මෙතෙක් සොයාගත් පැරණිම උල්කාපාතයක්

මිහිපිට මෙතෙක් සොයාගෙන ඇති පැරණිතම ද්‍රව්‍ය සහිත භෞතික වස්තුව ලෙස සැලකෙන උල්කාපාතයක් විද්‍යාඥයෝ විශ්ලේෂණය කරමින් සිටිති.

හැටේ දශකයේ දී පොළොවට පතිත වී ඇති මෙම අජටාකාශ පාෂාණය තුළ තිබී සොයා ගත් දුහුවිලි කැට වසර බිලියන 7.5ක් තරම් ඉපැරණි ය.

අපගේ සෞරග්‍රහ මණ්ඩලය බිහිවීමටත් පෙර සිට මෙම දුහුවිලි කැට එකට ගොනු වී තාරකා බවට පත්වී පැවතිණි.

මෙම උල්කාපාතය පිළිබඳව විමර්ශනය කරන කණ්ඩායම සිය ප්‍රතිඵල වාර්තාව Proceedings of the National Academy of Sciences සඟරාවේ පළ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

නව මදුරු විශේෂයක් ලංකාවෙන් සොයාගැනේ

Sun Jan 19 , 2020
රෝග වාහකයෙකු විය හැකි බවට සැක කෙරෙන නව මදුරු විශේෂයක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. කියුලෙක්ස් (Culex) ගණයට අයත් ‘near inful’ ලෙස හඳුන්වන මෙම මදුරුවා [Cx.sp near infula] මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් අඹේපුස්ස ප්‍රදේශයෙන් පළමු වරට සොයා ගැනීමට හැකිවූ බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීහු පවසති. […]