නව මදුරු විශේෂයක් ලංකාවෙන් සොයාගැනේ

රෝග වාහකයෙකු විය හැකි බවට සැක කෙරෙන නව මදුරු විශේෂයක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ.

කියුලෙක්ස් (Culex) ගණයට අයත් ‘near inful’ ලෙස හඳුන්වන මෙම මදුරුවා [Cx.sp near infula] මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් අඹේපුස්ස ප්‍රදේශයෙන් පළමු වරට සොයා ගැනීමට හැකිවූ බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීහු පවසති.

ජැපනීස් එන්සෙපලයීටීස් හෙවත් මොළයේ උණ බෝ කරන Culex infula නැමැති මදුරු විශේෂයට බොහෝ සමානකම් දක්වන Cx.sp near infula ලෙස හඳුන්වන නව මදුරු විශේෂය ද වෙනත් ජීවීන්ගේ රුධිරය බොති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

දුම් පානය කරන සහ පානය කළ පුද්ගලයන්ට "වැඩි වේදනාවක්"

Sun Jan 19 , 2020
කිසිදාක දුම් පානය කර නොමැති පුද්ගලයන්ට වඩා දුම් පානය කරන සහ දුම් පානය අත්හැර දැමූ පුද්ගලයන්ට වැඩි වේදනාවක් දැනෙන බව වාර්තාවක් පෙන්නුම් කරයි. ඉහත කී සොයා ගැනීම්වලට පදනම වී ඇත්තේ ‘යුනිවසිටි කොලේජ් ලන්ඩන්’ විශ්වවිද්‍යාලයේ මෙහෙය වීමෙන් 220,000 වැඩි පිරිසකගේ දත්ත යොදා ගනිමින් කළ විශේලේෂණයකි. ඒ සඳහා හේතුව කුමක්ද යන්න නොදන්නා […]