙකු ගැන වාර්තා කරයි. එකම පුවත් පතේ වෙනස් සතුන් දෙදෙනෙක් ගැන එකම වචනය ( දිවියා) භාවිතා කරමින් වාර්තා කරයි. නමුත් ඉදිරිපත් කර ඇති ජායරූප වලින් අනතුරට පත් සතුන් දෙදෙනාගේ වෙනස පැහැදිලිව පෙනේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

කැබිනට් ඇමැතිවරු 16 දෙනාටම අභියාචනාධිකරණයේ නඩුවක්

Mon Jan 20 , 2020
පස් හා වැලි ප්‍රවාහනය සඳහා පනවා තිබූ බලපත්‍ර ක්‍රමය කැබිනට් පත්‍රිකාවක් මගින් නතර කිරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් කැබිනට් ඇමැතිවරු 16 දෙනාම වගඋත්තරකරුවන් ලෙස ඉදිරිපත් කරමින් ඉකුත් 17 වැනිදා අභියාචනාධිකරණයේ රිට් නඩුවක් ගොනු කර තිබෙනවා. 1992 අංක 33 දරන පතල් හා ඛනිජ සම්පත් පනතට ප්‍රකාරව පැවති පස් හා වැලි […]