දුම් පානය කරන සහ පානය කළ පුද්ගලයන්ට “වැඩි වේදනාවක්”

කිසිදාක දුම් පානය කර නොමැති පුද්ගලයන්ට වඩා දුම් පානය කරන සහ දුම් පානය අත්හැර දැමූ පුද්ගලයන්ට වැඩි වේදනාවක් දැනෙන බව වාර්තාවක් පෙන්නුම් කරයි.

ඉහත කී සොයා ගැනීම්වලට පදනම වී ඇත්තේ ‘යුනිවසිටි කොලේජ් ලන්ඩන්’ විශ්වවිද්‍යාලයේ මෙහෙය වීමෙන් 220,000 වැඩි පිරිසකගේ දත්ත යොදා ගනිමින් කළ විශේලේෂණයකි.

ඒ සඳහා හේතුව කුමක්ද යන්න නොදන්නා නමුත් දුම් පානය හේතුවෙන් ශරීරයට සිදුවන ස්ථීර වෙනස්කම් ඊට ඇතුළත් විය හැකි බව පර්යේෂකයෝ පවසති.

දුම්වැටි විරෝධී ආයතනයක් වන ‘ඈෂ්’ (Ash) කියා සිටියේ දුම් පානයේ අනතුරුදායී බව දෙස බලන විට ඉහත කී සොයා ගැනීම් පුදුමයක් ලෙස නොගත යුතු බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

පෘථිවියේ ගැඹුරුම ස්ථානය සොයාගැනේ

Sun Jan 19 , 2020
මහාද්වීපික ස්ථානය නැගෙනහිර ඇන්ටාක්ටිකාහි පිහිටි ඩෙන්මන් ග්ලැසියරය යටින් සොයාගෙන තිබේ. අයිස්වලින් පිරි අගාධය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 3.5ක් (අඩි 11,500) ගැඹුරට විහිදී යයි. මීට වඩා ගැඹුරු ස්ථාන ඇත්තේ, සාගරවල පමණි. සුදු පැහැති මහාද්වීපය පිළිබඳ අලුත් සිතියමක මේ නව සොයා ගැනීම සලකුණු කොට තිබේ. එමගින් අයිස් තට්ටුව යට පිහිටි පාෂාණයේ හැඩය […]