මාර්ටින් ලූතර් කිං

මාර්ටින් ලූතර් කිං (1929 – 1968) වූ කලි ඇමරිකානු මහජන අයිතිවාසිකම් රැකගැනීම වෙනුවෙන් සටන් කළ ප්‍රධාන නායකයෙකි. ඔහු බැප්ටිස්ට් දේවගැතිවරයෙක් වූ අතර, එවකට ඔහු වැනි කළු මිනිසුන් හට නායකත්වය ලැබුණේ ඉතා කලාතුරකිනි. නමුත් ඔහු මානව අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් සටන් කළේය. මොන්ට්ගොමෙරි බස් බෝයිකොට් සංවිධානය (1956-1957) පිහිටවූ ඔහු, පසුව දකුණු ක්‍රිස්තියානි නායකත්ව සමුළුවට සහභාගී විය. එම සමුළුවේ සභාපතිවරයා විය. 1963 වොෂින්ටන් හිදී ඔහු ‘මට සිහිනයක් ඇත’ මැයෙන් ඔහු පැවැත්වූ කතාවෙන් ඔහු මානව අයිතිවාසිකම් පිළිබඳව සාමාන්‍ය ජනයා දැනුවත් කිරීමට සමත් වූයේය.

1964 ඔහු නොබෙල් ත්‍යාගය දිනාගන්නා ලාබාලතමයා වීමට තරම් භාග්‍යවන්ත වුයේය. එම සාම ත්‍යාගය ඔහු හට හිමිවූයේ ජාතිවාදය සහ අනෙකුත් ආකාර වල සමාජ බෙදීම්, නොයෙකුත් සමාජ තර්ජන ගර්ජන මධ්‍යයේ වුවද විවේචනය කිරීම හේතුවෙනි.

මාර්ටින් ලූතර් කිං 1968 අප්‍රේල් 4 වැනිදා ඝාතනය කරන ලද්දේ ටෙනෙස්සීහි මෙම්පිස් හිදීය. ඔහුගේ මරණින් පසු ජනාධිපති ජිම් කාටර් විසින් 1977 දී ඔහු Presidential Medal of Freedom සම්මානයෙන් පුදනු ලැබීය. මාර්ටින් ලූතර් කිං ඝාතනය කරන ලද දිනය ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික දිනය වශයෙන් 1986 දී සම්මත කරන ලදී. මරණින් පසු ඔහු Congressional Gold Medal සම්මානයෙන් ද පුදනු ලැබීය. මාර්ටින් ලූතර් කිං උපත ලැබුවේ 1929 ජනවාරි 15 ජෝර්ජියා හි ඇට්ලන්ටාහිදීය. පූජක මාර්ටින් ලූතර් කිං සහ ඇල්බර්ටා විලියම්ස් කිං යන දෙපළගේ පුත්‍රයා ලෙස ඔහු උපත ලැබීය. ඔහුගේ පියාගේ නම මයිකල් කිං වූ අතර, එම නිසාම ඔහුගේ උපන් නම ලෙස භාවිතා කරන ලද්දේ මයිකල් කිං යන්නයි. ඒ 1935 වනතුරුය. ඔහුගේ පියා විසින් පසුව දෙදෙනාගේම නම් ජර්මානු රෙපරමාදුකරුවකු වූ මාර්ටින් ලූතර්ට ගරු කිරීමක් ලෙස වෙනස් කර ගැනීමෙන් පසු, ඔහු මාර්ටින් ලූතර් කිං ලෙස වෙනස් විය. විලි ක්‍රිස්ටින්, ඔහුගේ වැඩිමහලු සොහොයුරිය (1927 සැප්. 11) වූ අතර බාල සොහොයුරා ඇල්පඩ් ඩැනියෙල් (1930 ජුලි 30 – 1969 ජුලි 01) වූයේය.

මාර්ටින් ලූතර් කිං 1939 දී පල්ලියේ ගීතිකා කණ්ඩායම සමඟ Gore with the wind නම් චිත්‍රපටියේ මංගල දර්ශණය දවසේදී ගායනයක් ඉදිරිපත් කළේය. පාසලේ නවවන පන්ති‍යද, දොළොස්වන පන්තියද මඟහරිමින් උසස්වීම් ලද ඔහු වයස අවුරුදු 15 දී මෝහවුස් විද්‍යාලයට ඇතුළත් විය. ප්‍රථම කලා උපාධිය අවසන් කළේ සමාජ විද්‍යා විෂය ධාරාවෙනි.

පසුව පෙන්සිල්වේනියාවේ චෙස්ටර්හි ක්‍රෝසර් දේවධර්ම විද්‍යාලයට ඇතුළු වූ ඔහු, දේවධර්ම ශාස්ත්‍රය පිළිබඳ ප්‍රථම උපාධිය දිනා ගත්තේ 1951 දීය. 1951 සැප්තැම්බර් වලදී ඔහු ආචාර්ය උපාධියට සුදානම් වූ අතර, ඒ බොස්ටන් සරසවියේ දීය. ඔහු හැදෑරුවේ ව්‍යවස්ථික දේවධර්ම ශාස්ත්‍රයයි. 1955 ජුනි 5 වන දින ඔහු ආචාර්ය උපාධිය සම්පූර්ණ කළේය. අවුරුදු 24 දී ඩෙක්ස්ටර් ඇවෙනිව් බැප්ටිස්ට් පල්ලියේදී (මොන්ටොගොමෙරි, ඇලබාව) ඔහු පාදලි තනතුරට පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

මැලේසියාව ප්ලාස්ටික් අපද්‍රව්‍ය ශ්‍රී ලංකාවට සහ තවත් රටවල් 12 කට යවයි

Tue Jan 21 , 2020
පසුගිය වසරේ තුන්වන කාර්තුවේ සිට මැලේසියාව විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 13 කට ප්ලාස්ටික් අපද්‍රව්‍ය බහාලුම් 150 ක් ආපසු යවා ඇති බව ස්කයි ප්‍රවෘත්ති වාර්තා කරයි. චීනය විසින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ආනයනය කිරීම 2018 දී තහනම් කළ බැවින් අනවශ්‍ය කුණු නැව් ගිනිකොනදිග ආසියාවට යවා ඇතත් මැලේසියාව සහ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින […]