රු.10,000ක් අල්ලස් ගත් පොලීසියේ දෙදෙනෙකුට වසර 28ක සිරදඬුවම්

රුපියල් දසදහසක මුදලක් (රු. 10,000) “අල්ලස් ලෙස ලබා ගැනීමේ” චෝදනාවට වරදකරු වු අරලගංවිල පොලිසියේ රාජකාරී කළ පොලිස් පරීක්‍ෂවරයකුට සහ කොස්තාපල්වරයකුට වසර 28 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා ජනවාරි 9 දින නියෝග කළේය. 2009 වර්ෂයේ සිදුවීමකට අදාළව අල්ලස් කොමිසමෙන් මෙම නඩුව පවරා තිබේ. 2009 වසරේ අරලගංවිල පොලිසියේ සේවය කළ අවස්ථාවේදී “නීති විරෝධී ලෙස ගෝන මස් තොගයක් ළඟ තබා ගැනීමේ” සිද්ධියක් සම්බන්ධ සැකකරුවකුට එරෙහිව නීති මගින් කටයුතු නොකිරීම සඳහා විත්තිකරුවන්ගෙන් රුපියල් 10,000 ක මුදලක් ඉල්ලා තිබීම මීට පාදක වී තිබෙනවා. ඒ අනුව විත්තිකරුවන් අල්ලස් කොමිසමට කළ දැනුම් දීමකට අනුව එම කොමිසමේ උපදෙස් ප්‍රකාරව එම මුදල අල්ලස් වශයෙන් ලබා දී තිබෙන අතර එය ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් එම සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගෙන තිබෙනවා. විත්තිකරුට එරෙහි චෝදනාවන් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට වසර 28 බැගින් නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 20,000/- බැගින් දඩ නියම කිරීමක්ද සිදු කළ අතර දඩ මුදල් නොගෙවුවහොත් තවත් මාස 04ක් බැගින් අමතර සිරදඬුවම් ද නියම කළේය. පසුගිය දිනෙක ව්‍යාපෘතියක් සඳහා රු. කෝටි 2ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ දී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් බව කියූ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ හිටපු දැව සංස්ථා සභාපතිවරයාට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ නඩුවෙන් වරදකරු වූ විත්තිකරුවන්ට ලැබුණේ වසර 20ක සහ වසර 12ක සිරදඬුවම් වීමද විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

ක‍ඩොලාන

Fri Jan 10 , 2020
ක‍ඩොලාන යනු අන්තර් උදම් කලාපය තුල ඵනම් ගොඩබිම සහ ජලය එක්වන මායිම් වන ගංගා මෝය සහ කලපු ආශ්‍රිතව වඩදියට යට වී බාදියට නිරාවරණය වන බිම් ප්‍රදේශයන්හි වැඩෙන සුවිශේෂී ශාකයකි.ඇතැම් ශාක සහ සත්ත්ව වි‍ශේෂ වලට රැකවරණය සපයන නිවහනක් ලෙස කඩෙලාන ශාක ප්‍රජාව වැදගත් වේ. නීරක්ෂීය වෙරළබඩ තීරුවෙන් 2/3 ක් පමණ කඩොලාන ප්‍රජාව […]