දුම්රිය රියදුරු පාසලක්

සෑම වාහනයක් පැදවීමටම රියදුරු පාසලක් ඇතත් දුම්රිය පැදවීමට පුහුණු වීම සඳහා රියදුරු පාසලක් ස්ථාපනය වී නොතිබීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සී බී රත්නායක අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබෙනවා.  ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා – ජර්මානු තාක්ෂණික අභ්‍යාස ආයනය යටතේ රියදුරු පුහුණුව ලබා ගැනීම සඳහා පාසලක් ස්ථාපනය කිරීමට ඉදිරි මාස කිහිපය තුළ ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය සී බී රත්නායක මහතා පවසනවා. ශ්‍රී ලංකා – ජර්මානු තාක්ෂණික අභ්‍යාස ආයතනයට ඇතුළුවීමට සුදුසුකම් ඇති සිසුන්ට රියදුරු පුහුණුව ලබා බලපත්‍ර ලබාගැනීමේ අවස්ථාව උදාවනු ඇති. මේ අතර ඔන් ලයින් දුම්රිය ප්‍රවේශපත්‍ර ක්‍රමවේදයේ අක්‍රමිකතා ඉවත්කිරීම සදහා වැඩපිළිවෙළක් සකස් කරන බවද රාජ්‍ය අමාත්‍ය සී බී රත්නායක මහතා පැවසුවා. රත්මලාන දුම්රිය යාන්ත්‍රික ඉංජිනේරු කාර්යාලයේ නිරීක්ෂණයකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. දුම්රිය මැදිරි අලුත්වැඩියාව ඇතුළු එම කාර්යාලයේ සිදුවන කටයුතු අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වුණා. දුම්රිය සේවාව කාර්යක්ෂම සේවාවක් කිරීම සදහා ගතහැකි සෑම පියවරක්ම ගන්නා බවයි සී බී රත්නායක මහතා මෙහිදී සදහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

න්‍යෂ්ටික විකිරණ යනු කුමක්ද?

Fri Jan 10 , 2020
විකිරණය කීවහම ඒ වචනයේ තේරුම දන්න කෙනෙක් නම් ටිකක් අනිවාර්යෙන්ම භය වෙන ස්වභාවයක් නිතැතින්ම තියෙනවා…මොකද ඇත්තටම විකිරණය කියන්නෙ එතරම්ම හොඳ දෙයක් නොවන නිසා…හැබැයි ඉතින් විකිරණය අපිට නැතුවත් බැහැ…හරි ඉතින් ඇත්තටම මේ විකිරණය කියන්නෙ මොකක්ද! විකිරණය කියලා අපි සාමාන්‍යයෙන් දන්න සංසිද්ධිය ප්‍රථම වරට සොයාගත්තේ වර්ෂ 1896 දී හෙන් රි බෙකරල් විසින්.සැකෙවින්ම […]