ප්ලැටිපස් මෙලොවින් සමුගනියි?

ජනවාරි 20 වන දින ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ දීර්ඝ නියඟය සහ දේශගුණික විපර්යාසයන්ගේ වෙනත් බලපෑම් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ප්ලැටිපස් ජනගහනය වඳ වී යාමට ඉඩ ඇති බවයි.පර්යේෂකයන්ට අනුව, නියඟය, ඉඩම් ආක්‍රමනය කිරීම, පරිසර දූෂණය සහ වේලි තැනීම හේතුවෙන් සත්වයාගේ වාසස්ථාන අහිමිවීම බව අනාවරණය කර ඇත.ඔවුන් අනාවැකි පළ කළේ මෙය දිගටම පැවතුනහොත් ඉදිරි වසර 50 තුළ ප්ලැටිපස් ජනගහනය තවත් 47-66% දක්වා පහත වැටෙනු ඇති බවයි.තත්වය නරක අතට හැරේ නම්, 2070 වන විට ප්ලැටිපස් ජනගහනයෙන් 73% අඩු විය හැකිය.සොබාදහම සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර සංගමය විසින් ප්ලැටිපස් “තර්ජනයට ආසන්න” ප්‍රකාශයට පත් කර ඇත.කෙසේ වෙතත්, නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ පරිසර විද්‍යා මධ්‍යස්ථානයේ පර්යේෂකයෝ කියා සිටියේ වසර ගණනාවක තිස්සේ පරිසර වෙනස් වීමෙන් ඇති වූ සුළු වර්ෂාපතනය සහ අධික උෂ්ණත්වය හේතුවෙන් ගංගා පද්ධතියට සිදුවන හානිය ප්ලැටිපස් සඳහා ඇති ඉඩකඩ අහුරා ඇති බවයි.ප්ලැටිපස් යනු ලෝකයේ අමුතුම සතුන්ගෙන් එකකි. බිත්තර දමන එකම ක්ෂීරපායිය එයයි. පෙනුම සම්බන්ධයෙන් ගත් කල, එය තාරාවෙකුගේ හොටක්ද, බීවරයකුගේ වලිගය, ඔටර්ගේ පාද සහ උගේ පාදයේ විෂ සහිත ස්පර්ෂයක් ඇති නිසා එය ද විශේෂිත දෙයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

සිංහරාජයේ භූමි කොල්ලය

Wed Jan 22 , 2020
සිංහරාජය මෙරට ප්‍රධානතම වැසි වනාන්තරය වේ. මනරම් පරිසරයකට හිමිකම් කියන සිංහරාජය විටින් විට පරිසරය වනසන්නන්ගේ ගොදුරක් බවට පත්වව ඇත. සිංහරාජයේ රත්නපුරයට මායිම්ව කලවාන හතරේ කණුව බෝවිටිය තැන්න ප්‍රදේශය මෙලෙස රිසරය වනසන්නන්ගේ ගොදුරක් බවට පත්ව ඇති බව දක්නට තිබේ. උකුස්සා අදාල ප්‍රදේශයට යන විටත් පිරිසක් එහි සංවර්ධන කටයුතු සිදුකරමින් සිටි ආකාරය […]