බොඳ උන සිහිනය

🌿🤫️🌿✍️____පළමුවන හීනය____✍️🌿🤫🌿

💢❣💢❣️💢❣️💢❣️💢❣️💢❣💢❣💢️❣️💢

#__බොඳවෙලා_දියවගිය_හීනයකට
#__ආයේ_ආයේම_පාට_තැවරුවත්_කොච්චර
#__වර්ණ_ගැන්වෙයිද_තවත්_බොඳවෙනවා_මිසක
💔 #__ඉතින්_සහේන්_ය 💔

#__නුඹයි_මාගේ_බොඳවුණු_සිහිනය
#__වර්ණ_තවරන්න_මා
#__තව_තවත්_බොඳවුණ

ඒ විදිහට මතක පිටු අතර තවත් එක හැඟීමක් අකුරු කරලා කණ්නාඩිය ඉස්සරහට ගිහින් , කණ්නාඩියෙන් පේන තමන්ගේම රූපේ දිහා හිස් හැඟීමකින් බැලුව #තැහැසිට සුසුමක් පිටවුණේ ඉබේටමයි…

පැය කිහිපයකට කලින් මේ කැඩපත ඉදිරියේම හැඩවුණු ඒ සුන්දර මනාලියමද දැන් මෙතන මේ හිටගෙන ඉන්නේ කියලා හිතාගන්නවත් බෑ ..

අඬලා අඬලාම රතුවෙලා ඉදිමුණු ඇස් , ඒ කඳුළු පාරවල්වලටම දියවෙලා ගිය මේකප් එක ,, පිච්චමල් , නළල් තැලි වලින් පිළිවෙළට හැඩවුණු කොන්ඩේ දැන් නිකන් පිස්සිගේ පලා මල්ල වගේ වෙලා …

කෙල්ලෙක්ගේ ජීවිතේ ලස්සනම දවස මේ විදිහට තමන්ට මූසලම දවසක් වෙයි කියලා තැහැසි කවදාවත් හිතුවේ නෑ ..

_________💢පැය කිහිපයකට පෙර💢_________

” මන් ඔයාලාට කලින්ම කිව්වානේ තාත්තා මට තැහැසිව මැරිකරන්න බෑ කියලා .. ඇයි ඔයාලා තේරුම් ගන්නැත්තේ , ආහ් … 😡 මට බෑ මෙයාව මැරිකරන්න … දැන්වත් මන් කියන දේ අහන්න 😡 මට බෑ දෙයියනේ මෙයාව මැරිකරන්න .. ප්ලීස් තවත් මට බල කරන්න එපා මේකට .. ” 😡😡😡

” අන්කල් , ආන්ටි ,, ආම් රියලී සොරි 🙏මන් මේක මීට කලින් නතර කරන්න උත්සාහ කලා , ඒත් කවුරුත් මන් කියපුදේ ඇහුවේ නෑනේ ..😡 අනික මන් මුලින්ම හැමදේම කිව්වේ තැහැසිට, ඒත් එයාත් මන් කියපු කිසිදෙයක් තේරුම් ගත්තේ නෑ . මේක මෙච්චර දුර එන්නෑ එක්කෙනෙක් හරි මන් කියපු දේ ඇහුවානම්, ඒත් දැන් මට කරන්න දෙයක් නෑ මගේ තීරණේ කීයටවත් වෙනස් වෙන්නෑ ආම් සොරි .. ” 😑🙏

තමන්ගේ මංගල උත්සවේදීම #සහේන්_ය , තැහැසිව මැරිකරන්න බෑ කිය කිය කෑගහද්දි ඇවිත් හිටිය අමුත්තෝ හැමෝම මේ දිහා බලන් හිටියේ වෙන්නේ මොනාද කියලා හිතාගන්න බැරුව .

පෝරුව පාමුල බිම ඉඳගෙන තැහැසිත් අඬ අඬ හිටියේ පපුව පැලෙන්න තරම් වේදනාවක් ඒ හිතේ ගලන් යද්දි … තැහැසි ගාවම හිටගෙන තැහැසිගේ අම්මාත් හිටියේ වෙන දේවල් අදහාගන්න බැරුව හැඬූ කඳුලින් …

” තමුන්ට පිස්සු හැදිලාද සහේන්‍ය ආහ් .. 😡😡මොකක්ද මේ නටන නාඩගම .. තමුන්ට අමතක වෙලාද තමුන් දැනටමත් මේ කෙල්ලව මැරි කරලා ඉවරයි කියලා … ආහ් …😡😡එහෙම තියෙද්දි මොනාද මනුස්සයෝ මේ ෆන්ෂන් එක දවසෙදි කියවන විකාර .. තමුන්ට ඕන අපිට ලැජ්ජා කරන්නද ? ” 😡😡😡😡

” නෑ තාත්තා නෑ .. 😑 මට හොඳටම මතකයි මන් තැහැසි එක්ක එන්ගේජ් වුණා කියන්න .. ඒත් තවදුරටත් මට ඕන නෑ බොරු බැඳීමක් මේ විදිහට ඉස්සරහට අරන් යන්න .. එදා මට සාධාරණ හේතුවක් නොතිබ්බට දැන් මට හේතුවක් තියෙනවා මේක නතරකරන්න . ඒ නිසා ප්ලීස් තවත් මේ දේවල් පස්සේ බොරුවට දුවන්න එපා ..🙏 දැන්වත් මන් කියන දේ අහලා මේ දේවල් නවත්තන්න .. අනික මට ඉක්මනටම තැහැසිගෙන් ඩිවෝස් එකත් ඕනි .. ” 😑😒

” මොකද්ද මිනිහෝ උබ කියන්නේ ආහ් .. උබට මේ කෙල්ලව පේන්නේ සෙල්ලම් බඩුවක් වගේද ? 😡😠 ඒකද ඕන ඕන වෙලාවට ළඟට ගන්නයි එපා උනාම විසික්කරලා දාන්නයි තියාගත්තේ ආහ් .. 😠😠 අනික උබට එදා නොතිබ්බ අද විතරක් තියෙන සාධාරණ හේතුව මොකද්ද කියපන් තමන්ගේ වයිෆ්ව එපා කියන්න තරම් ආහ් … කතා කරපන් ඉතින් .. ” 😠😡

සහේන්‍යගේ තාත්තා කේන්තියෙන්ම සහේන්‍යගේ කම්මුලට ගහලා බනිද්දි , සහේන්‍යගේ ඇස් ගියේ තාමත් බිම ඉඳගෙන අඬන තැහැසි දිහාවට .. ඒ කරලා කොල්ලා කියපු දේට නම් කෙල්ලගේ ඇඬිල්ල එහෙම්ම නතර වෙලා කෙල්ල කොල්ලාගේ දිහා බලන් හිටියේ හුස්මත් නැවතුණ ගානට …

” මොකද මන් ආදරේ කරන්නේ තැහැසිට නෙවෙයි #මන්_ආදරේ_කරන්නේ_වෙන_කෙනෙකුට .. තැහැසි ගැන මගේ හිතේ කිසිම හැඟීමක් නෑ .. ඇරත් මගේ කෙල්ල ඇරෙන්න වෙන ගෑනියෙක් මට ඕනත් නෑ . 😑 ඉතින් තවදුරටත් මේ බැඳීමේ කිසිම තේරුමක් නෑ නේ … ඒ නිසා පුලුවන් ඉක්මනට මට මගේ ඩිවෝස් දෙන්න ප්ලීස් … ” 😡

නොතේරෙන වයසේ ඉඳන්ම තමන්ගේ ආදරේ වුණ සහේන්‍යගෙන් කවදාවත්ම තැහැසි මේ වගේ දෙයක් බලාපොරොත්තු වුණේ නෑ .. සහේන්‍යගේ හිතේ තමන් ගැන ආදරයක් නෑ කියන්න කෙල්ල දැනන් හිටියාත් , සහේන්‍යගේ හිතේ වෙන කෙනෙක් ජීවත් වෙනවා ඇති කියලා කෙල්ල කවදාවත්ම හිතුවේ නෑ .. තමන්ගේ හුස්ම තමන්ව මෙහෙම ප්‍රතික්ෂේප කරද්දි කෙල්ලට තවත් දරාගෙන ඉන්න බැරිවුණා ,, ඒ නිසායි කෙල්ල නැගිටලා සහේන්‍ය ගාවට ගිහින් සහේන්‍යගේ කොලර් එකෙන් අල්ලගෙන සහේන්‍යට කෑගැහුවේ ..

” මො..මොකද්ද ඩිවෝස් වෙන්න.. ඔ..ඔයා.. කො.හො..මද… අයි..යේ ඔහ්..හොම කි..යන්නේ..වත් ආහ්… 😭 ඔ..ඔ.යා ඇයි දැන් මේ මට ආදරේ නෑ කියන්නේ .. එ..එතකොට කලින්.. කලින් මේ මොනාත් කිව්වේ නෑනේ .. ආහ් .. එන්ගේජ් වෙද්දිවත් ඔයා මට කිව්වාද ඔයා මට ආදරේ නෑ ඔයා ආදරේ වෙන කෙනෙක්ට කියලා ආහ් … කියන්න ඉතින් ඔයා එහෙම කිව්වද ආහ් .. 😭 නෑනේ නේද ? එතකොට මේ දැන් විතරක් කඩන්පාත් වෙච්ච ඔයාගේ ආදරේ කව්ද ආහ් .. කව්ද ඒ … කියන්න මට කව්ද ඒ … 😡 මේ මටත් වඩා ඔයාට අයිතිවාසිකම් කියන්නේ .. කව්ද ඒ .. 😡😡😡 එකක් මතක තියාගන්න අයියේ , ඒ කව්රු උනත් එයාට බෑ ඔයාව මගෙන් උදුරගන්න ,මන් කීයටවත් ඔයාව එයාට දෙන්නෑ .. මොකද ඔයා මගේ මගේ මගේ මගේ මගේම විතරයි …😭 මන් ජීවත් වෙලා ඉන්නතාක් මන් ඔයාව කාටවත් දෙන්නෑ .. 😭 ඔයා වෙන කෙනෙක්ගේ වෙනවා බලන්න මන් ජීවත් වෙන්නෙත් නෑ .. 😭 ඔයා මගේ ජීවිතේම නේ .. මන් ආදරෙයිනේ දෙයියනේ 😭 ඇයි මෙහෙම කරන්නේ මට 😭 දුක නැද්ද මන් ගැන පොඩ්ඩක් වත් 😭 ප්ලීස් ප්ලීස් ප්ලීස් අනේ මාව දාලා යන්න එපා අයියේ ඔයා නැතුව මන් කොහොමද ජීවත් වෙන්නේ ..😭 බෑ බෑ බෑ ඔයා නැතුව මට ජීවත් වෙන්න බෑ. දෙයියනේ මගේ පපුව පැලිලා මන් මැරිලා යයි එහෙම උනොත් .. ” 😭😭😭

සහේන්‍යගේ කකුල් දෙක අල්ලගෙන තැහැසි ඒ විදිහට අඬා වැටෙද්දී සහේන්‍යගේ පපුවටත් දරාගන්න බැරි වේදනාවක් දැනුණත් කොල්ලා මේ වෙලාවේ ගොඩක් අසරණයි … මේ දේ ඇරෙන්න කොල්ලාටත් කරන්න වෙන දෙයක් ඉතුරු වෙලා නෑ . ඒ නිසායි කොච්චර වේදනාවක් වුණත් කොල්ලා මේ දේ කරන්නේ ..

” මට සමාවෙන්න නංගි . 😔 මට වෙන කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ . මට තේරෙනවා හිත හදාගන්න ලේසි නෑ කියලා , ඒත් ඔයාට වෙන කරන්න දේකුත් නෑ … දුක් වෙන්න එපා ඔයා තාම පුංචි කෙල්ලෙක් ඔයාට තව ඕන තරම් කාලය තියෙනවා .. ඔයාට ගොඩක් ආදරේ කරන හොඳ කෙනෙක් ලැබෙයි එතකන් ඉවසලා ඉන්න .. ප්ලීස් ඔයාවත් මාව තේරුම් ගන්න.. 😔 මේ බැඳීම තවත් ඉස්සරහට ගෙනියන්න මට පුලුවන්කමක් නෑ . ඔයා මට ඇත්තටම ආදරෙයි නම් ප්ලීස් මාව මේ බැඳීමෙන් නිදහස් කරන්න ප්ලීස් .. ” 🙏🙏😔

😭😭😭😭 තවත් මේ දේවල් දරාගෙන ඉන්න බැරි තැනම එතනින් දුවලා ඇවිත් කෙල්ල නතර වුණේ තමන්ව හැඩගැන්වූ කාමරයේ දොරත් අඟුලු දාගෙන දෑතින්ම ළය මිරිකාගෙන කඳුලුවලට ඔහේ ගලන් යන්න ඉඩදෙමින් ..

__________💢 යළිත් වර්තමානයට 💢__________

” වෙච්ච හැමදේම නපුරු හීනයක් වෙලා යනවා නම් .. ඒත් නෑ .. මේ තමා යතාර්ථය .හැංගෙන්න බෑ මට මුහුණ දෙන්නම වෙනවා මේ යතාර්ථයට . කොච්චර වේදනාවක් වුණත් මගේ ඇස් ඉස්සරහම තියෙන මේ ඇත්ත පිලිගන්නම වෙනවා මට .. ඒත් .. ඒත් කොහොමද මන් මගේ හුස්ම අතාරින්නේ … එහෙම නම් මට මැරෙන්න වෙයි .. ඒත් කොහොමද මන් මැරෙන්නේ .. මැරෙන එක නෙවෙයි විසඳුම .. මන් බයගුල්ලෙක් නෙවෙයි ප්‍රශ්න වලින් පැනලා යන .. හ්ම්ම්ම්ම්ම් …..😔 වෙනදේකට මුහුණ දෙනවා ඇරෙන්න වෙන මොනා කරන්නද ? ” 😔😔

තවත් රිදවන ඒ හැමදේම අයින් කරලා වොශ් එකක් දාගෙනම වෙන ඇඳුමකට මාරු වෙලා කෙල්ල එළියට එද්දි ඇවිත් හිටිය අමුත්තෝ සේරම ආපහු යන්න ගිහින් , සහේන්‍යගේ පවුලේ අය පාවා ගිහින් තිබුණා ..

කෙල්ලගේ අම්මා ,තාත්තා විතරක් තවම හූල්ල හූල්ල බලාගෙන ඉන්නවා … තමන්ගේ එකම දරුවාගේ විවාහය මෙහෙම ප්‍රසිද්ධියේ කැඩිලා ගියහම මොන අම්මා , තාත්තටද ඒක දරාගන්න පුලුවන් .. තමන්ගේ වරදක් නැතත් සමාජයෙන් ඉස්සරහට තමන්ට මොන වගේ චෝදනා , අපහාස විඳින්න වේවිද ? එකපාරක් කසාදය කැඩිලා ගිය කෙල්ලෙක්ව ආයේම කවුරුවත් කසාද බදීවිද ? මේසා ප්‍රශ්න වලින් තමන්ගේ දෙමාපියන් විඳවනවා කියලා කෙල්ලට හිතෙද්දි තමන් ගැනම ඇතිවුණේ තරහක් , කළකිරීමක් .. කඳුලුත් පිහදාගෙන අම්මලා ගාවට ගිය කෙල්ල අම්මලා ගාව බිම ඉඳගත්තා..

” අම්මා , තාත්තා ඔයාලා මන් නිසා ඔහොම විඳවන්න එපා . මට ඒක දරාගන්න බෑ .ඔයාලාගේ කඳුලු දකිද්දි මට මැරෙන්න හිතෙනවා.. 😭 මන් කොයි තරම් නම් පව්කාර දරුවෙක්ද ? මගේ අම්මා , තාත්තාව අඬවන්න තරම් .. 😭 ප්ලීස් අපිට මේ මොකුත් ඕන නෑ අපි යමු මෙහෙන් . ගිහින් ඉස්සර හිටියා වගේම ඉමු මේ හැමදේම අමතක කරලා දාලා ම්ම්ම් … ” 😭😭

” අඬන්න එපා මැණික .. 😢 අපි ඉන්නවානේ ඔයාට . අපිට අපේ කෙල්ල බරක් නෙවේ .. අපි යමු ඉස්සර වගේ සතුටින් ඉමු මේ හැමදේම අතෑරලා .. ම්ම්ම් … ” 😢😢

අම්මාගෙයි , තාත්තාගෙයි තුරුලට ගිය කෙල්ල ආයේම තමන්ගේ ගෙදරටම ආවේ හිස් හැඟීම් ගොඩකින් හිත පුරවන් … දවස් තුනක් ගෙවිලා ගියේ කෙල්ල කාමරයටම සීමා වෙද්දි ..

මේ කාලය තුල කොල්ලගේ අම්මා , තාත්තා කොච්චර උත්සාහ කලත් කොල්ලගේ හිත වෙනස් කරන්න ඒ කාටවත් බැරි උනා කොල්ලව කැමති කරගන්න . මොකද , එයාලටත් මොකුත් කරගන්න බැරි වුණේ එහෙම කරන්න කොල්ලට තිබුණු සාධාරණ හේතුව නිසාම කොල්ලාගේ දෙමාපියොත් ගොලු වෙද්දි …

හතරවෙනි දවසේ කොල්ලා කෙල්ලව හම්බවෙන්න කෙල්ලගේ ගෙදරට ආවේ ඩිවෝස් එක ගැන කතා කරගන්න .. කොල්ලා මොනා කිව්වත් කෙල්ල කැමති උනේම නෑ කොල්ලට ඩිවෝස් එක දෙන්න .. ඒත් කොල්ලා ලෑස්තිත් නෑ තමන්ගේ තීරණේ වෙනස් කරන්න .. කොල්ලා ආයේම කෙල්ලගේ ගෙදරින් පිටත් වෙලා ආවෙත් අව්ල්වුණු මනසින් ..

” මොකද වුණේ බබා .. අර කෙල්ල ඩිවෝස් එක දෙන්න කැමති වුණාද ? ” 🤨

” නෑ .. එයා කැමති නෑ මාව අතාරින්න .. එයාටත් බෑ එහෙම කරන්න .. ” 😔

” එහෙම කියලා කොහොමද ඔයා මට පොරොන්දු වුණානේ මාව මැරිකරනවා කියලා .. 😡 අනිත් එක ඔච්චරටම ආදරේ නෑ කියලා මූණටම කියලත් ඔය කෙල්ලට කිසි ලැජ්ජාවක් නැද්ද තාමත් ඔයාගේ ඇඟේම එල්ලෙන්න දඟලන්නේ ? ” 😠😠

” නතාශා මේ … 😡 කටපියන් ඉන්නවාද තමුසෙත් මට වද නොදී .. හොඳටම ඇතිවෙලා තියෙන්නේ මට දැන් මේ විකාරේ .. 😡 මේ හැමදේම තමුසේ නිසායි .. අනිත් එක ☝️කව්ද කාගේද ඇඟේ එල්ලෙන්න දඟලන්නේ කියලා කාටත් වඩා හොඳට තමුන් දන්නවා ඇතිනේ .. ” ☝️😡

” ඔයා දැන් මට බනින්නේ හැමදේටම වැරදි මන් වගේනේ .. 😠 මතක තියාගන්න සහේන්‍ය☝️ මේවාට ඔයාත් වැරදි , නැතුව මන් තනි කැමැත්තෙන් මේ දේවල් කරගත්තේ නෑ …😠 පුලුවන් තරම් ඉක්මනට ඔය කෙල්ලව ඩිවෝස් කරලා මාව මැරිකරන්න එච්චරයි … ” 😠😡

තරහින්ම එහෙම කියලා කැබින් එකේ දොරත් හයියෙන්ම වහගෙන ගියේ සහේන්‍යගේ සෙකට්‍රි නතාශා .. තවත් විදිහකට කිව්වොත් තැහැසිව එපා කියන්න සහේන්‍යට තිබුණ සාධාරණ හේතුව … නතාශා යන දිහාම බලන් හිටපු සහේන්‍ය ටේබල් එකට උඩින් ඔලුව තියාගත්තේ විසඳුමක් නැති ප්‍රශ්න වලින් හෙම්බත් වෙලාම ඇති වෙලා ..

” ඔයා විඳවන තරම මට නොතේරෙනවා නෙවේ මැණික .. මේ දේවල් නිසා ඔයා තරමටම මාත් විඳවනවා .. 😢 ඒත් මන් මොනා කරන්නද ? මේ හැමදේම මගේ වැරදි .. 😢 මගේ වැරදි නිසා ඔයාටත් විඳවන්න වෙලා .. 😔😔 මට තේරෙන්නෑ මොනා කරන්නද කියලා මන් ඉන්නේ හොඳටම අසරණ වෙලා .. ” 😔

__________________________________________

📞 ” මන් කියපු දේ තමුන්ට තේරුනානේ .. ? ” 😏

📞 ” ඔව් මැඩම් ! මැඩම් බයවෙන්න එපා අපි ගානට වැඩේ ක්ලියර් කරන්නම් කිසිම සාක්ෂියක් නැතිවෙන්න .. ” 😌

📞 ” ම්ම් ඕකේ ! ඒ විදිහටම වැඩේ වෙන්න ඕන ඉතුරු ගාන වැඩේ උනාට පස්සේ .. ”

📞 ” ඕකේ මැඩම් .. ”

” දැන් බලාගමුකො තමුන් කොහොමද මගේ පාර හරස්කරන්නේ කියලා .. ” 😠😠😠

__________________________________________

දවස් පහකට විතර පස්සේ අද තමයි තැහැසි ගෙයින් එලියට බැස්සේ .. කෙල්ල මේ යන්නේ තමන්ට සැනසීමක් දැනෙන හොඳම තැනට ..

ෆ්ලවර් ෂොප් එකක් ගාවින් කාර් එක නවත්තගෙන කෙල්ල ගියේ පාට පාට රෝසස් පිරුණු ෆ්‍රෙෂ් ෆ්ලවර් බොකේ එකක් ගන්න ..

ෆ්ලවර් බොකේ එකත් අරගෙන කෙල්ල ආවේ තමන්ගේ හොඳම යාලුවා වුණ දෙව්ලිව දකින්න .. කාර් එකෙන් බැහැලා කෙලින්ම ඇවිදගෙන ගිය කෙල්ල නැවතුණේ තමන්ගේ යාලුවා ඉස්සරහ ..

සුපුරුදු හිනාව තොල් මත රඳවගෙන ගෙනාපු රෝස් බොකේ එකත් පපුවට තුරුලු කරන් ,, පරවෙලා වේලීලා ගිය බිම තිබුණු මල් පොකුර අරගෙන පැත්තකට කරලා එතන පිරිසිදු කරලාම , ගෙනාපු රෝස් බොකේ එක සොහොන් කොත උඩින් තියලා ඉටි පන්දම් කිහිපයක් පත්තු කරලා කෙල්ල එතනම බිම ඉඳගත්තේ ලොකු කතාවකට මුල පුරන්න වගේ ..

ඔව් .. මේ ඉන්නේ කෙල්ලගේ සහෝදරියවන් හොඳම මිතුරිය දෙව්ලි .. තවදුරටත් ජීවතුන් අතර නැති දෙව්ලි .. මීට අවුරුදු දෙකකට විතර කලින් හදිසියේ වුණු ඇක්සිඩන්ට් එකක් නිසා දෙව්ලි මේ ලොකේන් යන්නම ගියා ..

ඒත් , අදටත් මේ මිතුදමේ වෙනසක් නෑ . දුකට , සතුටට හැමදේටම පුරුද්දට වගේ කෙල්ල දුවන් එන්නේ තමන්ගේ යාලුවා ගාවට .. එතන තරම් සැනසීමක් කෙල්ලට තවත් නෑ .. අදත් මේ කෙල්ල ආවේ තමන්ගේ හිතේ තියෙන වේදනාව තමන්ගේ යාලුවා එක්ක කියලා හිත නිදහස් කරගන්න ..

පැය දෙකක් විතර දෙව්ලි එක්ක කතා කරපු කෙල්ල ආයේම පිටත්වුණේ හවස 4 ත් පහුවෙලා නිසා ඉක්මනට ගෙදර යන්න …

ඒත් වැඩිදුරක් නොගිහින් එකපාරටම කෙල්ල දැක්කේ තමන්ගේ කාර් එක පැත්තටම එන කන්ටේනර් එකක් .. තප්පරයක්වත් නොගිහින් ලොකු සද්දයක් එක්ක ඩ්‍රයිවර් හිටපු පැත්ත කන්ටේනර් එකේ වදිද්දි , කාර් එක පෙරලිලා පෙරලිලා ගිහින් උඩු අතට පෙරලිලා නතර වුණේ මීටර් 30ක් විතර ඈතට ගිහින් … ඉස්සරහ ශීට් එකේම ශීට් බෙල්ට් දාගෙන හිටපු නිසා තරමක් ප්‍රශ්නයක් නොවුණත් , කෙල්ලගේ ඔලුව පිටිපස්ස තදින් ශීට් එකේ වැදුණු නිසා කෙල්ලට දැනුණේ කරකැවිල්ලක් ..

ඩ්‍රයිවර් හිටපු පැත්ත බලද්දි කෙල්ල දැක්කේ මුලු මූණම ලේවලින් නෑවිලා ඉන්න ඩ්‍රයිවර්ව .. එයාට හොඳටම අමාරුයි වගේ … ඒත් කෙල්ලටත් හෙලවෙන්නවත් බෑ .. තප්පර 30ක් විතර යද්දි මිනිස්සු වටවෙලා කොහොමහරි කෙල්ලවයි , ඩ්‍රයිවර්වයි එලියට අරන් හොස්පිට්ල් එකකට අරන් ගියා ..

කෙල්ලගේ පවුලේ අයට හොස්පිට්ල් එකෙන් දැන්වුවාට පස්සේ කෙල්ලගේ අම්මායි , තාත්තායි ආවේ හොඳටම අඬ අඬ … ඒ ඇක්සිඩන්ට් එකෙන් ඩ්‍රයිවර්ගේ ඔලුවට ගොඩක් තුවාල වෙලා ලේ ගිහින් තියෙනවා .. ඒ නිසාම ඩ්‍රයිවර්ව බේරගන්න බැරිවෙලා ..

පුංචි සීරීමක් ඇරෙන්න කෙල්ලගේ බාහිරින් කිසිම තුවාලයක් නැති උනත් , කෙල්ලට තාම සිහිය ආවේ නැති නිසා ඩොක්ටර්ස්ලා ගෙස්ට් කලේ කෙල්ලගේ ශරීරේ අභ්‍යන්තර තුවාල තියෙන්න පුලුවන් කියලා ..

🌿💢❣️🌿💢❣️🌿💢❣️🌿💢❣️🌿💢❣️🌿

කොහොමින්හරි සතියක්ම හොස්පිට්ල් එකේ ගෙවිලා ගියේ කෙල්ලටත් යම් තරමින් සුවයක් දැනෙද්දි .. සහේන්‍යගේ අම්මා , තාත්තා පවා කෙල්ලව බලන්න ආවාත් සහේන්‍ය නාවේ ඇක්සිඩන්ට් එකට කලින් දවසේ කොල්ලා බිස්නස් ටුවර් එකකට අබ්‍රෝඩ් ගිහින් තිබුණු නිසා ..

දවස් 10කට පස්සේ කෙල්ලට ගෙදර එන්න පුලුවන් උනත් ඒ කව්රුවත් හිටියේ සතුටු වෙන්න පුලුවන් මානසිකත්වයක නම් නෙවෙයි …

සතියකට පස්සේ කෙල්ල සහේන්‍යව මීට් වෙන්න ගියේ මේ හැම ප්‍රශ්නෙකම කෙළවරක් දකින්න ඕන නිසා … කොල්ලා තවම ඇක්සිඩන්ට් එක ගැන කිසිම දෙයක් දන්නෑ , ඒවගේම ඒ ගැන කොල්ලට කියන්නත් කාටවත්ම ඕන උනෙත් නෑ ..

කෙල්ල කොල්ලාගේ ඔෆිස් එකට ගිහින් පුරුද්දට වගේ තට්ටු නොකරම කොල්ලාගේ කැබින් එකට යද්දි දැකපු දෙයින් කෙල්ලට දැනුණේ තමන්ව පණපිටින් පිච්චෙනවා වගේ .. තරහයි , දුකයි , කළකිරීමයි හැමදේම මිශ්‍ර හැඟීමකින් ඉක්මනටම දොරත් වහගෙන කෙල්ල දුවලා ගියේ වොශ්‍ රූම් එකට …

” දෙ..විය.නේ .. ! මො..නා.ද.. මන් ඒ.. දැ..ක්.කේ… 😭😭 එ..එයා.ලා.. කො.හො..මද.. එහෙ..ම ? ඒ.. ඒ.. කෙල්ල..ද එතකොට… අයි..ය.ගේ ග.ර්ල්.. ෆ්‍රෙ..න්ඩ් ? 😭 එ..එයා.. නිසාද අයියාට මාව එපා වුණේ ? එ.. එතකොට ඒක ඇත්ත … එයා ඒ කෙල්ලට ආදරෙයි .. 😭 ඇයි මාව එතනට යැව්වේ .. ඇයි ? ඇයි ඇයි .. දෙවියනේ මාව එතනට යැව්වේ .. 😭 මාව පිච්චෙනවා වගේ .. මගේ මුලු පපුව රිදෙනවා .. 😭😭😭😭😭😭 මන් කොහොමද මේවා දරාගන්නේ .. ඇයි මටම මෙහෙම කරන්නේ .. මන් මොකද්ද කරපු වැරැද්ද .. 😭 මන් කොහොමද එයාව වෙන කෙනෙක්ට දෙන්නේ .. ” 😭😭😭

දොරට තට්ටු නොකරම සහේන්‍යගේ කැබින් එකට ගිය කෙල්ල දැක්කේ ටේබල් එකට හේත්තු වෙලා හිටපු නතාශා , සහේන්‍යගේ දෙතොල් සිපගන්නවා …

ඒත් , ඒ දෙන්නගෙන් එක්කෙනෙක්වත් කෙල්ලව දැක්කේ නෑ … කෙල්ල එතනින් ගියාට පස්සේ සහේන්‍ය නතාශාව අහකට තල්ලු කරලා දැම්මේ පුදුම තරම් කේන්තියකින් …

” සංවරව ඉන්න පුරුදු වෙනවා නතාශා .. 😡😡 මේක මගේ ඔෆිස් එක මිසක් තමුසෙගේ ගෙදර නෙවෙයි තමුසෙට ඕන ඕන විදිහට නටන්න .. ” 😡😡😡

” අයියෝ බබා මොකද්ද අනේ … ඔෆිස් එකයි ගෙදරයි කියලා මොකද්ද තියෙන වෙනස… කොතන හිටියත් අපි අපිනේ … ” 💋💋

” අනේ මේ .. හැමතිස්සෙම මගේ ඇඟේ එල්ලෙන්න එන්නැතුව මගෙන් ඈත් වෙලා ඉන්නවා . 😑 මාත් මනුස්සයෙක් මටත් ඉවසන්න පුලුවන් සීමාවක් තියෙනවා . ඕනවට වඩා දඟලලා ඒක පන්නගන්න ලෑස්ති වෙන්න එපා .. ” 😡😡

” ඔයාගේ ඉවසීම ගැන ඉතින් මන් තරම් හොඳට කව්ද දන්නේ නේහ් .. ” 😉💋

” ශිට් .. ” 😡😡😡😡

නතාශාට ගහන්න බැරි නිසාම කේන්තියෙන් අත මිට මොළවගෙන බිත්තියට වැරෙන් පහරක් ගහපු සහේන්‍ය කැබින් එකේ තිබ්බ සෝෆා එකෙන් වාඩිවෙලා දෑතින්ම හිස බදාගත්තේ තමන් ගැනම කළකිරීමකින් …

පැය භාගයක් විතර වොශ් රූම් එකට වෙලා අඬපු තැහැසි ලොකු හුස්මක් අරගෙන තමන් ආපු කාරණාව මතක් කරගෙන , මූණත් සෝදගෙනම ආයේම ආවේ කොල්ලා එක්ක කතා කරන්න ඕන නිසා ….

” මන් මේක කරන්නම ඕනි .. එයාගේ සතුට , නිදහස එයාට දෙන්නම ඕනි .. එයාගේ සතුට තමා මගෙත් සතුට … මන් නැතත් හැමදාම මගේ පණ සතුටින් ඉන්න ඕනි .. ” 😔😔

හිතත් එක්ක තර්ක කරලා කොහොමහරි අන්තිමට එක තීරණයකට ඇවිත් කෙල්ල ඇවිදගෙන ගියේ සහේන්‍යගේ කැබින් එකට .. මේ පාර නම් මතක් කරලාම කෙල්ල දොරට තට්ටු කරලා සහේන්‍ය එන්න කියද්දියි ඇතුළට ගියේ ..

එකපාරටම කෙල්ලව දකිද්දි කොල්ලා පුදුම උනත් , නතාශා නම් හිටියේ කිසි ගානක් නැතුව .. මොකද නතාශා කලින් ඉදන්ම දැනන් හිටියා කෙල්ල ආවා කියන්න. කෙල්ලට පේන්නමයි නතාශා ඒ විදිහට කොල්ලව කිස් කලෙත්…

කලින් සිදුවීම මතක් වෙද්දි කෙල්ලගේ මුලු පපුවම රිදෙන්න ගත්තත් , අමාරුවෙන් මූණට හිනාවක් අරන් කෙල්ල ගියේ කොල්ලා ගාවට ..

” තැහැසි ඔයා … ඔයා මොකද මෙහෙ .. ? 🤨 මට එනවා කියලාවත් කලින් කිව්වේ නෑනේ .. ? මොකක්හරි හදිස්සියක්ද ? ” 🤨

” හදිස්සියක්මත් නෙවෙයි , ඒත් හදිස්සියක් තමා .. ” 😊

කෙල්ල හරි ලස්සනට හිනා වෙලා එහෙම කිව්වත් , කොල්ලාට ඉබේම සුසුමක් හෙලුනේ කෙල්ලගේ ඇස්වල හැංගිලා තියෙන කඳුලු දැකලා .. කොල්ලා ඉස්සර ඉදන්ම දකින්න අකමැතිම දේ තමා කෙල්ලගේ කඳුළු .. මොකද ඒ කඳුළු තියෙන්නේ කෙල්ලගේ ඇස්වල උනාට පිච්චෙන්නේ කොල්ලාගේ පපුව …

” ම්ම්ම්ම් කියන්නකෝ බලන්න මොකද්ද කියලා … ? ”

” මට අයියා එක්ක ටිකක් කතා කරන්න ඕන .. පුලුවන් නම් අපි එළියට යමුද ? ” 😊

” කතා කරන්න තියෙන දෙයක් මෙතන කතා කරමු නංගි , ප්‍රශ්නයක් නෑ මගේ කැබින් එකනේ .. ”

” ම්ම්ම් … මට කතා කරන්න ඕන අපි ගැන … අයි මීන් මෙහෙම දෙපැත්තකට වෙලා අපි ඉන්න එකේ කිසි තේරුමක් නෑනේ අයියේ .. එක්කෝ අපි එකතු වෙන්න ඕනි . නැත්නම් … ” 😔

” නැත්නම් ? නැත්නම් ඩිවෝස් වෙන්න ඕනිද ? ”

” හ්ම්ම්ම්ම්ම් ඔව් … මෙහෙම ඉන්න එකේ කිසි තේරුමක් නෑනේ . ඉතින් … 😔 තාමත් අයියා ඉන්නේ ඩිවෝස් වෙන්න ඕනි කියන තීරණේ නම් , මන් ඒකට කැමති … ” 😢😢

හිතේ වේදනාව පුලුවන් තරම් දරාගෙන කෙල්ල ඒ වචන ටික කියාගත්තේ බොහොම අමාරුවෙන් .. ඒ වචන ටික ඇහෙද්දිම කොල්ලාගේ පපුවත් වේදනාවෙන් ගැහන්න ගත්තේ , මෙච්චර දවස් බලාපොරොත්තු වුණ වචන ටික උනත් , තමන්ට අයිති දෙයක් නැතිවෙලා යනවා වගේ දැනෙද්දි ..

” ශා… වාව් … ඒ කියන්නේ ඔයා සහේන්‍යව ඩිවෝස් කරනවාද තැහැසි … 😍 අනේ ඔය ඇත්තමද ? මයි ගෝඩ් … මට නම් විශ්වාස කරන්නත් බෑ ..😳 ඒ කියන්නේ දැන් අපිට අපේ වෙන්න පුලුවන් නේද බබා … ඕහ් තෑන්ක් ගෝඩ් අන්තිමට අපේ ආදරේ දිනුවා … ” 💋💋

නතාශා සතුටින් උඩ පැන පැන කෑගහන දිහා තැහැසි බලන් හිටියේ වේදනාව පිරි සතුටකින් ..

” මෙයා අයියාට ගොඩක් ආදරෙයි වගේ ඒකනේ මෙච්චර සතුටු වෙන්නේ .. මටත් ඕන සහේන්‍ය අයියා සතුටින් ඉන්නවා දකින්න .. හැමදාමත් ඔය දෙන්නා සතුටින්ම ඉන්න ඕනි .. ”

එකපාරටම නතාශා දුවගෙන ඇවිත් කොල්ලාගේ කම්මුලකට දෙතොල් තියද්දි කෙල්ලට දැනුණේ පිච්චෙනවා වගේ .. ඒත් කෙල්ල වේදනාව මැඬගෙන හිනාවුණේ වෙන කරන්න දෙයක් නැති නිසා …

” අක්කා අයියාට ගොඩක් ආදරෙයි නේද ? ” 😊

” ඇයි මන් විතරක් සහේන්‍යත් මට ගොඩාක් ආදරෙයි … ” 😏

” ම්ම්ම් .. 😊 අක්කා ගොඩක් වාසනාවන්තයි අයියාගේ ආදරේ ලබන්න .. හැමදාම ඔයාලා සතුටින්ම ඉන්න ඕනි .. 😊 එනිවේ , මට ගොඩක් සතුටුයි ඔයාලා ගැන .. එහෙනම් මන් යන්නම් .. අයියා ඩිවෝස් පේපර්ස් මට එවන්නකෝ හොඳද ? ම්ම්ම් .. මන් යනවා එහෙනම් … ” 😊

තවත් කඳුළු නවත්තගන්න බෑ කියලා දැනෙද්දි කෙල්ල හැදුවේ පුලුවන් තරම් ඉක්මනට එතනින් එලියට එන්න … ඒත් , කොල්ලාට ඕන කලේ කෙල්ලව නවත්තගන්න .. නතාශා කොල්ලව නවත්තගද්දි , කෙල්ල ඉක්මනට එතනින් එලියට ආවේ කොල්ලාට මොකුත්ම කියාගන්න ඉඩක් නොදි ..

කාර් එක ළඟටම දුවගෙන ආව කෙල්ල කාර් එකට නැග්ග වෙලේ ඉඳන් ගෙදර එනකල්ම කෙරුවේ අඬන එක … තමන්ගේ පණ අතාරින්න … ? ඒක ලේසි දෙයක් නෙවෙයි කොහෙත්ම ..

ඒත් තවදුරටත් මේ බැඳීම අස්සේ කොල්ලව හිරකරගෙන ඉන්න එකේ තේරුමක් නෑ කියන්න කෙල්ල දන්නවා .. ඒ වගේම කොල්ලාගේ ආදරෙත් කොල්ලාට දෙන්න ඕන ඒ නිසාමයි කෙල්ල තීරණේ කලේ කොල්ලාව නිදහස් කරන්න ..

කොච්චර ඇඬුවත් කඳුළු නතරවෙන්නෑ කියන්න කෙල්ල දන්නවා .. ඒත් මේ කඳුළු වලට නිමාවක් දෙන්නම ඕනි …

🌿💢❣️🌿💢❣️🌿💢❣️🌿💢❣️🌿💢❣🌿

කෙල්ලගේ වචනත් එක්ක කොල්ලා හිටියේ කිසි දෙයක් හිතාගන්න බැරුව තාමත් දොර දිහා බලාගෙන … කොල්ලාට හිතාගන්න බෑ කෙල්ල තමන්ව අතාරිනවා කිව්වම …

කොල්ලාට ඕන උනෙත් ඒ දේම වෙද්දි කොල්ලාට එපා උනෙත් ඒ දේමයි .. ඒත් අද කෙල්ලම තමන්ව එපා කියද්දි කොල්ලාට දැනුණේ ලොකු වේදනාවක් .. එදා කෙල්ලට දැනුණා වගේම ..

” තවත් කොච්චර වෙලා ඔහොම බලන් හිටියත් වැඩක් නෑ එයා ගිහින් ඉවරයි … 😏 දැන් ඉතින් පුලුවන් තරම් ඉක්මනට ඔයා ඩිවෝස් පේපර්ස් රෙඩි කරන්න එතකොට ඒ කරදරෙන් නිදහස් … ”

නතාශාගේ මේ කතා වලට කොල්ලාට ආවේ පුදුම තරහක් . ඒත් මොනා කරන්නද වැරදි කලා නම් දඬුවම් විඳින්නම එපැයි … ඒ නිසා කොල්ලාත් ඉවසනවා ..

කාලය මාසයකින් ගෙවිලා ගියේ සහේන්‍යගෙත් , තැහැසිගෙත් ජීවිත වෙනස්කරමින් … පළවෙනි නඩු වාරය ඉවර උනත් තාමත් ඩිවෝස් එක හම්බුනේ නෑ .. සහේන්‍ය නම් දැන් ඉන්නේ තැහැසි එක්ක ලොකු තරහකින් .. ඒ මොකද කිව්වොත් තැහැසි තමන්ව අතෑරියා කියන දුක නිසා … ඒත් , කෙල්ල නම් උත්සාහ කලේ පුලුවන් තරම් හිනා වෙලා සතුටින් ඉන්න ..

මේ දෙන්නගෙම ජීවිත පිටිපස්සේ හැංගුණු ලොකු රහසක් තිබුණා … දෙන්නට දෙන්නා හංගන ඒ රහස දෙන්නගේම ජීවිත වල හැරවුම් ලක්ෂය වෙලා කියලා දෙන්නම දන්නේ නැහැ …

” අම්මා .. ”

” ඕ මැණික .. ”

” අම්මා .. අපි සිරිපා කරුණා කරමු .. ”

” ඒත් මැණික මේ වැස්ස කාලේ නේ .. ඒ නිසා සිරිපා කරුණා කරන්නේ නෑ කව්රුවත් .. ”

” ඒ කව්රුවත් නේ අම්මා .. මේ මමනේ .. අනේ හා කියන්නකෝ .. තාත්තාට කියලා පර්මිෂන් අරන් සහේන්‍ය අයියාලටත් එන්න කියමු .. 😔 අනේ ප්ලීස් අම්මා ම්ම්ම් … ”

” මන් හිතන්නේ නෑ දූ තාත්තා කැමති වෙයි කියලා .. මොකද මේ කාලේට වැස්ස නිසා උඩ නගින්න බෑ ලිස්සනවා .. මැණිකට කොහේහරි යන්නම ඕනි නම් අපි වෙන කොහේහරි යමු … ”

” මට වෙන කොහේවත් නෙවේ අම්මා යන්න ඕනා ..මට සිරිපා කරුණා කරන්නමයි යන්න ඕනා .. මොකද්ද අම්මා මේ මගේ අන්තිම ආසාව කියලා හිතන්නකෝ .. ඔයාලා ඔයාලගේ දුවගේ අන්තිම ආසාව ඉෂ්ට කරන්නේ නැද්ද .. “😢😢

” මොනාද මැණික ඔයා මේ කියන්නේ .. 😢 ඔයා දැන්මම අපිව දාලා යන්න හිත හදාගත්තද ? ” 😢😢

” කොහොමත් මට තව වැඩි කාලයක් නැහැනේ අම්මා 😊 ඔන්නම් තව සති දෙකක් , තුනක් විතර ඇති .. ඒ කාලේ ඇතුළත මට පුලුවන් තරම් මගේ හීන හැබෑ කරගන්න ඕන .. අම්මා මට සහේන්‍ය අයියාත් එක්ක සිරිපා කරුණා කරන්න ඕනි .. ඒත් ඒක කවදාවත් වෙන්නැති දෙයක් ඒ නිසායි තමයි කට්ටියම යන් කීවේ එතකොට එයාත් එයිනේ .. 😔ප්ලීස් අම්මා තාත්තාට කියලා කැමති කරවගන්න ප්ලීස් … ” 😔😔🙏

” අපි යමු මැණික මන් තාත්තාට කියන්නම්… මගේ මැණික හිනා වෙලාම ඉන්න ඕනි .. ඔය ඇස්වලට කඳුළු ගැලපෙන්නෑ .. ” 😊

” ආදරෙයි අම්මා … ” 😘😘😘😔

ප්ලීස් සහේන්‍ය අයියේ මේ ගමන මට ඔයත් එක්කමයි යන්න ඕනි .. ඒ නිසා නෑවිත් ඉන්න එපා .. මොකද ආයේම මේ තැහැසිට ඔයාලා එක්ක කොහේවත් යන්න එන්න වෙන්නෑ .. 😔

ඔව් ඇත්ත කෙල්ලට තව ජීවත් වෙන්න තියෙන්නේ සති දෙකක විතර පුංචි කාලයක් විතරයි . කෙල්ලට එහෙම උනේ අර ඇක්සිඩන්ට් එක නිසායි .

එදා ඒ ඇක්සිඩන්ට් එකෙන් කෙල්ලගේ මොළේ පොඩි තුවාලයක් වෙලා එතනට ලේ ගිහින් ලේ කැටි ගැහීමක් වෙලා .. ඒක ඔපරේෂන් එකකින් වත් , බෙහෙත් බීලා වත් සුව කරන්න බැරි තුවාලයක් .. ඒ නිසාම මොළේ ලේ කැටියකින් කෙල්ලගේ මරණයේ දින තීරණය වෙලා ..

මේ ගැන සහේන්‍ය ඇර සහේන්‍යගේ දෙමාපියො පවා දන්නවා .. කවදාවත් කොල්ලව අතාරින්න ලෑස්ති නැති කෙල්ල එකපාරටම කොල්ලව අතෑරලා දාන්න හේතුවත් මේකමයි ..

” මගේ සතුට තියෙන්නේ එයා ගාව .. එයා සතුටින් නම් මාත් සතුටින් .. ” 😊

කෙල්ලට ඕනි කොල්ලාව සතුටින් තියන්න .. කොල්ලගේ ආදරේ කොල්ලට ලබාදීලා කොල්ලාගේ අනාගතේ ලස්සන කරන්න .. කෙල්ල හිතන්නේ නතාශා කොල්ලාට ගොඩක් ආදරෙයි එයාව ගොඩක් හොඳට බලාගනී කියලා .. ඒ නිසාමයි කෙල්ල කොල්ලාව නතාශාටම දෙන්නේ ..

මේ කිසි දෙයක් නොදන්න කොල්ලා හිතන්නේ කෙල්ල තමන්ට දැන් ආදරේ නෑ කියලා .. ඒ නිසායි තමන්ව අතාරින්නේ කියලා … ඒ නිසායි කොල්ලට කෙල්ල එක්ක කේන්ති ..

කොහොමහරි අන්තිමට සිරිපා කරුණාවට කට්ටිය කැමති වුණා .. ගොඩක් ආසාවෙන් කෙල්ල එදා සහේන්‍ය එනකල් බලන් හිටියේ ..

ඒත් …..

🌀🍂🌿🌀🍂🌿🌀🍂🌿🌀🍂🌿🌀🍂🌿🌀

______________________________

🌿🤫️🌿✍️____දෙවන හීනය____✍️🌿🤫🌿

💢❣️💢❣️💢❣️💢❣️💢❣️💢❣️💢❣️💢❣️💢

කොහොමහරි අන්තිමට සිරිපා කරුණාවට කට්ටිය කැමති වුණා .. ගොඩක් ආසාවෙන් කෙල්ල එදා සහේන්‍ය එනකල් බලන් හිටියේ ..

ඒත් …

🌿💢❣️🌿💢❣️🌿💢❣️🌿💢❣️🌿💢❣️🌿

නොහිතපු විදිහට සහේන්‍ය එක්ක ආපු නතාශාව දැකලා කෙල්ලගේ සතුට එහෙම් පිටින්ම නැතිවෙලා ගියා .. ඒත් මෙහෙම හරි කොල්ලා ආව එක ගැන හිතලා කෙල්ල සතුටු උනා ..

මුලු ගමන පුරාවටම තැහැසිට ළං වෙන්න බැරිවෙන්න නතාශා හිටියේම සහේන්‍ය එක්ක .. සහේන්‍යට ඒක වදයක් උනත් වෙන කරන්න දෙයක් තිබ්බෙත් නෑ …

සහේන්‍ය නතාශාට මේ ගමන ගැන නොකිව්වත් නතාශා කොහොමහරි මේ ගැන දැනගෙන සහේන්‍යට බලකරලාමයි මේ ගමන ආවේ .. නැතුව සහේන්‍යට ඕන උන්නෑ නතාශාව එක්කන් එන්න.

සහේන්‍යට ඕන උනේ තැහැසි එක්ක ටිකක් නිදහසේ කතා කරන්න .. ඒත් ඒකට නතාශාගෙන් කිසිම ඉඩක් ලැබුණේ නෑ …

සිරිපා කරුණාව අවසානයේ දී තැහැසි හිටියේ බංකුවක් උඩ වාඩිවෙලා රෑ අහස දිහා හිස් හැඟීමකින් බලාගෙන .. තැහැසිව දැකපු සහේන්‍ය එතනට ඇවිත් කෙල්ල ළඟින්ම වාඩිවුණේ කෙල්ලත් එක්ක කතා කරන්නමයි ..

” මොනා ගැනද ඔච්චර කල්පනා කරන්නේ ම්ම්ම් …? ” 😊

” අර බලන්න … අර තරුව ඔයාට පේනවාද ? ”

” ම්ම්ම් ඔව් . අර අතන තියෙන එකනේ … ” 🤨

” හ්ම්ම් ඔව් .. දන්නවාද ඒ තරුව ගොඩ කාලයක් තිස්සේ ඉඳන් තමා කළුවර අහස එළිය කරන්නේ .. ඒත් , හඳ පායපු දාට අර අහසට ඒ තරුව වැඩක් නැතුව යනවා ..මොකද ගොඩක් එළිය දෙන හඳ තියෙනවානේ …. ඒත් අමාවක ආපුහම කළුවර අහස ආයේම එළිය කරන්නේ අර පුංචි තරුව මිස හඳ නෙවෙයි .. ඒත් දන්නවාද ? කොච්චර උනත් අහසත් කැමති හඳට මිසක් අර වගේ පුංචි තරුවකට නෙවෙයි … හැබැයි … දවසක් එනවා අන්න අර වගේම ඒ පුංචි තරුවත් සදහටම නිවිලා යන .. අන්න එදාට තමා අහස තේරුම් ගන්නේ හැමදාම ළඟ හිටියේ ඒ වැඩකට නැති තරුව මිස පුරහදට විතරක් පායන හඳ නෙවෙයි කියලා … ” 😊😊

” හරියට අපේ ජීවිත වගේ නේද ?… ” 😔

” හ්ම්ම් ඔව් .. 😊 අර දැක්කද අයියේ , ඒ තරුව නිවිලා ගියා … ”

” එතකොට මේ තරුවත් අහස තනිකරලා ඉක්මනටම නිවිලා යනවාද ? ” 😔

කොල්ලා එහෙම ඇහුවේ කෙල්ලගේ ඇස් දෙක දිහාම බලාගෙන .. ඒත් නොහිතපු විදිහට කෙල්ල දීපු උත්තරේ නිසා කොල්ලා ගැස්සිලා ගියේ මුලු ආත්මය පුරාම ඇදිලා ගිය අමුතුම බයක් එක්ක ..

” ළඟදිම ” 😊😊

” තමුසේත් මහ විකාර දේවල් තමා හිතන්නේ .. 😡 ඔය ගොන් අදහස් කොහෙන්ද තමුසෙගෙ ඔලුවට එන්නෙ .. ” 😡

කෙල්ලත් ඒ විදිහටම තමන්ව දාලා යයිදෝ කියලා අනිසි බියක් ඇතිවෙත්ම කොල්ලා බොරු තරහක් මවාගත්තේ බය හංගන්න ..

” මෙන්න මෙතනින් .. ” ❤️ 👈

කෙල්ල එහෙම කියලා කෙල්ලගේ අත ගෙනිහින් තිබ්බේ හදවත උඩින් …

” විකාර .. ” 😡

” එහෙම කියන්න එපා . හදවත කවදාවත් බොරු කියන්නේ නෑ .. ඒ නිසා හදවතට ඇහුම්කන් දීලා බලන්න .. ” 😊

” හ්ම්ම්ම්ම් .. ” 😔😔

කොල්ලා සුසුමක් හෙලලා බලන් හිටියේ තාමත් අහස දිහා බලන් ඉන්න කෙල්ල දිහා …

” මගේ හදවත කියන දේ ඇහුවොත් මන් කරන්නේ වැරැද්දක් වෙනවා මැණික .. ඒ නිසායි මන් හදවත වහලා දාලා මොළේ කියනදේ කරන්නේ .. ඒත් ඇත්තටම නම් මට ඕනි මගේ හදවත කියන දේ අහන්න .. ඒත් මොනා කරන්නද මන් අසරණයි නේ .. මන් .. මන්.. ලොකු වැරැද්දක් කලා මැණික උබට .. 😔 මට බෑ කවදාවත් ඒකට මටම සමාවක් දීගන්න .. ඒකයි මන් ඒ වැරැද්දට දඬුවම් විඳින්නෙත් .. ” 😔😔

කොල්ලා තම සිතත් එක්කම දොඩමළු උනේ වෙන කාටවත් මේ ගැන කියන්නට බැරි නිසාම .

කොහොමින්හරි සිරිපා කරුණාවෙන් පස්සෙත් සතියක්ම ගෙවිලා ගියේ හරි ඉක්මනට .. කෙල්ලට තව තියෙන්නේ උපරිම දවස් 2ක් හෝ 1ක් විතරයි … ඒ නිසා කෙල්ලගේ වටේ ඉන්න හැමෝම ඉන්නේ දරාගන්න බැරි දුකකින් ..

කෙල්ලටත් දුකයි මේ හැමෝම දාලා යන්න . ඒත් , මොනා කරන්නද යන්නම වෙනවානේ .. වේදනාව හංගගෙන හිනා වෙලා හිටියාට මේ හැමෝටම වඩා කෙල්ල හිතින් විදෝනවා ..

ඒත් ඒක අනිත් අයට පෙන්නන්නැත්තේ , එහෙම උනොත් එයාලා තවත් දුක් වෙන නිසා ..

කොහොම හරි කෙල්ලගේ මොළේ මැරුණට හදවත මැරෙන්නේ නැති නිසාම, මේ වෙද්දිත් කෙල්ලගේ හදවත ඇතුලු ගන්න පුලුවන් අවයව හැම එකක්ම , ජීවත් වෙන්න අයදින අය වෙනුවෙන් කෙල්ල කැපකරලා තියෙන්නේ .. ඒ නිසාම කෙල්ල මැරුනත් , පණ ගැහෙන කෙල්ලගේ අවයව නිසා ගොඩක් දෙනෙක් තුළ කෙල්ල ජීවත් වෙයි ..

මේ අතරේ කොල්ලා හිටියේ හොඳටම අව්ල් වෙලා .. විශ්වාස කරපු හැමදෙයක්ම බොරුවක් වෙලා තියෙද්දි කොල්ලට තවත් දරාගන්න බැරි වුණා …

ඒ වගේම කෙල්ලව නැතිකරගත්ත එකටත් කොල්ලා ඉන්නේ කොල්ලා එක්කම තරහින් .. ඒ නිසාමයි දෙපාරක් නොහිතා ක්ලබ් එකකට කාර් එක දාපු කොල්ලා , කෙලින් හිටගන්න බැරි වෙන්නම බිව්වේ …

🌀🍂🌿🌀🍂🌿🌀🍂🌿🌀🍂🌿🌀🍂🌿🌀

එකපාරටම කෙල්ලට ආව කෝල් එකක් නිසා ඉක්මනටම පාරට ආව කෙල්ල කැබ් එකක් අරන් ආවේ කොල්ලා ඉන්නවා කියපු ක්ලබ් එකට ..

මේ වගේ වෙලාවකට තනියම කෙල්ලෙක්ට එන්න නුසුදුසු තැනක් උනත් , කොල්ලා ඉන්නේ හොඳ සිහියෙන් නොවන නිසා කෙල්ලට පුලුවන්කමක් තිබ්බේ නෑ කොල්ලාව මෙතන තනිකරන්න . ඒ නිසායි දෙපාරක් නොහිතාම කෙල්ල ඇතුළට ගියේ …

කොල්ලා ඉන්නවා කියපු තැනට ගිය කෙල්ල දැක්කේ කෙලින් හිටගන්නවත් බැරි තරමට බීලා ඉන්න කොල්ලාව .. කොල්ලා කවදාවත් මෙච්චර බීලා නෑ කියන්න කෙල්ල හොඳටම දන්නවා .

” අයියාට මොකක්හරි ප්‍රශ්නයක් ඇති නැත්නම් කවදාවත්ම මෙයා මෙහෙම ඩ්‍රින්ක්ස් ගන්නෑ .. ” 🤔

බොහොම අමාරුවෙන් වේටර් කෙනෙක්ගෙත් උදව් ඇතුව කාර් එක ගාවටම කොල්ලාව එක්කන් ඇවිත් , කෙල්ල කෙලින්ම ආවේ කොල්ලා දැන් ඉන්න කොල්ලාගේ අලුත් ගෙදරට ..

ඒ කරලා බොහොම අමාරුවෙන් කොල්ලාවත් ඇඟට වාරු කරගෙනම කාමරේට අරන් ආවේ දෙතුන් පාරක් වැටෙන්නත් ගිහින් ..

” අර්හ්හ්.. මෝඩයා .. 😡 මොකට බොනවාද මන්දා මෙච්චර 😑 කෙලින් හිටගන්නවත් බෑනේ .අනේ මන්දා මොනා වෙලාද මෙයාට අද ? ” 😒😒

” සු..දු නෝ..නා , ම..ගේ මැණි..ක ඔ.යා ආ.වා..ද මා.ව බල.න්..න ම්ම්ම් … 😍 බල..න්න..කෝ ඉති..න් අද මන් ටික. ක් වැඩිපුර ඩ්‍රින්ක්..ස් ගත්තා .. 😍 ම..ට ඉතින් දුක..යි නේ ගොඩ..ක් ..😢😢 ඉතින්..න් මන් හොඳටෝ..ම බිව්..වා .. මේ .. ” 🤭😋😋

කෙල්ලගේ කොන්ඩ කෑලි අතින් එහෙට මෙහෙට කර කර කොල්ලාත් මෙලෝ සිහියක් නැතුව කියෝනවා ..

” හරි හරි .. කෝ ඉතින් .. හොඳ ළමයා වගේ දඟලන්නේ නැතුව ඉන්නකෝ . තව චුට්ට දුරයි .. ” 😒😒

කෙල්ල කොහොමහරි මේ අලි පැටියා එක්ක ඔට්ටු වෙලා , යන්තම් කොල්ලාව ඇඳට දාගත්තා ..

” හම්මෝ .. මගේ කොන්ද .. 😖 මේකා ගිලින්නේ යකඩද මන්දා.. 😖 පුදුම බරක්නේ යකෝ තියෙන්නේ .. ” 😖

කෙල්ල කොන්දත් අත ගගාම ඇවිත් ඒසී එකත් දාලා , කොල්ලගේ සපත්තු දෙකත් ගලෝලා , ඇදන් හිටිය ෂර්ට් එකේ උඩ බොත්තම් ටික ගැලෙව්වේ කොල්ලට දාඩිය නිසා ..

ඒත් ඒ නිරුවත් පිරිමි පපුව දකිද්දි , අමුතුම කෝලබවකින් කෙල්ලගේ මුලු හිතම පිරිලා ගියා ..

හදිසියේම ඇතිවුණු හැඟීමක් නිසාම හිමීට ඒ පපුවට පහත්වෙලා කෙල්ලගේ තොල් පෙති ලාවට වගේ තියලා , කෙල්ල ඒ නිරුවත් පිරිමි පපුව සිපගත්තේ උතුරා යන ආදරෙන් …

කොල්ලගේ ඔලුවෙයි , යටිපතුල් දෙකෙයි ගාන්න දෙහි ගෙඩියක් ගේන්න පහළට යන්න හදද්දිම , එකපාරටම කොල්ලා කෙල්ලව ඇදලා ගත්තේ ඒ නිරුවත් පිරිමි පපුව උඩටමයි …

කෙල්ලට දැනුණේ ඇඟ පුරාම කරන්ට් එක දුවනවා වගේ … කෙල්ල කොච්චර ඒ පපුවෙන් අයින්වෙන්න හැදුවත් කොල්ලා නම් කෙල්ලව අතෑරියෙම නෑ …

” යන්න එපා සුදු නෝනා .. මට බෑ ආයේම මගේ මැණිකව නැති කරගන්න .. ප්ලීස් මා ගාවම ඉන්න .. 😢 මාව තනිකරන්න එපා .. මට උබව ඕනේ සුදු නෝනා .. මගේ මුලු ජීවිත කාලේටම මට උබව ඕනෙ .. 😢 මන් ලොකු වැරැද්දක් කලා . ඒ නිසාම මන් උබව නැතිකරගත්තා ..😢 ආයේම නම් බෑ මට උබ නැතුව ඉන්න . ඊට වඩා හොඳයි මන් මැරිලා යනවා .. ” 😢😔

” අයියේ මොනාද ඔයා මේ කියවන්නේ .. කවදාවත් ඔහොම හිතන්නවත් එපා … 😢 මන් ඔයාව දාලා කොහේවත් යන්නෑ … මන් ඉන්නේ මේ ඔයා ගාවමනේ .. ඔයාව දාලා මන් කොහේ යන්නද ? ” 😢

” ඒත් මට බයයි මැණිකේ උබ මාව දාලා යයි කියලා 😢මට බයයි … එහෙම උනොත් නම් මන් ජීවත් වෙන්නෙත් නෑ .. මාත් එනවා උබ පස්සෙන්ම .. ” 😢😢

” මොනාද අයියේ මේ කියවන්නේ …😢 ඔයාට නම් හොඳටම පිස්සු .. කෝ අතාරින්න මාව නැගිටින්න ඕනි මට .. ” 😒

කොල්ලා කියන මේ දේවල් කෙල්ලට නම් හීනයක් වගේ ..

” අයියා මෙහෙම කියන්නේ මන් නතාශා කියලා හිතන්ද ? එහෙම නැත්නම් ඇත්තටම අයියා මේ කියන්නේ මන් ගැනද ?😢 ඒත් .. ඒත් එහෙම වෙන්නේ කොහොමද .. මට මොකුත් තේරෙන්නෑ. ඒත් මට සමාවෙන්න මගේ අයියේ 😢😢 මට ඔයා ළඟ ඉන්න බෑ මට යන්න වෙනවා සදහටම .. “😭

බොහොම අමාරුවෙන් කොල්ලාගේ අත්වලින් ගැලවිලා නැගිටින්න හැදුවත් , ආයේම ඒ ශක්තිමත් අත් වලට අහුවෙලා කෙල්ල ඇදිලා ගියේ ඇද උඩට .. ඒ කරලා කොල්ලා කෙල්ලගේ ඇඟ උඩට ඇවිත් කෙල්ලගේ ළැම මත ඔලුව තියාගත්තේ .. ලොකු කතාවක් කියන්න වගේ ..

” තැහැසි .. මැණික .. 😢 ඔයා හිතනවා ඇති මන් මේ අසිහියෙන් කියෝනවා කියලා නේද ? ම්ම් .. මන් ඉන්නේ හොඳ සිහියෙන් බබා ..😔 ඒත් මන් ටිකක් විතර නම් බිව්වා ඉතින් .. 🤭 මට ඕනි උනේ ඔයා එක්ක කතා කරන්න . ඒකයි මන් ඔයාව ගෙන්නුවේ .. මට ඔයාට කියන්න දිග කතාවක් තියෙනවා මැණික … 😔අද අපි මෙහෙම දෙපැත්තකට වෙලා විඳවන්න හේතුවුනේ අන්න ඒ කතාව .. මට අද ඒක ඔයාට කියන්නම ඕනි .😔ඔයා අහගෙන නේද ඉන්නේ .. ”

කොල්ලා ඔලුව උස්සලා බැලුවේ , කිසි සද්දයක් නැතුව කොල්ලාගේ ඔලුව අතගාන කෙල්ල දිහා .. කෙල්ලත් ඔලුව වනලා ඔව් කියද්දි කොල්ලා ආයේම කතාව පටන් ගත්තෙ කෙල්ල පුදුමයෙනුත් , දුකේනුත් , සතුටිනුත් ඒ දේවල් අහන් ඉද්දි …

” දන්නවාද නංගි මන් එදා අපේ වෙඩින් එක දවසේ ඔයාව මැරිකරන්න බෑ කිවේ ඇයි කියලා.. මොකද .. මොකද මගේ අතින් නතාශාට ලොකු වැරැද්දක් උනා . ඒ නිසායි හිතට එකඟවම මට ඔයාගේ වෙන්න හිත හදාගන්න බැරි උනේ .. 😔අපි එන්ගේජ් වෙලා හිටියත් අපි අතර කිස් එකකින්වත් කනෙක්ෂන් එකක් තිබුණේ නෑනේ . ඒ නිසා ඔයාට ආයේම මැරෙජ් එකක් කරගන්න පුලුවන් . ඒත් මන් නතාශා එක්ක ඊට වඩා දුර ගියා 😔 ඒ නිසයි එයාව මැරිකරන්න මන් එයාට පොරොන්දු උනේ , මොකද එයා ගෑනියෙක් උනේ මගෙ අතින් කියලයි මන් හිතන් හිටියේ .. ඒ නිසායි හැමෝටම දුක් දීලා මන් ඔයාව අතෑරියෙ .. ඒත් මන් හිතින් ගොඩක් දුක් වින්දා .. 😢 දන්නවාද ඔයාට එදා මන් ආදරේ නෑ කිවේ හිතට එකඟව නෙවෙයි . මොකද ඒ වෙද්දිත් ඔයා ගැන මගේ හිතේ මොකද්ද නොතෙරේන හැඟීමක් තිබුණා . ඒත් ඒක මට තේරුම් ගන්න ගොඩක් කල් ගියා .. ඇත්ත , කලින් මට නතාශා ගැන හැඟීමක් ඇති උනා මන් හිතුවේ ඒ ආදරේ කියලා . නෑ ඒත් ඒ ආකර්ශනයක් විතරයි .. දවසක් මීටින් එහෙකට බණ්ඩාරවෙල ගියවෙලාවේ මන් ටිකක් විතර ඩ්‍රින්ක්ස් ගත්තා . ඒත් ඒකට කව්රු හරි මත් වෙන්න මොනාහරි දාලා .. ඒ නිසා මට කිසි දෙයක් මතක තිබුණේ නෑ .. අඩුම මන් රූම් එකට ආවාද කියලවත් මට මතක නෑ .. එදා තමා මේ ඔක්කොම වුණේ .. එදා උදේ මන් නැගිටිද්දි මගේ එහා පැත්තෙ නතාශා ඉන්නවා දැක්කම මට පිස්සු හැදුන්නැති ටික විතරයි .. ඒත් එයා එතනට කොහොම ආවාද කියන්නවත් මන් දන්නෑ .. මන් මෝඩයෙක් වගේ ඒකී කිව්ව හැමදේම විශ්වාස කරලා තමුසෙව අතෑරලා ඒකිව බාරගන්න හැදුවේ … දන්නවාද එදා තමුසෙ මට ඩිවෝස් එක දෙන්නම් කිව්වම මට මැරෙන්න හිතුනා ඕයි .. 😢😢මට ඕන උනේ නෑ නංගි තමුසෙව නැති කරගන්න . මොකද මන් ඒ වෙද්දිත් තමුසෙට පිස්සුවෙන් වගේ ආදරේ කරනවා . ඒත් මට මොකුත් කරගන්න බැරිවුණා .. 😢 මන් තමුසේ එක්කත් හිටියේ තරහින් මාව දාලා යන්න දඟලනවට .. කොහොමහරි මන් නතාශාව ගොඩක් විශ්වාස කලා මොනා උනත් මගෙන් වැරැද්දක් වෙච්ච නිසා මන් භාරගන්නයි ලෑස්ති උනේ .. ඒත් 😡 ඒත් අද මන් දැනගත්තා ඒ හැමදෙයක්ම ඒකිගේ ප්ලෑන් එකක් කියලා 😡 ඒකි හැදුවේ කොහොමහරි මගේ වයිෆ් වෙලා මාව මරලා මගේ ප්‍රොපටීස් අරගන්න .. ඒ වගේම එදා සිද්ද උන හැමදේම ඒකිමයි කරලා තියෙන්නේ 😡මට ඩ්‍රග්ස් දීලා වෙන එකෙක් එක්ක බුදියලා උට කියලා මගේ ඇදුනුත් අයින් කරලා මන් හොඳටම විශ්වාස කරන තැනට වැඩ සිද්ද කරලා , ඒකි මාස්ටර් ප්ලෑනක් ගැහුවේ 😡 ඒත් ඒකිගේ අවාසනාවට ඒකිව මගේ අතටම අහුවුණා .. දැන් ඒකීයි , ඒකීගේ හෙන්චයියෝ ටිකයි ඉන්නවා පොලිස් කූඩුවේ .. 😡 අහ්…තව එකක් ☝️ තව එකක් ඒ ගෑනි කිව්වා .. තමුසෙව මරන්න හැදුවා කිව්වා ඇක්සිඩන්ට් කරවලා , ඒත් ඒක හරි ගියෙ නෑ කිව්වා ..ඇත්තද ඒ කතාව ? 🤨 ආහ්.. තමුසෙව කව්රු හරි ඇක්සිඩන්ට් කරන්න හැදුවද ? 🤨 නැත්නම් ඇක්සිඩන්ට් උනාද ? මොකද මන් දන්න තරමින් නම් තමුසෙට එහෙම මොකුත් උන්නෑ .. 🤔

” එතකොට ඒ එයාද ? ” 😔

” මොකද්ද ?” 😳

” හ්ම්ම් … 😔 අපේ වෙඩින් එකෙන් සතියක්වත් යන්න කලින් අපේ කාර් එක කන්ටේනර් එකක හැප්පුනා . ඒකෙන් ඩ්‍රයිවර් අන්කල් නැතිවුණා ඒත් මන් බේරුනා .. ”

කෙල්ල ඒ ටික නම් කිව්වේ සිහින් ඉකියකුත් එක්ක .. කෙල්ලට හිතුනේ කෑගහලා කියන්න ,

” මන් බේරුනේ නෑ මගේ අයියේ .. මන් බේරුනේ නෑ.. අවාසනාවකට මට යන්න වෙනවා .. 😭😭 හෙට නැත්නම් අනිද්දම මන් යන්න යයි සදහටම ඔයාව දාලා ” 😭😭

” ශිට් ඔය ගෑනි 😡😡😡 මන් ඉතුරු කරන්නේ නෑ ඕකිව .. 😡😡😡 ඒත් , මෙච්චර දෙයක් වෙලත් ඇයි කව්රුවත්ම මට මේ ගැන නොකිව්වේ ආහ් …😡😡 මන් මේ කියනකන් දන්නෑ තමුසේ ඇක්සිඩන්ට් උනා කියලා . ඇයි මට නොකිව්වේ ආහ් .. 😡😡 ඇයි මට නොකිව්වේ .. තමුසෙ හොඳටම දන්නවා මන් තාමත් තමුසෙගේ හස්බන්ඩ් .. 😡 එහෙම ඒකේ මට දැනගන්න අයිතියක් තියෙනවා තමුසේ ගැන හැමදේම .. ” 😡

” හරි හරි ඉතින් මැට්ටෝ .. කේන්ති ගන්න එපා .🤭 මන් දන්නවාද ඔයා දන්නේ නෑ කියලා . අනිත් එක , මන් හිතුවේ තාත්තාලා කියලා ඇති කියලා ඔයාට . ඒ නිසා මන් කිව්වෙත් නෑ ඉතින් . අනික ඔයා එතකොට මා එක්ක කතා නෑනේ ඉතින් .. ” 😊

” හරි හරි මමයි ඒකටත් වැරදි . මාත් හොයලා බැලුවේ නෑනේ ඉතින් ” 😒😒

” ඒකනේ “🤭

” ඒත් දැන් නම් හොයලා බලන්න පුලුවන් “😋😌

” අනේ එපා අනේ කිචි මට ” 🤭🥺

කොල්ලා ගවුමට උඩින් කෙල්ලගේ බඩේ රැවුල අතුල්ලද්දි කෙල්ල දැගලුවේ පොඩි එකෙක් වගේ කිතියෙන් .. දෙන්නගේම හිත් වල කවදාවත් දැනිලා නැති නුහුරු හැඟීම් ඇති වෙද්දි කොල්ලා බැලුවේ කෙල්ලගේ ඇස් දෙක දිහා ..

තප්පර ගානකින් ඒ සිව්නෙත් එකට යාවෙද්දි , ඒ ඇස්වලම පැටලිලා හිටි කොල්ලාගේ ඇස් ගියේ නා දළු වගේ රෝසපාට කෙල්ලගේ පුංචි තොල්පෙති දිහාටම .. තප්පර ගානකින් කොල්ලාගේ දෙතොල් කෙල්ලගේ දෙතොලතර පැටලුණේ කෙල්ලගේ ප්‍රථම හාදුව එලෙසින් සටහන් වෙද්දි ..

විනාඩි කිහිපයක් කෙල්ලගේ දෙතොලතර දඟකරපු කොල්ලගේ තොල් කෙල්ලගේ මූණ පුරාත් , ගෙලෙහිත් , ළැම පුරාත් ආදරණීය නොඉවසිල්ලකින් දිව‍යද්දි , කෙල්ලත් කොල්ලාට ඉඩදීලා බලන් උන්නේ සියුම් කෙඳිරියක් ද සමඟ තරමක අනුබලයක්ද දෙමින් …

මොහොතකින් සහේන්‍ය තැහැසිගේ දෑස් දෙස ආයාචනාත්මක බැල්මක් හෙලද්දි , තැහැසිද ඊට පිළිතුරක් වශයෙන් සහේන්‍යගේ දෙතොලතර කෙටි හාදුවක් තබා ඒ පපුවේ මූණ හොවා ගත්තේ .. ඒ රාත්‍රිය ඔවුනොවුන්ගේම බව පවසන්නාක් මෙනි..

සියුම්ව ඇරඹී සිපුම් රළුවත්ම නීතියෙන් මෙන්ම සිතින් හා ගතිනුත් ඔවුනොවුන් බැඳීගියේ , තම ප්‍රේමයේ ජයග්‍රහණයක් ලෙසිනි ..

නමුත් , ඔවුන් නොදන්නා එක් දෙයක් ඇත ..

එය නම් , මේ ගෙවී යනුයේ ඔවුන්ගේ ප්‍රේමයේ පළමු හා අවසාන රාත්‍රිය මෙය වන බවය ..

🍂🌀🌿🍂🌀🌿🍂🌀🌿🍂🌀🌿🍂🌀🌿🍂

අනුරාගී හෝරා කිහිපයකට පසු සහේන්‍ය තැහැසිගේ සිරුරෙන් ඉවත් උනේ , ඒ නළල මත ආදරණීය දීර්ඝ සිපුමක්ද තබමින් ..

කොල්ලා ,කෙල්ලවත් පපුවට තුරුල් කරගෙන මහා ලෝභකමින් නින්දට වැටුණේ හෙට දවස ගැන සියුම් බියක්ද හිතට දැනෙද්දි ..

පුරුද්දට වගේ උදෙන්ම ඇහැරුනු කොල්ලා මුලින්ම දැක්කේ හා පැටියෙක් වගේ තමන්ගේ පපුවට තුරුලු වෙලා ඉන්න කෙල්ලව .. කෙල්ලගේ මූණට වැටිලා තියෙන කෙස් රොදක් කන පිටිපස්සේන් රදෝලා කොල්ලා කෙල්ලගේ නළල සිපගත්තේ හරි පරිස්සමට ..

ඊට පස්සේ වොශ් එකක් දාගෙන ආයේම රූම් එකට එද්දි කොල්ලා දැක්කේ ඇඳ දිහාම බලාගෙන බිම ඉදන් අඩන කෙල්ලව .. කෙල්ල අඩන්නේ ඇයි කියලා හිතාගන්න බැරුව කොල්ලා ඉක්මනටම එතෙන්ට ආවේ කෙල්ලට කරදරයක් ද කියලා බයෙන් ..

” ඇයි මැණික මේ අඩන්නේ .. මොකද උනේ ..? ”

එකපාරටම කොල්ලගේ පපුවේ මූණ හොවා ගත්තු කෙල්ල ඇඟිල්ලක් දික් කරලා ඇඳ රෙද්ද පෙන්නුවේ , ඒ දිහා බලලා කොල්ලාගේ මුවේ ජයග්‍රාහී හීන් හිනාවක් එක්කම කෙල්ල ගැන තව තවත් ආදරේ හිතේ වැඩිවෙද්දි ..

” හයියෝ ඒකටද මේ මගේ පොඩි එකී උදේ පාන්දර හොටු පෙරන්නේ .. කෝ මෙහෙ බලන්න .. 😍 ම්ම් .. ඔයාට පිං මැණික මාව සම්පූර්ණ මිනිහෙක් කෙරුවට .. 😘 මන් මේවා බලාපොරොත්තු වුණේ නෑ , ඒත් මොනදේ උනත් මගේ කෙල්ල පිරිසිදුයි කියන්න මන් දන්නවා ඒක ඔප්පු කරන්න මට මේවා ඕනිම නෑ .. තේරුනාද ම්ම් .. ” 😘😘

” ම්ම් කෝ කෝ ඉතින් , ඉක්මනට ගිහින් වොශ් එකක් දාගෙන ලෑස්ති වෙන්නකෝ ගමනක් යන්න … ” 😘

” ම්ම්ම් .. ” 😊

බාත් රූම් එකට යන්න ගිය කෙල්ලව එකපාරම කොල්ලා ඇදලා අරන් ඒ තොල්මත කෙටි හාදුවක් තිබ්බේ දඟකාරකමට වගේ …

ටිකකින් වොශ් එකක් දාන් , ටවල් එක පිටින් රූම් එකට එන්න ආපු කෙල්ල එකපාරටම නැවතිලා ආයේම කණ්නාඩිය දිහා බැලුවේ , ඇඟ පුරාම මරණ බය පැතිරෙද්දි ..

එහෙම්ම දකුණු අතින් නහය පිසදාපු කෙල්ල දැක්කේ තමන්ගේ අතේ තියෙන ලේ බිංදු ටික දිහා ..

විනාඩි පහක් විතර සැරෙන් සැරේ මූණ හෝද හෝද කෙල්ල දියඇල්ලක් වගේ නාස් කුහර තුලින් සීරුවට පහළට බේරේන රුධිර දාරා පිස දැම්මේ ඇස් වලින් කඳුළු ගංගාවක් ගලායද්දි ..

කෙල්ල තවමත් එළියට එන්න පරක්කු නිසා කොල්ලා බාත් රූම් එක ළඟට ඇවිත් කෙල්ලට කතා කරන්න හදද්දිම කලබලෙන් වගේ එළියට ආපු කෙල්ල නැවතුණේ කොල්ලගේ ඇගෙත් හැපිලා ..

” මොකෝ මැණික මේ .. “🤨

” මු..මුකුත් නෑ .. ම..මට අමතක උනානේ මේ .. මේ ම.ට ඇදුම් .. ” 😓

” අර තියෙන්නේ ඒක ඇදගෙන ලෑස්ති වෙන්න හොඳද …” 😊

කොල්ලට තේරුනත් කෙල්ල මොකකටම හරි බයවෙලා කියලා කොල්ලට හිතාගන්න බැරිවුණේ ඒ මොකටද කියලා … ඒත් ඒ ගැන අහන්න ගියොත් කෙල්ල තවත් බයවෙයි කියලා හිතුණු නිසාම කොල්ලා මොකුත් නාහා කෙල්ලට ඇදගන්න දීලා එළියට ගියේ කෙල්ලට ටිකක් තනියම ඉන්න දුන්නොත් හොඳයි කියලා හිතුණු නිසා ..

කොල්ලා එළියට ගියාට පස්සේ කෙල්ල ඇද උඩ තිබුණු අලුත්ම සුදු පාට දෙපතුලට ගාවට දිග ගවුම අතට ගත්තේ , හිතේ දාහක් හැඟීම් කෑකෑරෙද්දි .. 😢😢

ගවුමත් ඇදලා , කොන්ඩෙත් පීරගෙන කෙල්ල බැලුවේ කණ්නාඩියෙන් පේන තමන්ගේ රූපේ දිහා .. කෙල්ලට තේරුනා කෙල්ලට යන්න කාලේ ඇවිත් කියලා ..

කෙල්ලට දරාගන්න බැරි මෙච්චර දවස් ගිහින් කොල්ලාගේ ආදරේ විදින්න ලැබුණු ඊළඟ මොහොතේම කෙල්ලට මැරෙන්න වෙන එක ගැන … ඒත් ඒ අන්තිම මොහොතේ හරි කොල්ලාගේ ආදරේ විඳලා , කොල්ලාගේම වෙලා මැරෙන්න ලැබෙන එක ගැන කෙල්ලට යම් සැනසීමක් දැනුණා ..

” යන්න කලින් මට සහේන්‍ය අයියාට මේ දේවල් කියන්න ඕනි .. ” 😰😰

දොර ඇරෙන සද්දේ ඇහෙද්දිම කෙල්ල ඒ දිහා බැලුවේ ඇස්වල කඳුළු පුරවන් .. කොල්ලා ළඟට දුවලා ගිහින් ඒ පපුවට තුරුලු වෙන්න ඕන උනත් , අඩියක්වත් ඉස්සරහට යන්න නොවී කෙල්ල එහෙම්ම ඇදගෙන වැටුණේ කොල්ලා පැනලා කෙල්ලව අල්ලගද්දි ..

” මැණික මොකද මේ … 😰 ඔයාට මොකද උනේ.. 😰 අනේ රත්තරන් කතා කරන්නකෝ.. ඔය ඇස් අරින්න.. මොකද මේ .. 😰 නංගි .. ” 😭

කොල්ලා කොච්චර කතා කලත් කෙල්ලගෙන් සෙලවීමක්වත් නෑ .. ටග්ගාලා බාත් රූම් එකට දුවපු කොල්ලා දෝතින් වතුර ගෙනත් කෙල්ලගෙ මූණ පුරා තැවරුවත් , ඒත් කෙල්ලට සිහිය ආවේ ..

කරකියාගන්න දෙයක් නැති තැන කොල්ලගේ ඇස් වලින් කඳුළු කඩාහැලෙද්දි , කොල්ලා දැක්කේ කෙල්ලගේ නහය දිගේ ගලාගෙන එන ලේ පාරක් ..

” දෙයියනේ ලේ එනවා නේද ? ” 😭

ඒත් එක්කම කෙල්ලගේ අතේ ගුලිකරන් උන්නු කොළයක් බිම වැටුණේ කොල්ලා ඒ මොකද්ද කියලා කලබලෙන්ම අහුලලා බලද්දි ..

” #මගේ_කළුවර_අහස …
#කාලය_එළඹිලා …
#සදහටම_නිවී_යන්න …
#මියදෙමින්_තිබූ …
#නුඹේ_තරුවට … ” 😢😢

” නෑ නෑ නෑ….😭😭😭 එහෙම වෙන්න බෑ… එහෙම වෙන්න බෑ …😭😭😭 තැහැසි නැගිටපන් .. 😭😭 උබට බෑ එහෙම මාව දාලා යන්න … උබට බෑ .. නැගිටපන් යකෝ උබට බෑ එහෙම මැරෙන්න .. 😭😭😭 අනේ මැණික නැගිටපන් දෙයියෝ අනේ .. 😭😭😭උබ කොහොමද මේ මාව දාලා යන්නේ ආහ් .. අපි ජීවිතේ අලුතින් පටන් ගත්තා විතරයි දෙයියනේ😭😭😭 මොකද්ද මේ සිද්ද උනේ .. අනේ මැණික මාව දාලා යන්න එපා .. මට උබ නැතුව ජීවත් වෙන්න බෑ … ” 😭😭

කෙල්ලව දෝතටගත්ත කොල්ලා ඉක්මනටම පඩිපෙළ බැහැලා ගිහින් කෙල්ලවත් කාර් එකට දාගෙන , වේගෙන්ම හොස්පිට්ල් එකකට කාර් එක ඩ්‍රයිව් කලේ වටපිටාවේ කිසිදෙයක් ගානකට නොගෙන ..

කෙල්ලගේ සුදු ගවුමේ තැනින් තැන ලේ පැල්ලම් පෙනෙද්දි කොල්ලාට ඉවසුම් නැති උනා .. හොස්පිට්ල් එක කිට්ටුවෙදිම වගේ කෙල්ල කෙඳිරි ගගා හෙමිහිට ඇස් ඇරියේ කොල්ලට එහෙම්ම බ්‍රේක් ගැහෙද්දි ..

” මැණික .. 😢 මැණික.. අනේ කතා කරන්න දෙයියනේ …😰😰 මාව දාලා යන්න එපා මට ජීවත් වෙන්න බෑ උබ නැතුව 😭😭අනේ කතා කරපන්කෝ මගේ දෙයියෝ… ” 😭😭😭

අමාරුවෙන් වගේ ඉස්සෙන කෙල්ලගේ අත අරන් කොල්ලා , කොල්ලාගේ පපුවට තියන් කෙල්ලව තම පපුවට තදකරලා තුරුලු කරගත්තේ දෙන්නගේම ඇස්වලින් නිමාවක් නැතුව කඳුළු කඩාහැලෙද්දි …

” අ…..අ..යි…යේ.. 😰 ස….හේ.න්‍ය්…අ. ම.ග්.ගෙ.. ම..හත්.ත..යෝ 😰ම්..ම.න් අ.ආද්..දරෙ..යි. “😭

” මාත් ආදරෙයි සුදු නෝනා මාත් ආදරෙයි 😭😭මහ ගොඩක් මගේ මැණිකට😭 ප්ලීස් ඇස් ඇරන් ඉන්න මන් ඔයාට මොකුත් වෙන්න දෙන්නැ මන් මන් ..” 😭😭

එකපාරටම කෙල්ලගෙන් කිසි සෙලවීමක් නැති තැන කොල්ලා කෙල්ලව පපුවෙන් ඈත් කරලා බලද්දි කෙල්ලට ආයේම සිහිය නැතිවෙලා ගිහින් .. එහෙම්ම කෙල්ලව දෝතට අරගෙන කොල්ලා හොස්පිට්ල් එක ඇතුළටම දුවගෙන ගියේ පිස්සෙක් වගේ හොස්පිට්ල් එකේ හිටපු අයටත් කෑගහගෙන ..

කෙල්ලව එමජන්සි වෝර්ඩ් එකට අරගෙන ඩොක්ටර්ස්ලා කරන්න පුලුවන් හැමදේම කරද්දි , කෙල්ලගේ අම්මාලට මේ ගැන කියපු කොල්ලෝ එමජන්සි වෝර්ඩ් එක දිහා බලන් උන්නේ දෑතින්ම හිස බදාගෙන මහ හයියෙන් අඬ අඬ ..

” දෙයියනේ මොකද්ද මේ අපිට කලේ ..😭😭 ආහ් ..😭😭 අපි අළුතින් ජීවිතේ පටන් ගත්තා විතරයි අපේ මුලු ජීවිතේම විනාස කරලා දැම්මා නේද ? ආහ් .. 😭😭ඇයි මෙහෙම කලේ ඇයි ඇයි ” 😭😭😭😭

කෙල්ලට ට්‍රීට් කරන ඩොක්ටර්ස්ලා වෝර්ඩ් එකෙන් එළියට එද්දිම වගේ කෙල්ලගේ අම්මයි , තාත්තායිත් එතනට ආවේ ඇවිදින මළකඳන් වගේ .. ඩොක්ටර්ව දැක්කා විතරයි කොල්ලා එතනට දුවගෙන ගිහින් ඩොක්ටර්ගේ අතේ එල්ලිලා කෙල්ල ගැන ඇහුවත් ඩොක්ටර් කලේ ඔලුව හොල්ලපු එක විතරයි ..

ඒක තේරුනත් නොතේරුන ගානට ආයේ ආයේම කොල්ලා කෑගගහ කෙල්ල ගැන අහද්දි ඩොක්ටර් කොල්ලාගේ පිටට තට්ටුවක් දාලා කිව්වේ ” ආම් සොරි සන් .. හිත හදාගන්න බලන්න .. ” 😓

ඒක ඇහෙද්දිම කෙල්ලගේ අම්මා මහ හඬින් අඬද්දි , කෙල්ලගේ තාත්තාත් ඔලුව බදාගෙන ඇඬුවේ හැමදේම ඉවරයි නේද කියලා තේරුම් යද්දි … ඒත් කොල්ලා ඒක පිලිගන්න ලෑස්ති නෑ .. කොල්ලා ඩොක්ටර්ගේ කොලර් එකෙන් අල්ලලා කෑගැහුවේ කොහොම හරි කෙල්ලව බේරගන්න එයාට මාව දාලා යන්න බෑ කියලා .. ඒත් එතනට ආපු කොල්ලාගෙ තාත්තා කොල්ලව බදාගත්තේ ,

” හිත හදාගන්න පුතා මේක වෙනබව දෝනී කලින් දැනගන උන්නා … 😢එයා ගියේ හිත හදාගෙනමයි ..” 😢කියලා කොල්ලව තවත් තදින් තුරුලු කරන් .එතකොටයි කොල්ලා තාත්තාගෙන් දැනගත්තේ මේ හැමදේම උනේ කොහොමද කියලා ..

ඒත් එක්කම එමජන්සි වෝර්ඩ් එකේ තිබ්බ කෙල්ලගේ බොඩි එක තියටර් එකට අරන් යද්දි හැමෝම කෙල්ලව බදාගෙන ඇඬුවේ කෙල්ලගේ මරණය ඒ හිත් වලට දරාගන්න බැරුව..

පිස්සෙක් වගේ කෙල්ලගේ නිසල සිරුර බදාගෙන ඒ මූණ , තොල්පෙති ,ගෙල සිපගෙන කෑගගහ අඬපු කොල්ලා එකපාරටම කෙල්ල දිහා බලලා කිව්වේ ,

” ඔයාට බෑ මගේ නංගි මාව මෙහෙම තනියෙන් දාලා යන්න.. 😭#යනවා_නම්_යන්නේ_අපි_දෙන්නම_එකට .. ඒත් ඊට කලින් ඔයාට මෙහෙම කරපු එකාව මන් මරනවා .. “😡😡 කියලා .

අන්තිම වතාවට කෙල්ලගේ දෙතොල සිපගෙන , නළලටත් සිපුමක් තියලා කොල්ලා එහෙම්ම හොස්පිට්ල් එකෙන් එළියට දිව්වේ වෙන්නේ මොනාද කියලා කිසි දෙයක් අම්මාල, තාත්තාලට හිතාගන්න බැරිවෙද්දි ..

එළියට ආපු කොල්ලා කෙලින්ම කාර් එක හැරෙව්වේ නතාශා ඇතුලු නතාශාගේ හෙන්චයියෝ ටික ඉන්න පොලිසියට යන්න .. ඒත් භාගයක් දුර යද්දිම එකපාරටම කොල්ලාට ඇහුණේ කෙල්ලගේ කටහඬ..

ඒ පැත්ත හැරිලා බලද්දිම කොල්ලා දැක්කේ කොල්ලට එහාපැත්තේ ශීට් එකේ ඉදන් දුකින් වගේ කොල්ලා දිහා බලන් ඉන්න කෙල්ලව ..

” අයියේ එපා .. ඔයා මන් නිසා මිනීමරුවෙක් වෙන්න එපා අයියේ .. 😢 හැමදේම සිද්ද වෙන්නේ දෛවයේ ලියවිලා තියෙන විදිහට … ඒක වෙනස් කරන්න අපි කාටවත් බෑ … ” 😊

කියලා එකපාරටම කෙල්ල අතුරුදහන් වෙලා ගියේ , ඒත් එක්කම ලොකු ආලෝකයක් කොල්ලා ඉස්සරහට පෙනිලා ලොකු සද්දයක් එක්කම කාර් එක ටිපර් එකක හැප්පෙද්දි …

🍂🌀🍂_______________________🍂🌀🍂

💢🧚💢🧚💢🧚💢🧚💢🧚💢🧚💢🧚💢

” ඔහොම ඉන්නවා හොර කෙල්ල .. තනියම මාව දාලා හොරෙන්ම ආවා නේද මෝඩී .. ” 😉

සහේන්‍යගෙන් බේරේන්න ඉස්සරහට දුවගෙන ගිය තැහැසිව අල්ලගෙන තදකරලා පපුවට තුරුලු කරන් , තැහැසිගේ කන්පෙත්තක් දත් අතරට අරන් සියුම්ව හපමින් සහේන්‍ය කියන්නේ හරි ආදරයෙන් …

” අනේ යනවා නපුරා යන්න .. මන් කිව්වානේ එන්න එපා කියලා .. 😒 ඇයි කියනදේ අහන්නැතුව ආවේ ආහ් .. මෝඩයා .. ” 😏

” ආවේ ඉතින් මට තමුසේ නැතුව ඉන්න බැරි නිසානේ මැන්ටලේ .. 😒 අනික මන් කලින්ම කිව්වානේ මාව දාලා ගියොත් මාත් පස්සෙන්ම එනවා කියලා .. ” 😋

” හරි හරි මෝඩයා .. 🤭 දැන් ඉතින් පස්සෙන්ම එනවා මන් ඉස්සරහින් යනවා … “😘🤭😁

” ම්හු ..😉 #යනවා_නම්_දෙන්නම_එකටයි_යන්නේ .. ” 😘😘😘😘

🌿💢🌿💢🌿💢🌿💢🌿💢🌿💢🌿💢🌿💢🌿

#ඉතින්_මේ_ඔවුන්ගේ_ලොවයි.. #_බොඳවුණු_සිහිනයන්_අලුතින්ම_සිත්තම්_කරන_ඔවුන්ගේම_සිහිනයයි ..

🌿🤫🌿✍️_______________________

❤️ සමාප්තයි ❤️
_______________________✍️🌿🤫🌿

ඔන්න ඉතින් ඔහොමලු එයාලගේ කතාව ඉවර වුණේ ..😢
අවසානය හොඳයිද මන්දා ? 😐
කතාව ලියන්න පටන් ගද්දි නම් ඕන වුණේ සහේන්‍යව තනිකරන්න.😐
ඒත් ඒ ආදරේ දැක්කම වෙන්කරන්න හිතුනේ නෑ . 🙁
ඒ නිසා සහේන්‍යවත් තැහැසි ගාවට යැව්වා.😐

________________

කතාවට හොඳ ප්‍රතිචාර ලැබුණා.♥️♥️♥️
ලයික්,කමෙන්ට් කරන හැමෝටම ගොඩක් ස්තුතියි .♥️♥️♥️
කතාවේ හොඳ , නරක , වැරදි , අඩුපාඩු මොනාමහරි ගැන පුංචි අදහසක් කියන් යන්න සුදූලා .😍😘❤️

සමුගන්නම් නැවත හමුවන බලාපොරොත්තුවෙන්….✍️🌿♥️🤫♥️🌿✍

🌿🤫🌿✍#Kavi_Tharulya✍️🌿🤫🌿

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

පිස්සු හැදෙන ලස්සන ඇස්

Mon Jan 20 , 2020