රම්ප් ගේ හිස රැගෙන එන අයෙකුට ඩොලර් මිලියන 80ක් – ඉරානය මිළ නියම කරයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ හිස රැගෙන එන අයෙකුට ඩොලර් මිලියන 80 ක ප්‍රදානයක් ලබා දීමට ඉරාන ජනතාව කැමැත්ත පළ කරනවා.

ජනරාල් කාසිම් සුලේයිමානි ගේ උපන් ගම්මානය වෙත රැගෙන එන අවස්ථාවේදී එහි රැස්ව සිටි පිරිස් කියා සිටියේ මිලියන 80 ක් වන ඉරාන වැසියන් ගෙන් එක් අයෙකු ඩොලරය බැගින් එකතු කොට ජනාධිපති ට්‍රම්ප් ගේ හිස රැගෙන එන අයෙකුට ලබා දීමට සුදානම් විය යුතු බවයි.

මේ අතර 2015 න්‍යෂ්ටික ගිවිසුම මගින් පනවා ඇති කිසිදු සීමාවකට තවදුරටත් යටත් නොවන බව ඉරානය නිවේදනය කර සිටිනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඉරානය කියා සිටියේ සිය න්‍යෂ්ටික බලය සීමා කිරිම සදහා ඒවායේ නිෂ්පාදන, පර්යේෂණ සහ සංවර්ධනය සම්බන්ධයෙන් කිසිදු සීමාවක් නොපමුනවන බවයි.

ටෙහෙරානයේ පැවති කැබිනට් හමුවේදි ඊයේ මෙම තිරණය ගෙන තිබෙනවා.

ඉරාන හමුදා ප්‍රධානි ජනරාල් කාසෙම් සුලෙයිමානිව අමෙරිකාව විසින් ඉරාකයේදි ඝාතනය කිරිමත් සමග රටවල් දෙක අතර උණුසුම්කාරි වාතාවරණය තවත් ත්‍රිව වී තිබෙනවා.

මේ අතර ඉරාකයේ බැග්ඩෑග් හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර 04ක් එල්ල්වි තිබෙනවා. එම මිසයිල ප්‍රහාරයන් අමෙරිකානු තානාපති කාර්යාලය අසලටම පතිත වි ඇති අතර සිදුවිමෙන් කිසිවෙකුටත් හානි සිදුවු බවට මේ දක්වා වාර්තා වී නැහැ.

ඉරානය කිසියම් අයුරකින් අමෙරිකාවට අයත් දේපළකට හෝ පුද්ගලයෙකුට හානියක් සිදුකලහොත් කිසිදු පෙර දැනුම් දීමකින් තොරව ප්‍රති ප්‍රහාර එල්ල කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් මගින් දැනුම් දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

සිංදුවක තේරුම - කන්ද පිරිමැද පිරිමැද

Mon Jan 6 , 2020
අද ගෙනාවෙ ගොඩාක් අය වැරදියට තේරුම් ගතපු සිංදුවක තේරුම.. මේක කියවන්න කලින් ටිකක් හිතන්න මේ සිංදුවේ තේරුම ඔයා කොහොමද තේරුම් ගත්තේ කියල..එතකොට වැඩේ තවත් ලේසි වෙයි..❤️ “කන්ද පිරි මැද පිරිමැද පිරිමැද.. ලන්ද මුදුනට මුදුනට මුදුනට.. ඒවි හද පායලා..” ගායනය : සේනානායක වේරලියද මෙතනදි ගොඩාක් අය හිතන්නේ නංගියෙක්ට පන්සල් යන්න කථා […]