රනිල් තනිවේ

බිහිකිරීමට නියමිත නව සන්ධානයේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලුම සුළු පක්ෂවල නායකයන් තීන්දු කර තිබෙනවා.

ඊයේ (17) දහවල් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මෙම රැස්වීමේදී පක්ෂ නායකයන් එම තීන්දුවට එළැඹ තිබුණා.

ඊට චම්පික රණවක, රවුෆ් හකීම්, මනෝ ගනේෂන් සහ පලනි දිගම්බරම් යන මහත්වරු සහභාගි වී සිටියා.

මීට අමතරව කරු ජයසූරිය මහතා ඇතුළු සියලුම ජ්‍යෙෂ්ඨ නායකයන් එම සන්ධානයට එක්කර ගැනීම සඳහා වහාම සාකච්ඡා ආරම්භ කිරීමටත් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය ඉදිරියට පිලි නොගැනීමටත් මෙහිදී තීන්දු කොට තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

රෝස ඩොල්ෆින් පැටවෙක් නැවතත් මිහිතලයට

Sat Jan 18 , 2020
අපි හැමෝම ඩොල්ෆින්ලට ගෝඩක් කැමති මොකද එයාලා මිනිස්සු එක්ක ගොඩක් හිතවත් හා බුද්ධිමත් නිසා. ඒත් ඔයාලා දැකලා තියෙන්නේ අලුපාට ඩොල්ෆින්ලා විතරයිනේ. මේ වාර්තාව ගේන්නේ රොස පාට ඩොල්ෆින් කෙනෙක් ගැන.මෙයාලා ඉන්නේ චීනයේ හොං කොං වල. දුර්ලභ රෝස ඩොල්ෆින් මවක් වන පිංකී ඇගේම රෝස පැටවෙකු බිහි කරන ලදි. ඇය ජනප්‍රිය වූයේ මීට […]