මිනිස් සිරුරට අවශ්‍ය ජලය

මිනිසාට මූලික ෙදෙනික අවශ්‍යතාවක් ලෙස ජලය ඉතාමත් වැදගත් ද්‍රව්‍යයකි. මිනිසකුගේ ශරීරයේ 60-65ක් අතර ප්‍රමාණයක් ජලය වෙයි. කුඩා දරුවන්ගේ දේහයේ ඇති ජල ප්‍රමාණය දේහ බරින් ඊට සාපේක්ෂව වැඩිය. එනම් 65-70 අතර ප්‍රමාණයකි. මිනිසාගේ ශරීරයේ ජලය සියලු ෙසෙල තුළ, ෙසෙල අතර, රුධිර ප්ලාස්මාව, දේහයේ ඉන්ද්‍රියන් තුළ ප්‍රධාන වශයෙන් අන්තර්ගත වෙයි. සාමාන්‍ය මිනිසකු තුළ ජලය ලීටර් 45 එනම් ගැලුම් 10ක් පමණ ඇත.
මිනිස් සිරුරට ජලය අවශ්‍ය වන්නේ මන්ද? මිනිස් සිරුර තුළ සිදුවන සමස්ත ක්‍රියාවන්ගේ එකතුව (නව ෙසෙල සෑදීම /ශක්තිය නිපදවීම වැනි) පරිවෘත්තීය ක්‍රියා ලෙස හඳුන්වයි. සාමාන්‍ය ජීවි දේහයක එදිනෙදා පරිවෘත්තීය ක්‍රියා පවත්වා ගැනීමට ජලය මාධ්‍යයක්, ප්‍රතික්‍රියකයක්, හොඳ ද්‍රාවකයක් ලෙස ක්‍රියා කරයි. එමෙන්ම ශරීරයේ සෑම අවයවයක්ම එකිනෙකට සම්බන්ධිකාරක කාර්යය ඉටු කරන රුධිරයේ ඇති ද්‍රව්‍යමය කොටසේ ප්‍රධාන අන්තර්ගතය ජලයයි. තවද වසා තරලයේ (ජීවි දේහය ආරක්ෂා කරන) ප්‍රධාන සංඝටකය ජලයයි.
ශරීරය තුළ සිදු කරන ජීව රසායනික ක්‍රියාදාමයට මාධ්‍යයක් වන ජලය උපකාරී වේ. ආහාර ගන්නා විටදී බොහෝ විට අප ජලය ලබා ගන්නේ ආහාර ජීර්ණය සිදු වීමට අවශ්‍ය රසායනික මාධ්‍යයේ තනුකතාවය වැඩිකොට ජීර්ණ එන්සයිම සමග වැඩි පෘෂ්ඨිය ක්ෂේත්‍ර ඵලයක ආහාර ගැටීමටයි. නමුත් ආහාර ගන්නාවිටදී වැඩිපුර ජලය පානය කිරීම ප්‍රශස්ථ ජීරක මාධ්‍යයකට බාධා පමුණුවයි. මෙම ජීරක එන්සයිම ගබඩා කරන්නේද ජලීය මාධ්‍යයකයි. ආහාර ගිලීමට තෙතමනය අත්‍යවශ්‍ය වෙයි. ආහාර ගුලි ආහාර මාර්ගයේ අවහිර වූ විටදී ප්‍රථමාධාර ලෙස ලබා දෙන්නේ ජලයයි. එවිට ආහාර මාර්ගයේ ඇති ස්නේහකවලට අමතරව ස්නේහක ගුණයක් ලබාදෙයි. ආහාර ජීර්ණය අවසානයේ ඇති ‍පෝෂක අවශ්‍ය දේහ මධ්‍යස්ථානයට පරිවහනය වන මූලික මාධ්‍යය ජලයයි. ආහාරයේ අඩංගු ‍ප්‍රෝටීන, කාබෝහයිඩේ්‍රට්, න්‍යෂ්ටික අම්ල ශරීරයට අවශෝෂණය වීමට පෙර ජල විච්ජේදනය කළ යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

බදියුදීන් ආණ්ඩුවට 2/3 ලෑස්තියි

Sun Jan 19 , 2020
යහපාලන රජයේ ප්‍රබල දේශපාලන චරිතයක් වූ ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුයුදීන් මහතා වත්මන් රජයට එක්වීම සඳහා උත්සාහ දරමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග කියයි. සිය අවශ්‍යතාව පරිදි රජයේ හිතවතුන් ගණනාවක් මුණගැසී ඇති හිටපු අමාත්‍යවරයා ඔවුන් මාර්ගයෙන් රජය සමඟ දේශපාලන ගනුදෙනුවකට උත්සාහ කළ නමුත් […]