“මළ ඇලීම නැවැත්වීමට” වැසිකිළි සඳහා ආලේපනයක්

ඇමරිකානු පර්යේෂකයින් පිරිසක් නිර්මාණය කරන ලද වැසිකිළිවලට ආලේප කළ හැකි දැඩි ලිස්සන සුළු ආලේපනය හේතුවෙන් ලොව පුරා ජලය විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකි වනු ඇත.

මෙම ආලේපනය නිසා මළ ඉවත් කිරීමට භාවිත කරන ජලය ප්‍රමාණයෙන් 90%ක් අඩු වන බව පෙන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ මාහාචාර්යවරු පවසති.

මෙම ආලේපනය නිසා වැසිකිළිය හොඳින් පිරිසිදු වීමෙන් එහි බැක්ටීරියා වර්ධනය වැළකෙන අතර, දුර්ගන්ධය අවම කරන බව ඔවුහු පවසති.

ටෙෆ්ලෝන්වලට’ වඩා ලිස්සනසුලු මෙම නව ද්‍රව්‍යය මුත්‍රාවල බලපෑමෙන් වෙනස් විය හැකි අතර, වැසිකිළි පෝච්චිය පනස් වතාවක් ජලයෙන් සේදූ පසු නැවත ආලේප කළ යුතුය.

මෙම සොයා ගැනීම නිසා ජල නාස්තිය අවම වනු ඇති බව පරීක්ෂකයෝ පවසති. සෑම දිනක ම ජලය ලීටර බිලියන 141ක් මළ සේදීම සඳහා භාවිත කෙරේ.

ලොව පුරා වැසිකිළිවල භාවිත කරන ජලය ප්‍රමාණය අප්‍රිකාව තුළ දිනකට පරිහරණය කරන ජලය ප්‍රමාණය මෙන් සය ගුණයක් බව අදාළ පර්යේෂකයින් ‘නේචර් සස්ටේනබිලිටි’ (Nature Sustainability) සඟරාවේ සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

ලොව කොටම මිනිසා මියයයි

Sun Jan 19 , 2020
ඇවිදීමට හැකිව තිබූ ලොව කොටම මිනිසා ලෙස ගිනස් වාර්තා පොතට එක්ව සිටි නේපාලයේ කගේන්ද්‍ර තාපා මාගා මියගොස් තිබෙනවා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 27 ක්. කගේන්ද්‍ර තාපා මාගාගේ උස වාර්තා වන්නේ අඩි 02.24 ක් ලෙසයි. හදිසියේ වැළඳුනු නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් කගේන්ද්‍ර තාපා මාගා මියගිය බවයි ඔහුගේ පවුලේ ඥාතීන් පැවසුවේ. කගේන්ද්‍ර […]