පෘථිවියේ ගැඹුරුම ස්ථානය සොයාගැනේ

මහාද්වීපික ස්ථානය නැගෙනහිර ඇන්ටාක්ටිකාහි පිහිටි ඩෙන්මන් ග්ලැසියරය යටින් සොයාගෙන තිබේ.

අයිස්වලින් පිරි අගාධය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 3.5ක් (අඩි 11,500) ගැඹුරට විහිදී යයි. මීට වඩා ගැඹුරු ස්ථාන ඇත්තේ, සාගරවල පමණි.

සුදු පැහැති මහාද්වීපය පිළිබඳ අලුත් සිතියමක මේ නව සොයා ගැනීම සලකුණු කොට තිබේ. එමගින් අයිස් තට්ටුව යට පිහිටි පාෂාණයේ හැඩය පිළිබඳ පෙර නොවූ විරූ තොරතුරු හෙළිකරයි.

එහි ඇති ලක්ෂණ අවබෝධය සඳහා ඉතා වැදගත් වන්නේ ඉන් දක්ෂිණ ධ්‍රැවය අනාගතයේදී කෙසේ වෙනසකට ලක් වේදැයි දැනගත හැකි බැවිනි.

“මෙය ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටුව යට ඇත්තේ කුමක් දැයි යන්න පෙන්වන පැහැදිලි චිත්‍රණයක්” යැයි අදාළ ව්‍යාපෘතිය තුළ වසර හයක් ක්‍රියාකළ ආචාර්ය මතීයු මෝර්ලිඝම් පැවසීය.

ඇමෙරිකාවේ කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෙකු වන ඔහු, “BedMachine Antarctica” නමින් හැඳින්වුණු සිය නවතම තොරතුරු සංග්‍රහය ඇමෙරිකානු භූභෞතික සංගමයට (American Geophysical Union) ඉදිරිපත් කළේය. එසේ ම ඊට සමගාමීව Nature Geoscience නම් සඟරාවේ ද පළකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

"මළ ඇලීම නැවැත්වීමට" වැසිකිළි සඳහා ආලේපනයක්

Sun Jan 19 , 2020
ඇමරිකානු පර්යේෂකයින් පිරිසක් නිර්මාණය කරන ලද වැසිකිළිවලට ආලේප කළ හැකි දැඩි ලිස්සන සුළු ආලේපනය හේතුවෙන් ලොව පුරා ජලය විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකි වනු ඇත. මෙම ආලේපනය නිසා මළ ඉවත් කිරීමට භාවිත කරන ජලය ප්‍රමාණයෙන් 90%ක් අඩු වන බව පෙන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ මාහාචාර්යවරු පවසති. මෙම ආලේපනය නිසා වැසිකිළිය හොඳින් […]