මෙක්සිකෝවේ 7.1 ක භූමිකම්පාවක් 273 ක් මරුට

සියවසේ විශාලතම – 273 මියගිය

මධ්‍යම මෙක්සිකෝවේ රික්ටර් මාපක 7.1 ක විශාල භූමිකම්පාවකින් 273 දෙනෙකු මියගොස් 1,900 ක් තුවාල ලබා ඇති අතර අගනුවර වන මෙක්සිකෝ නගරයේ ගොඩනැගිලි සිය ගණනක් කඩා වැටී ඇත.

දේශීය වේලාවෙන් දහවල් 1.15 ට මෙම භූමී කම්පාව සිදුවී ඇත.

මෙක්සිකෝ නගරයේ පාසලක් කඩා වැටීමෙන් ලමුන් 22 මිය ගොස් ඇති අතර එහිදී පුද්ගලයින් 48 දෙනෙකු අතුරුදන් වී ඇති බව වාර්තා වේ.

32 හැවිරිදි මවක් වන එක් කාන්තාවක් වාර්තාකරුවන්ට පැවසුවේ “ඔවුන් ළමයින්ව එලියට අදිනවා, නමුත් අතුරුදහන් වී ඇති මගේ දුව ගැන කිසිවක් දන්නේ නැහැ.”

වයස අවුරුදු 5 ත් 16 ත් අතර ළමුන් සඳහා පාසලේ සෙවීමට උදව් කරන ස්වේච්ඡා සේවකයන්ගෙන් එක් අයෙකු වන ඩේවිඩ් පෝරාස් පැවසුවේ “සිරවී සිටින ලමුන් බොහොමයක්ගේ ජීවිතය බේරා ගැනීමට තම උපරිම උත්සහ දරන බව හා ලොකු බලාපොරොත්තුවක් ඇති බවයි.”

කෙසේ වෙතත් පාසලේ සිරවී සිටින බොහෝ දෙනෙක් ජීවතුන් අතර සිටින බව විශ්වාස කෙරේ. සමහරු තම දෙමාපියන්ට පණිවුඩ යැවීමට සහ බේරාගත් අයට ඒවා සොයා ගැනීම පහසු කිරීම සඳහා වට්ස්ඇප් භාවිතා කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

කොරෝනා වෛරසය චීන නිෂ්පාදනයක්?

Tue Jan 28 , 2020
මාරාන්තික කොරෝනා වෛරසය ගෝලීයව ව්‍යාප්ත වී ඇත්තේ චීනයේ රහසිගත ජීව විද්‍යාත්මක අවි වැඩසටහනට සම්බන්ධ වූ වුහාන්හි රසායනාගාරයකින් බව ඊශ්‍රායල ජෛව විද්‍යාත්මක යුද විශේෂඥවරයෙක් පවසයි. චීනයේ වඩාත්ම දියුණු වෛරස් පර්යේෂණාගාරය වන්නේ වුහාන් වෛරස් විද්‍යා ආයතනය බවත්, මාරාන්තික වෛරස් සමඟ වැඩ කිරීමේ හැකියාව ඇති චීනයේ ඇති එකම ස්ථානය මෙය බවත් ඔහු සඳහන් […]