මිනිසුන් රහිත කැප්සියුලයක් මඟින් කළ අත්හදා බැලීමක්

අභ්‍යවකාශ මෙහෙයුම්වලදී ගගනගාමීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අමෙරිකාවේ ස්පේස් එක්ස් ආයතනය අපුරු අත්හදා බැලීමක් සිදුකර තිබේ.

අමෙරිකාව, අභ්‍යවකාශය තරණය කිරීමේ තවත් පියවරක් ඉදිරියට තබා තිබේ.

ඒ අනුව මිනිසුන් රැගත් අභ්‍යවකාශ කැප්සියුලයක් සහිත රොකට්ටුවක් දියත් කිරීමෙන් පසුව මතුවන හදිසි අවස්ථාවකදී ගගනගාමීන්ගේ ජීවිත ආරක්ෂා කර ගත හැකි ක්‍රමවේදයක් අත්හදා බැලීමට ස්පේස් එක්ස් ආයතනය කටයුතු කළේය.

එවැනි මෙහෙයුමක පවතින අවදානම් සහගත ස්වභාවය සැළකිල්ලට ගනිමින් පූර්ව ආරක්‍ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස ඔවුන් එම පියවර ගෙන තිබුණි.

ස්පේස් එක්ස් ආයතනය මේ සඳහා මිනිසුන් රහිත අභ්‍යවකාශ කැප්සියුලයක් යොදාගෙන තිබේ.

හදිසි අවස්ථාවකදී කැප්සියුලය ක්‍රියාත්මක වී රොකට් යානයෙන් ගිලිහෙන පරිදි ස්වයංක්‍රීය පද්ධතියක් නිර්මාණය කර ඇති අතර එය අත්හදාබැලීමට මෙහිදී කටයුතු කෙරුණි.

ඒ අනුව, ගගනගාමී මිනිස් අනු රූ දෙකක් රැගත් කැප්සියුලය සාගරයට ඉහළින් උඩු ගුවනේදී රොකට් යානයෙන් ස්වයංක්‍රීයව නිදහස් වී ෆ්ලොරිඩාහි කේප් කැනවරල් තුඩුවට සැතපුම් 19ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයට ආරක්ෂිතව හදිසි ගොඩබෑම සිදුකළ අයුරුයි මේ.

සිය අත්හදා බැලීම සාර්ථක වූ බවත් මේ අනුව සිය ගගනගාමීන් අභ්‍යවකාශගත කිරීමේ හැකියාව ලබා ගැනීම සඳහා වන වැඩපිළිවෙළේ අවසන් අදියර කරා ළඟා වීමට හැකි වූ බවත් ස්පේස් එක්ස් සමාගම නිවේදනය කළේය.

ප්‍රීති ඝෝෂා නගමින් ජයග්‍රහණයේ සතුට සැමරීමට සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකයින් කටයුතු කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

ග්‍රාහක ගැටුමකින් ලෝකේ විනාශ වෙයිද?

Wed Jan 22 , 2020
මීට වසර මිලියන ගණනකට පෙර ඩයිනෝසෝරයන් වඳ වී ගියේ පෘථිවියට පහර දුන් විශාල ග්‍රහකයක් ගැටීමෙන් ය. මේ හා සමාන ග‍්‍රහක ප‍්‍රහාරයක් නිසා සිදුවිය හැකි විනාශය පිළිබඳව විද්‍යාඥයින් ඉඟි කර ඇති පරිදි ඉතිහාසය යළිත් පුනරාවර්තනය වන බවක් පෙනෙන්නට තිබේ. NASA ආයතනය ඩයිනෝසෝරයන් ඝාතනය කළ ප්‍රමාණයට සමාන ග්‍රහකයක් සොයාගෙන ඇති අතර කනස්සල්ලට […]