මූසල සිහිනය

මූසල සිහිනය… 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖 ” සුදු මහත්තයා …අනේ කෝ නැගිටින්න දෙන්නකෝ මට..කෝ ඔෆිස් යන්න ඕනි නේ..අද කන්නේ නැද්ද ආ..මට උයන්න ඕනි මැට්ටෝ..” 😍රිතූ එහෙම කිව්වත් අභිශේක් ඇයගේ ගෙල වටා දමා තිබූ ඔහුගේ අත ඉවතට නොගෙන ඈ තව තවත් තම තුරුලට ගත්තා.."බෑහ්..බෑහ් ..බෑහ්..මට නිදිමතයී.." “එතකොට ඔෆිස් යන්නෑහ්..😲😲” රිතූ එහෙම ඇහුවේ හිත යටින් සතුටු වෙමින්.. අභිශේක් පුද්ගලික ආයතනයක රැකියාව කල අයෙක්..ඔහු රැකියාව නිසා සෑම විටෙක ම කාර්‍යබහුලව සිටියා..ඒ නිසා ම රිතූට තනිකම හුරුපුරුදු දෙයක් උනා .. ………………………………………………………….. ” මම යනවා මැණික ..පරිස්සමින් ඉන්න හොදද..බුදුසරණයි ..”😘😘😍"පරිස්සමින් මහත්තයෝ ..අනේ හුගක් පරිස්සමෙන් ඉන්න හොදද..මම් නරක හීනෙකුත් දැක්කා ..ඒ නිසා හුගක් පරිස්සමෙන් හොදද..හිමීට ඩ්‍රයිව් කරන්න..." "හෝව් හෝව්...මෙතනිම් වාඩිවෙන්නකෝ ..කෝ බලන්න..ඔක්කොටම කලින් කියන්නකෝ..මගේ සුදු නෝනා දැකපු නරක හීනේ මොකක්ද.."අභිශේක් දන්නවා රිතූ හැමදේට ම බයවෙනවා කියලා..තව එක හේතුවක් තිබුනා .ඒ රිතූ එහෙම නරක හීන දැක්ක දවසට විනාඩි 15 න් 15ට තම දුරකථනයට සැනසීමක් නැති වෙන බව..මොකද අභිශේක්ට එවැට අත්දැකීම් නැතිවාම නොවෙයි..ඈ විනාඩි 15 න් 15ට තමාට ඇමතුම් ගන්න බව අභිශේක් දන්නවා.. " අනේ මම ගැරඩියෙක්ව හීනෙන් දැක්කා මහත්තයෝ ..ඊයා ඌ මගේ ඇගේ ම එතිලා මගේ බෙල්ල කෑවා.."😒😒😒😣😣😣 " මොකක්..මේ ගැරඩියෙක් දැක්කා?? ..🤣🤣🤣මේ ගැරඩිය දැක්කටද මෙච්චර බය වෙලා තියෙන්නේ...මේහ් සුදු නෝනා .අනිත් දවසේ දකිනකොට ඔයිට වඩා හොද සතෙක්ව හීනෙන් දකින්න අප්පා..🤣🤣ගැරඩියෙක් හීනෙන් දැක්කම..අපිට කරදරයක් වෙනවනම් ...සිංහයෙක් දැක්කොත්..මැරිලම යයිනේ මැට්ටියේ.🤣.විකාර අදහස් හිතෙන් අයින් කරලා දාන්න හොදද..ඕවා මන්ස්ගාත .."😏😏 ඇයගෙ හිතේ තියෙන බය නැති කරන්න අභිශේක් උත්සාහ කරා..ඒත් රිතූගේ බය නැති උනේනම් නෑ ... "මම් යනවා ඔන්න .පරිස්සමෙන් ඉන්න සුදු නෝනා .."ඇයගේ නලළ සිපගත් අභිශේක් තම කාරය වෙත පියමනින්න උනා.. "මහත්තයො...."නැවතත් අභිශේක් අසලට දිව ගිය රිතූ..අභිශේක්ට දණගසා වැන්දා ..රිතූ නැවතත් ඔහුව තුරුල් කරගත්තා.. " බුදුසරණයි මැණික .." "බුදුසරණයි මහත්තයෝ .පරිස්සමෙන් ඉන්න .."අභිශේක්ගේ කාරය නොපෙනී යනතෙක් ම පාර දෙස බලා සිටි රිතූ ගේ ඇතුලට ආවා..ඇය තම සිහිනය ගැනම සිතන්නට උනා..ඒ නිසාම ඇයට ගේට්ටුව වසා දැමීමට පවා අමතක උනා.. ………………………………………………………….. ☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️
” සුදු මහත්තයා …පරිස්සමෙන් ආවා නේද ඔෆිස් එකට..”" මැණික..එහා වත්තේ නෙමී නේද ඔෆිස් එක තියෙන්නේ ..මම තාම යනවා මැට්ටියේ..." "ආ..ඔව්නේ..හා..පරිස්සමෙන් මහත්තයෝ ..බුදුසරණයි .." "බුදුසරණයි මැණික ." ………………………………………………………….
☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️
“සුදු මහත්තයා ..ඔෆිස් එකේ නේද ඉන්නේ..”" ම්ම්ම්...දැං ඔෆිස් එක ලග ඉන්නේ මැණික.." " හා ඒනම් පරිස්සමෙන් ඇතුලට යන්න සුදු මහත්තයෝ .." "හරි මැණික " " බුදුසරණයි මහත්තයෝ ..පරිස්සමෙන් .." ” බුදුසරණයි මැණික ..” ……………………………………………………………
☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️" මහත්තයෝ ..කෑවද.."😍 ” ආපු ගමන් කන්න පුලුවන් ද මැට්ටියේ..11විතර වෙනවනේ මම් කනකොට..ඔයා දන්නවනේ සුදු නෝනා ඒක..”🤣 “හ්ම්ම්ම්ම්ම්…හ්ම්ම්ම්ම්..මට බය හිතෙනව මහත්තයෝ ..ඒකයී..”
😒
“හරී මම පරිස්සමෙන් ද කියලා නේද බලන්න ඕන..ඔව්ව් ඔව්ව් මැණික මම් පරිස්සමෙන් ඉන්නේ..ඔන්න හරිනේද..දැම් බය නෑ නේද..”😍😍 “ම්ම්ම්ම්..ඔව් මහත්තයෝ ..ඒත් පරිස්සමෙන් හොදද මොකක් කරත්..” 😍 ” හරී මැණික ..මම තියන්නද ..වැඩ ගොඩ ගැහිලා..”😣" හා මහත්තයෝ . පරිස්සමෙන් ඉන්න .බුදුසරණයි ..." 😘😘😘 “හරි මැණික ..”
😍
………………………………………………………….. ☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️ ” සුදු මහත්තයෝ …මේ..මේ…” 😒 ” ආ…මතක් වෙන්නේ නැද්ද පැටියෝ අහන්න මොකක් හරී..දැනගන්න ඕන මම හොදින්ද කියලා නේද..ඔව්ව් මං හොදින්..කෝල් ගන්න එපා මැණික .මුන් මෙ නෝන්ඩි කරනවා මට .තාම මැරි කරන්න කලින් වගේ ද කියලා ..” ” හ්ම්ම්ම්ම්…එහෙනම් කමක් නෑ මහත්තයෝ ..පුලුවන් උන ගමන් ම මට කෝල් එකක් ගන්න..අනේ මම් බලාගෙන ඉන්නවා …අනේ හුගාක් පරිස්සමෙන් ඉන්න මහත්තයෝ ..බුදුසරණයි මගේ මහත්තයට..”" හ්ම්ම්ම් හ්ම්ම්ම්ම්...." ………………………………………………………….. රිතූගේ මේ කෝල් කිරිල්ල නිසාම ස්ටාෆ් එකේ හැමෝම අය අභිශේක්ට විහිලු කරන්නට උනා..ඒ නිසා ම රිතූගේ කෝල් කිරිල්ල අභිශේක්ට වදයක් වෙලා තිබ්බා.. ………………………………………………………….. අභිශේක් ආයේ කෝල් ගන්න එපා කියූ නිසා රිතූගේ හිත ටිකක් රිදුනා ..මොකද අභිශේක් ඇයට මීට පෙර එසේ පවසා තිබුනේ නෑ ..ඇයට කිරීමට කිසිදු දෙයක් තිබුනේ නෑ ..ඒ නිසාම කොට සායක් හා ස්කිනර් එකක් ඇද ගත් ඈ ඇදට වැටුණා.. ටික වෙලාවකින් ඇයටත් නොදැනීම නින්ද ඇයව වැලද ගෙන තිබුනා... ………………………………………………………………. ගොරෝසු අතක ස්පර්ශයත් සමගම ඈ ගැස්සී ඇහැරුනා…ඇද පාමුල සිටගෙන සිටියේ ඈ කිසිදිනෙක දැක නොසිටි දැකීමෙන් පවා බිය උපදවන කලු මිනිසෙක්..ඔහු ඇගේ නිරුවත් කකුල ස්පර්ශ කරමින් සිටියා..පරණ බෝතල් පත්තර මිලට ගන්නා පුද්ගලයකු වූ ඔහු විවර වී තිබූ ගේට්ටුව නිසා ඇතුලට පැමින තිබුනා. ඇයට දොර වසා දැමීමට පවා අමතක වූ නිසා ඔහුගේ කාර්‍ය තවත් පහසු වී තිබුණා..කතා කළද කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ නිසා ඔහු නිවස තුළට පැමින තිබුණා." ඒයී..තමුසේ කව්ද..මොකද තමුසේ මෙතන කරන්නේ..යනවා යන්න ..නැත්තම් මම පොලීසියට කෝල් කරනවා..😡" තම බිය යටපත් කර ගනිමින් රිතූ එසේ පැවසුවා ..ඒ කිසිවක් නොඇසුනා සේ සමච්චල් සිනාවක් පා කර හැරි ඒ පුද්ගලයා..නැගිට ගොස් කාමරයේ දොර වසා දමමින් තම කමිසයේ බොත්තම් එක එක මුදා හරින්නට උනා.. සිදුවන්නට යන විනාශය වටහා ගත් රිතූ තම උපරිම ශක්තිය යොදා උදව් ඉල්ලා කෑගැසීමට උත්සාහ කරනවාත් සමගම වහා ක්‍රියාත්මක වූ මේ නරුමයා ඇගේ කට ,තම අතින් තදින් වසා ගත්තා ..පසුව ඇගේ ඇදුම් ඇද ඉරා දැමුවේ ඇයට කිසිවක් කිරීමට අවස්තාවක් ලබා නොදෙමින්..පසුව ඇයව තම ග්‍රහණයට නතු කරගෙන ඇයව කෙළසා දැමුවා..ඇද අසල ම වූ වීදුරු පෝච්චිය අතට ගත් ඒ නරුමයා එය බිත්තියේ ගසා ඉන් රිතූගේ කුසට පහර පිට පහර එල්ල කරන්නට උනා..පසුව ඒ නරුමයා කිසිවක් සිදු නොවූ අයුරින් නිවසින් පිටවී ගියා ... ……………………………………………………………..
දරාගැනීමට නොහැකි වූ අධික වේදනාවක් තිබුනද මහත් පරිශ්‍රමයක් දරා බිම වැටී තිබූ දුරකථන අතට ගත් රිතූ තම සැමියා වූ අභිශේක්ට ඇමතුමක් ගත්තා..
රිතූගේ ඇමතුම දුටුවද..අද දිනයේ ඈ තමාට ඇමතුම් ගන්නේ තමා පරිස්සමෙන් දැයි දැන ගැනීමට බව දන්නා නිසාම ඇයගේ ඇමතුම නොසලකා හැරියා..ඇමතුම් දෙක තුන වෙද්දී අභිශේක්ට සියුම් කේන්තියක් ආවද ඒඇමතුමට ඔහු ප්‍රතිචාර දැක්වූවා.." මං හොදින්..වැඩ ගොඩක ඉන්නේ මැණික..ගන්න එපා."..එසේ කියා දුරකථන තබන්න සැරසෙනවාත් සමග ම ඔහුට ඇසුනේ රිතූගේ වේදනාත්මක කටහඩයී.. " ම..හ.ත් ..තයෝ.."😣 ” සුදු නෝනා ..මොකද උනේ..ඇයි ඔහොම කතා කරන්නේ..!"ම .ට.. ස.. මාවෙන්න මහත්තයෝ ...අහ්..අහ්.මට ය ..න් ..න වෙලාව හ..රි මහත්තයෝ ..😥😥 " මේ සුදු නෝනා ..විහිලු කරන්න එපා හරිද. .මොනවද කියන්නේ .." මීට පෙරත් තමා අසනීපෙන් බවත් ඉක්මනට නිවසට එන ලෙසත් පවසා ඈ කල විහිලුව ඔහුට මතක් උනා.. " මාව රේ...ප් ක.රා ම.හ.ත්තයෝ..ඌ වීදුරුවකින් ඇ .න් නා මට..😥😥 "මොකක්.."😮😮😮 එවරනම් විහිලුවක් නොවන බව ඔහුට තේරුම් ගියා.." ම..ට..මැරෙන්න වෙ..න්නේ කිලි...ටි ගෑනියෙ..ක් වෙලා..ම..හත්තයෝ. ස මා..වෙන්න ම.ට..මට මු.කු.ත් ම කරගන්න බැරි උනා..😥😥😥😥😥😥😥😥😥😥 ඇයට පැවසීමට හැකි උනේ එපමණයී..අධික රුධිර වහනය නිසා ම ඈ මරු වසගයට නතු උනා..
😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
……………………………………………………………. “සුදු නෝනා…කෝ කතා කරන්න මැණික..මම ආවා..අනේ නැගිටින්න වස්තුවේ.. අපි යමු ඉක්මනට බෙහෙත් ගන්න..මගේ සුදු නෝනාට මුකුත් ම වෙන්නේ නෑ..” ඈ මෙලොව හැර ගොස් බව නොදත් අභිශේක් ඇයව රෝහලකට රැගෙන ගියා..ඈ පරීක්ෂා කල වෛද්‍යවරුන් "සොරි මිස්ටර්..ඔයාගේ වයිෆ් මේ වෙනකොටත් ජීවතුන් අතර නැහැ.."😥 " මොකක්ද උබ කිව්වේ..නෑ නෑ..මගේ මැණිකට එහෙම කරන්න බෑ යකෝ..😡" වෛද්‍යවරයා තල්ලු කර දැමූ අභිශේක් රිතූ වැළද ගෙන ම විලාප තබමින් හඩන්නට උනා.. "අනේ මැණික..නැගිටින්න..අනේ මාව දාලා යන්න එපා වස්තුවේ..මම කොහොම ද ඔයා නැතුව ඉන්නේ..අනේ සුදු නෝනා ..ඔයා ඕන තරම් කෝල් ගන්න වස්තුවේ ..මම ආයේ ආන්සර් කරන්නේ නැතුව ඉන්නෑ..අනේ නැගිටින්න සුදු නෝනා ...මේ දොස්තරයා කියන්නේ බොරු මැණික ..මුන්ට පේන්නම නැගිටින්න මැණික ..අනේ...හ්...." අභිශේක් කොපමණ කීවත්..ඈ නිසොල්මනේ ම කිසිදිනෙක යලි නො ඇහැරෙන සුවනින්දකට වැටී තිබුනා..😥 ………………………………………………………….. අසල තිබූ නිවසක වූ cctv කැමරාවක සටහන්ව තිබූ පාපතරයාගේ රුව ඔස්සේ පරීක්ෂණ ආරම්භ කළ පොලීසියට ඒ පව්කාරයාව කොටු කර ගත හැකි උනා..ඔහුට 20වසරකට බරපතළ වැඩ සහිතව සිර දඩුවම් නියම වූ අතර.වසරකට පසු ඔහුව තවත් බන්ධනාගාරයකට මාරු කරන්නට උනා…ඔහු එම බන්ධනාගාරය වෙත රැගෙන යන දිනයේදී බුර්කාවකින් සැරසී මහමග රැදී සිටි අභිශේක්ගේ පිහි පහරවල් හමුවේ ඒ පාපතරයාටද මරණය උරුම උණා…මිනීමැරුම් චෝදනාවට වැරදිකරු වූ අභිශේක්ට සිරදඬුවම් නියම උනා.නමුත් තම බිරිද මැරූ පළිය ගත් නිසා ඔහුට තිබුනේ කියාගත නොහැකි සැනසීමක්..
💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
………………………………………………………….. කතාව කියවපු ඔයාලා හැමොට ම ගොඩක් ස්තූතියි ..🙏🙏සිහිනවලින් පෙනෙන දේ ඇත්තක් ද නැද්ද කියන්න මම දන්නේ නෑ…මේක නිර්මාණයක් නිසා සිහිනවලින් යම් ඉගියක් ලබා දුන් විදියට නිර්මාණය කරන්න උනා..කතාව ගැන ඔයාලගේ අදහස යටින් කමෙන්ට් කරන්න..මේ කතාව වගේම..මගේ අනිත් කෙටිකතා කියවපු..ලයික් ,කමෙන්ට් ,ශෙයා කරපු හැමොට ම අයෙත් ස්තූතියි ..වැරදි අඩුපාඩු ඇතී..ඒ අඩුපාඩු පෙන්නලා දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා..සිතන්නට යමක් ඉතිරි කරනවා ඔයාලට…තවත් කතාවකින් ආයේ එන්නම්..එතකම්..පරිස්සමෙන් ඉන්න හොදේ…බුදුසරණයි …💖😘😘😘😘😘💖(දිනිති මලීෂා )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

අද වැනි දිනක සිදුවීම් - ජනවාරි 9

Thu Jan 9 , 2020
1916 – පළමුවන ලෝක යුද්ධය: අන්තිම මිත්‍ර හමුදා අර්ධද්වීපයෙන් ඉවත් කරන විට ගැලිපොලි සටන ඔටෝමාන් අධිරාජ්‍යයේ ජයග්‍රහණයත් සමඟ අවසන් විය.1917 – පළමුවන ලෝක යුද්ධය: පලස්තීනය සමඟ ඊජිප්තු දේශ සීමාව අසල රාෆා සටන සිදු විය.1918 – වලස් නිම්න සටන: ඇමරිකානු ඉන්දියානු යුද්ධයේ අවසාන සටන.1921 – ග්‍රීක-තුර්කි යුද්ධය: යුද්ධයේ පළමු සටන වන […]