රන්ජන්ව එජාපයෙන් නෙරපයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා එක්‌සත් ජාතික පක්‍ෂයෙන් නෙරපා හැරීම ලබන බදාදා (16 ) රැස්‌වන කණ්‌ඩායම් රැස්‌වීමෙන් පසු සිදුකරන බව හිටපු ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා.

හඬපට තොගයක්‌ රන්ජන් රාමනායක මහතාගේ නිවසින් හමුවීමේ සිද්ධියෙන් පසු ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජයවික්‍රම පෙරේරා මහතා මේ බව කියා සිටියා.

“මේ මනුස්‌සයා කරපු වැඩෙන් දේශපාලන වශයෙන් මෙන්ම රට තුළ විශාල ප්‍රශ්නයක්‌ ඇති වුණා. පක්‍ෂය තුළ ඉඳගෙන රන්ජන් කරපු වැඩේ අපට අනුමත කරන්න බැහැ.

ඔහු තවදුරටත් පක්‍ෂයේ රඳවා ගන්නේ නැහැ. ලබන බදාදා පක්‍ෂ කණ්‌ඩායම ස්‌ථිර වශයෙන් තීරණයකට එළඹෙනවා. දැනටමත් පක්‍ෂයේ අය මේ ගැන දැඩි තීරණයක්‌ අරගෙන ඉන්නේ” යයි ද ජයවික්‍රම පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළා.

පක්ෂයෙන් ඔහුව නෙරපීමත් සමග බැඳුම්කර වංචාවට සම්බන්ධ හඬපට සහ තවත් පක්ෂයේ දුෂණවලට සම්බන්ධ හඬ පට රැසක් රන්ජන් විසින්ම ප්‍රසිද්ධ කරනු ඇති බට ද වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

අද වැනි දිනක සිදුවීම් - ජනවාරි 11

Sat Jan 11 , 2020
1693 – ප්‍රබල භූමිකම්පාවකින් සිසිලියේ සහ මෝල්ටාවේ සමහර ප්‍රදේශ විනාශ විය. 1759 – පෙන්සිල්වේනියාවේ ෆිලඩෙල්ෆියා හි පළමු ඇමරිකානු ජීවිත රක්ෂණ සමාගම සංස්ථාගත කරන ලදී. 1779 – චිං-තං කොම්බා මනිපූර්හි රජු ලෙස කිරුළු පළඳී. 1787 – විලියම් හර්ෂල් යුරේනස් චන්ද්‍රයන් දෙදෙනෙකු වන ටයිටේනියා සහ ඔබෙරොන් සොයා ගත්තේය. 1805 – මිචිගන් ප්‍රදේශය […]