පිරානා ගැන දැන ගමුද?

පිරානා piranha කියන්නේ කැරසිඩේ (characidae) කියන කුලයට අයත් මත්ස්‍ය කාණ්ඩයක්.⁣⁣සාමාන්‍යයෙන් ලෝකයේ පිරානා විශේෂ 30-60ත් අතර සංඛ්‍යාවක් සිටින බවට විශ්වාස කරනවා.මේ අය සාමාන්‍යයෙන් ජීවත්වෙන්නේ දකුණු ඇමරිකානු රටවල මිරිදිය ජලාශ ආශ්‍රිතවයි.එකකට එකක් අගුළු වැටෙන තියුණු දත් ඇඳි දෙකක් පිහිටීම පිරානා විශේෂ වලට පොදු ලක්ශණයක්.මේ දත් ක්‍රියාත්මක කරවීමට ශක්තිමත් හණු මාංශපේෂි පිහිටන අතර වඩා වේගවත් සපාකෑම් මගින් ඒවායේ කාර්යක්ෂමතාව ඉහල නංවනවා.පිරානා මත්ස්‍යයින් සාමාන්‍යයෙන් රංචු වශයෙන් ගැවසෙන විශේෂ වනවා.සාමාන්‍යයෙන් 30cm පමණ වර්ධණය වන විශේෂ සිටින අතර එයට වඩා කුඩා විශේෂ ද සිටිනවා.
පිරානා කියූ සැනින් ඉතා භයානක ඕනෑම සත්වයෙකු තත්පර ගනනකින් ඇටසැකිල්ලක් බවට පත්කරන මෘගයෙකු වැනි මත්ස්‍යයෙකු බොහෝ දෙනාගේ සිතට නැගුනද පිරානා විශේෂ අතර තනිකරම ශාක භක්ෂක විශේෂ ද බහුලයි.

මෙහිදී බොහෝ දෙනාගේ අවධානය දිනාගත් සහ කථාබහට ලක් වූ ඉතාමත්ම ආක්‍රමණශීලී පිරානා විශේෂය වන්නේ රතු පැහැති උදරයක් ඇති පිරානා (Red bellied piranha) විශේෂය යි.⁣මොවුන් මාංශ භක්ෂකයන් වන අතර රංචු වශයෙන් ගැවසෙමින් තමන්ගේ ගොදුරු ඩැහැගැනීම සිදුකරනවා.යම් යම් වස්ථාවලදී පිරානාවන් මිනිසුන්ට පහරදීම් සිදුකර ඇති අතර එවායින් අතලොස්සක් හැරෙන්නට අනෙක් සියල්ල මාරක නොවන සපාකෑම් වලට සීමා වී තිබෙනවා.කෙසේ නමුත් දකුණු ඇමරිකානු රටවල සංචාරකයන් ගැවසෙන ජලාශ ආශ්‍රිතව පිරානාවන් ගෙන් අනතුරැ සිදුවිය හැකි ස්ථාන වල අනතුරැ ඇඟවීම් දක්වා තිබෙන අතර එකවර සියගනණක් සංචාරකයන් පිරානා ප්‍රහාරයට ලක්වූ අවස්ථා පවා වාර්ථා වී තිබෙනවා.

මෙහිදී පිරානාවන් සැබෑවටම ඔවුන් දරන්නාවූ මෘර්ගයින් යන ටයිට්ල් එකට ගැලපෙනවාදැයි සොයා බැලීම වැදගත්.

පිරානාවන් යනු සාමාන්‍යයෙන් රංචු වශයෙන් ගැවසෙන මත්ස්‍ය විශේෂයකි.එ⁣ලෙසම ඔවුන් එලෙස රංචු වශයෙන් ගැවසීම මගින් තම ආරක්ෂාව තහවුරැකරගනී.එයට හේතුව වන්නේ කේමනයන් මිරිදිය ඩොල්ෆින් මසුන් සහ තවත් ප්‍රමාණයෙන් විශාල විලෝපිකයන් පිරැණු දකුණු ඇමරිකානු මිරිදියේ ආරක්ෂාව සලසාගැනීමට කුඩා පිරානා මත්ස්‍යයෙකුට තනිව කල නොහැක්ක් වන නිසායි.තවද බොහෝ අපහැදිලි සහ කැලඹිලි සහිත ඇමසෝනියානු ජලලේ ගොදුරු හඳුනාගැනීමට චලණයන්ට සහ රැධිරයට අධි සංවේදී සංවේදක ශරීරයේ දෙපස සහ මුව අවට පිහිටනවා.ඉතින් මෙම මත්ස්‍යයන් ජලයේ කැලඹීම් සහ රැධිරයට ක්ශනිකව ආකර්ෂනය වනු ලබනවා.
මෙහිදී සාමාන්‍යයෙන් පිරානාවන් ඉහත සඳහන් කරන ලද අවශ්‍යතා වන කැලඹීම සහ රැධිරයේ ඉවට අනුව ආකර්ෂනය වී පහර දීම සිදුවිය හැකියි.බොහෝවිට මෙම අවශ්‍යතා සපුරනු ලබන්නේ තුවාල ලබා අසරණව ජලය තුල දඟලනු ලබන සත්වයෙක්.එම නිසා පිරානාවන් සාමාන්‍ය අවස්ථාවලදී මිනිසුන්ට හෝ අනෙකුත් විශාල සත්වයින්ට පහරදෙනවා යන්න වැරදි වැටහීමක් පමණයි.නමුත් යම් අවස්ථාවක පිරානාවන් ඉහත හේතු නොමැතිව වුවත් පහරදීමක් සිදුකල හැකියි.ඒ මොවුන් ආරක්ෂාව සඳහා කරන පහරදීම් ලෙස හැඳින්විය හැකියි.බොහෝවිට පිරානාවන් ගං ඉවුර ආසන්නයේ තණකොල සහිත ජලයේ කූඩු සාදනු ලබනවා.සැබැවින්ම ගං පතුලේ වලක් හාරා බිත්තර දැමීම මොවුන්ගේ ප්‍රජණන විලාශය යි.බොහෝ විට මින්සුන් මෙවන් ස්ථානයකට යාමට ඇති ඉඩකඩ ඉහල අතර එවන් අවස්ථාවක දී මොවුන් කූඩුව ආරක්ෂා කරගැනීමට පහරදීම නම් නිසැකවම සිදුකරනවා. කෙසේ වෙතත් ටැංකි තුල ඇතිකරන මසුන් ඉහල ආක්‍රමණශීලී බවක් ⁣පෙන්විය හැකියි.මෙයට හේතුව වන්නෙ මත්ස්‍යයින් බොහෝවිට ආතතියකට ලක්වී සිටීමයි.
ඉහත පෙන්වා දුන් ආකාරයට පිරානා මසුන් ඔවුන් හඳුන්වනුලබන මෘගයන් යන අන්වර්ථයට කෙතරම් සුදුසුද යන්න ඔබ තීරනය කල යුතුය.නමුත් ඔවුන් නම් දරා ඇති කාර්‍යය සම්පූර්ණ කිරීමට අවශ්‍ය අවයව වේගය සහ ජවයෙන් නම් පිරානාවන් පරිපූර්ණ බව නිසැකවම පැවසිය හැක.

#විමුක්ති
කතෲ අයිතිය – @Vimuthi Prathap

උපුටාගැනීම

Fish Freaks SriLanka – ලoකාවේ අපේ මාලු පිස්සෝ 🇱🇰

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

රුසියාවට නව අගමැතිවරයෙක්

Sun Jan 19 , 2020
මීට දිනකට ඉහතදී කිසිවෙකු අපේක්ෂා නොකළ අයෙක් අගමැති වශයෙන් රුසියාවට ලැබී ඇත. දිගු කළක් එම ධුරයේ සිටි දිමිත්‍රි මෙද්වේදෙෆ් ගේ අනුප්‍රාප්තිකයා වූ ඔහු ගැන මේ වනතෙක් වැඩිදෙනා දැන නොසිටියහ. එපමණක් නොව, ජනාධිපති ව්ලදිමීර් පූතින් එරට ව්‍යවස්ථාවට විශාල වෙනස්කමක් එක් කිරීමට ගත් පියවර ඔහුගේ “සංක්‍රාන්තිය” අරඹන්නක් ලෙස පෙනෙන්නට තිබේ. එමගින් බොහෝ […]