රුසියාවට නව අගමැතිවරයෙක්

මීට දිනකට ඉහතදී කිසිවෙකු අපේක්ෂා නොකළ අයෙක් අගමැති වශයෙන් රුසියාවට ලැබී ඇත. දිගු කළක් එම ධුරයේ සිටි දිමිත්‍රි මෙද්වේදෙෆ් ගේ අනුප්‍රාප්තිකයා වූ ඔහු ගැන මේ වනතෙක් වැඩිදෙනා දැන නොසිටියහ.

එපමණක් නොව, ජනාධිපති ව්ලදිමීර් පූතින් එරට ව්‍යවස්ථාවට විශාල වෙනස්කමක් එක් කිරීමට ගත් පියවර ඔහුගේ “සංක්‍රාන්තිය” අරඹන්නක් ලෙස පෙනෙන්නට තිබේ. එමගින් බොහෝ දෙනා අපේක්ෂා කළ පරිදි, 2024 දී ක්‍රෙම්ලිනයෙන් නික්ම යනවිටත් පූතින් සතුව බලපෑම් කිරීමේ හැකියාව තබා ගැනීමේ සැලසුමකි.

එම සැලසුමේ විස්තර මෙතෙක් පැහැදිලි නැතත්, මේ සතිය තුළ කරන ලද වෙනස්කම්වලින් කුතුහලය දනවන සුලු අලුත් ඉඟි ගෙන දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

මෙතෙක් සොයාගත් පැරණිම උල්කාපාතයක්

Sun Jan 19 , 2020
මිහිපිට මෙතෙක් සොයාගෙන ඇති පැරණිතම ද්‍රව්‍ය සහිත භෞතික වස්තුව ලෙස සැලකෙන උල්කාපාතයක් විද්‍යාඥයෝ විශ්ලේෂණය කරමින් සිටිති. හැටේ දශකයේ දී පොළොවට පතිත වී ඇති මෙම අජටාකාශ පාෂාණය තුළ තිබී සොයා ගත් දුහුවිලි කැට වසර බිලියන 7.5ක් තරම් ඉපැරණි ය. අපගේ සෞරග්‍රහ මණ්ඩලය බිහිවීමටත් පෙර සිට මෙම දුහුවිලි කැට එකට ගොනු වී […]