තත්පරයක වැරදීම

මම මෙි ලියන්නේ තවත් එක් ගැහැණු ළමයෙකුගේ අදෝනාවක් මගේ වචන වලින්……..ඇය නමින් මයුමී ලෙස මම අදුන් වන්නම්
********************************************
:-ආහ් අයියා අද එනවද මං එක්ක…??🤔
:-මොකටද ආහ්……???😯
:-මට ඕන සල්ලි මම ඔයාට ……😊
:-උඹට පිස්සුද ගෑනියේ…😡
:-අයියාට සල්ලි දෙන්න බැරිනම් මම අයියා එක්ක නිකම් එන්නම් මට Lunch එක ඕන😒
:-යකෝ මම Bank maneger කෙනෙක් සල්ලි නම් මොනාද අයිසේ තොපි වගේ ගෑනු නිසා අහිංසක පිරිමිත් අමාරැවේ වැටෙන්නේ.උඹලා නිසාමයි අපේ රත්තරං ගෑනුන්ටත් කතා හැදෙන්නේ.තූ නොදකින් 🤮
:-ඇයි මහත්තයා මොකෝ වුණේ….??😲
:- නෑ අයියා මේ කාලකණ්නි ගෑනු 🤬
:-ඕකුන් ඔහොම තමයි මහත්තයා ලැජ්ජාවක් නැති ගෑනු 😡

උදේ පාන්දරම මම හොදට අහගෙන එතනින් ගියත් මගේ හිත අද හොදටම රිදුනා.😭 මම තවත් පිරිමියෙක් සොයමින් අැවිද නොගොස් මම කාමරයට ගියෙමි.තව ටික දවසකින් මම නැවත පාරට බැස ඇවිද ගෙන ගියෙමි.අර අයියා අදත් ඉන්නවා.😢

:-අයියා….🥺
:-ආහ් උඹ අදත් ආවද???😏
:-ඔව් 😳
:-මට උඹත් එක්ක නිදා ගන්න කතා කරන්නද…??🤣
:-නෑ මට අයියා එක්ක කතා කරන්න ඕනි 😢
:-ම්ම්ම් කියනවකෝ 😒

:-
මයූමී…..
ඒ මම.මට ඉන්නවා අයියයි අක්කායි අම්මයි තාත්තයි.අපි මධ්‍යම පාන්තික පවුලක්.ඒ කිව්වේ අපි දුප්පත් නෑ පෝසතුත් නෑ.මමනේ පවුලේ බාලයා කාගෙත් ආදරය නම් මට නොමදව ලැබුණා. 🥰මගේ මව හෙදියක්.මගේ පියා ව්‍යාපාරිකයෙක්.නමුත් අපේ තාත්තාගේ ව්‍යාපාරය තුළ සිදුවු හදිසි බිද වැටිමෙන් අපි කාලයක් බොහෝ අග හිඟ කම් වලට මූණ පෑවා.නමුත් තාත්තගෙත් අම්මගෙත් උත්සාහයෙන් අපි නැවතත් ටික ටික දියුණු වුණා.කාලයාගේ ඇවෑමෙන් මම ටික ටික ලොකු වෙද්දි මගේ අම්මා තාත්තා මම ගැන වැඩි වැඩියෙන් සොයන්න ගත්තා.මම School ගියේ ආවේ Scool van එකේ මම Class ගියේ අයියා එක්ක නැත්නම් තාත්තා එක්ක.මම දවසම හොදට ඉගෙන ගත්තා පාඩම් කළා.මම තමයි හැමදාම පන්තියේ 3 වෙනියා වුණේ.👩🏻
තාත්තා:-මොනවාද මගේ සූටි කෙල්ලට අරන් ඕනි….???👨‍👧
මම:-තාත්තිට ඕනි දෙයක්..🙃
අම්මා:-මොනවාද දුවට අම්මිගෙන් ඕනි…???👩‍👧
මම:-හී….අම්මියා….😘
මට ගෙදර අය වගේම නෑදැයොත් ගොඩක් ආදරෙයි.

ආච්චි:- අපේ කෙල්ල අපේ පවුලටම ආඩම්බරයක්..👵🏻
නැන්දා:-මෙන්න දුව නැන්දිගෙන් පුංචි තෑග්ගක්.👩🏻‍💼
මාමා:-දුව තව තවත් ‍හොදට ඉගෙන ගන්න ඕනා හොදේ.🧔🏻

මම 9 වසර අන්තිම කාලේ තමයි වැඩි වියට පත් වුණේ.ඉතින් මට School class Note ගේන්නේ සිතුමි අැය මගේ හොදම මිතුරිය.ඇය පැමිණියේ තෂ්මි එක්ක.ඇයට ඒ කාලෙදිම තිබුණා ජංගම දුරකථනයක්.ඇයට ඉදියා පෙම්වතුන් හතර පස් දෙනෙක්ම ඇය ඔවුන්ම හොයා ගත්තේ පාසලෙන්මයි.ටික ටික ගිහින් මගේ පාර්ටි එකත් ඉවර වුණා.ආයේම මම school යන්න ගත්තා.
අම්මා:-දුව දැන් තමයි ඔයා පරිස්සම් වෙන්න ඕනි කාලේ.😒
ආච්ච්: දුව කෙල්ලෙක් වීදුරැ බඩුවක් වගේ.බිදුණොත් බිදුනමයි.😏
පුංචි:-කොල්ලෝ නාවලා ගෙට ගත්තත් කෙල්ලෙක්ට එහෙම බැරිලු දුව 🙄

මට පවුලේ අයගෙන් හොදට උපදෙස් ලැබුණා.ඒ කාලෙ යාළුවො කාට කාටත් Phone තිබුණා.නමුත් මට නම් තිබුණේ නෑ දුරකථනයක්.O/L Exam කාලේ තාත්තා හොද හොද ගුරැවරැ හොයලා එයාලව ගෙදරටම ගෙන්නලා ඉගැන්නුවා.👩🏻‍🏫👨🏻‍🏫ඉතින් මම හොදින් විභාගය සමත් වුණා.ඒ පිළිබදව මගේ පවුලේ අය උජාරැවෙන් ඉදියේ.නැවතත් A/L Exam එකට තාත්තා සුපුරැදු පරිදි ගුරැවරැ ගෙදරට ගෙන්නලා මට ඉගැන්නුවා.මෙහෙම යනකොට මම අයියා ඉවත් කළ දුරකථනයක් සොරා අර ගත්තා.මිතුරියගේද සහාය ඇතිව මම දුරකථනය අලුත්වැඩියා කරගෙන ඉන් Fb ගිණුමක් තැනුවා.මම මුලදී එය එතරම් උවමනා වකින් භාවිතා නොකළද ටිකෙන් ටික මම FB එකට ඇබ්බැහි වුණා.😳මට fb එකෙන් පෙම්වතෙකුත් ලැබුණා.ටික කාලයක් මිතුරන්ව සිටි අප ටිකෙන් ටික අපේ යාළුකම ආදරයක් දක්වා ගෙන යද්දි ඔහුගේ පෙම් වදන් අතරේ මම සිහින මාළිඟා තනමින් සිහින ලෝකෙ ජීවත් වුණා.
සිතුමි:- ආහ් බං මයූ උබට මොනා වෙලාද…???🤔
මම:-ඇයි සිතූ මට මොනා වෙලාද…???🙄
සි:-උඹට දැන් ඉගන ගන්න ඕන කමක් නැද්ද බං…???😒
:-ඇයි බං එහෙම ඇහුවේ…???🥺
සි:-බලපං උබේ Note අඩුයි බං ඕවා සම්පුර්ණ කර ගන්න.😡
ම:-හ්ම්ම් හා හා 😊

මට මිතුරියන් උපදෙස් දුන්නද මට ඒ පිළිබද කිසිදු උවමනාවක් නොතිබුණි.මම පාසලෙන් ගෙදර එන්නේ නොඉවසිලිමත්ව දුරකථනය අතට ගැනීමටයි.ගෙදරට ගුරැවරැන් පැමිණීම පවා මට වදයක් වෙන්නට පටන් ගත්තේ එය මගේ නිදහසට තිබූ ලොකුම බාධාව නිසාය.නමුත් කර ගැනීමට දෙයක් නොමැති බැවින් මම ඔවුන් ඉදිරියේ සිටියද සිහින ලොවේ විසුවෙමි.😍

Call එකක් ඔව් ඒ සදෙව් අයියාගෙන්.එයා තමයි මගේ සිහින කුමරා.😍

ස:-හෙලෝ මයි ස්වීටි මොනාද කරන්නේ මයි ප්‍රින්සස්….???🥰
:-ඉන්නවා අයියා බබා ඔයා ගැන හිත හිතා 😝
ස:- නංගි අපි Meet වෙමුකෝ 🙄
:- පිස්සුද අයියා ඔයා දන්නවනේ මට ගෙදරින් එන්න බෑ 😒
ස:- මොකද්ද නංගි දවසකට එනවකෝ
😞
:-හ්ම්ම් 😒

දවසක් ගාණක් බෑ බෑ කියලා හැමදාම බෑ කියන්න බෑනේ මම ගෙදරට හොරා එයාව meet වෙන්න තීරණය කළා.එදා අම්මයි තාත්තායි අයියයි අක්කයි සේරම වැඩට ගිහින් ඒත් මට ක්ලාස් මම සර්ට කියන්න බොරැවක් ප්ලැන් කරලා කිව්වා.🤔

මම:-Hello sir 😊
sir:-ඔව් කියන්න මයුමි 😊
:-සර් අද school net boll කරනවා හවසට අද මම ගෙදර නෑ සර් අද එන්න එපා.😒
Sir:-හරි මයුමි අද මම එන්නේ නෑ ඒනම් 👍🏻
:-හරි සර් 😋

මම සර්ට බොරැ කියා සර්ගේ ගමන වළක්වා ඒ කාලයේ සදෙව් අයියාව බලන්න ගියා.එදා ඒ වෙලාවම මම 💏එයාගේ තුරැලට වෙලා ආදරෙන් ඉදියා.ඒ වෙලාවේ තමයි මට දැනුණේ මේක නේද ආදරය මෙච්චර දවසක් අපි කලේ msg cl විතරයි කියලා….මේ වගේ බොරැ ගොත ගොතා බොහෝ දවස් වල අපි හමු වුණා.ඔහොම යනකොට එක දවසක සදෙව් අයියා…
:- නංගි කෝමද…??? 😄
:-ඊයා අයියා මොනාද මේ එවන්නේ…???😡
:-ඇයි නංගා ආස නැද්ද මාව මේ විදිහට බලන්න.😒
:- නෑ නෑ ශික් ඊයා ආයේ මට මේ වගේ photos එවන්න එපා අයියා 🤮
:-හම්මෝ sorry මැට්ටි 😢

ඔන්න එදා තමා එයා 1st එකටම එහෙම පොටෝ එවලා තිබුණේ.ඒවත් එයාගේ මට එදා නම් එයාව අමුතුවට දැනුණා මම msg නොකළ ඉදියා .ආයේම එයා මැසේජ් කලා.ටික දවසකින් එයා

:-නංගි මේ බලන්න මට ඔයාගෙත් මේ වගේ photo එකක් ඕනි.😍
:-මට නම් බෑ අයියා 😡
:-ආදරේ කරන කොට මේවත් ඕනි නංගි😒
:-ඒත් මට බෑ අයියා 🥺
:-මොකද්ද හලෝ photo එකක් නේ ඉල්ලුවේ 😏
:-මට බෑ මට බෑ බායි අයියා 😭

ඔහොම ගිහින් ටික ටික මැසේජ් කරද්දිම බැරිම තැන මම එයාට ඒ වගේ photo එකක් යැවුවා.එයා තව තව ඉල්ලන්න ගත්තා මමත් පස්සේ පස්සේ අකමැත්තෙන් වුණත් වෙනදා තරම් නොසිතා යැවුවා.මේ කාලේ මගේ test වලට එන්න එන්නම ලකුණු අඩු වෙමින් තිබුණා.😢
:-දුව ඇයි මේ ලකුණු අඩු…??? 🤔
:-දන්නේ නෑ අම්මි උගන්නන ඒවා අමාරැයි 🥺
:-ඇයි දුව ගුරැවරැන්ගෙන් උගන්වන කොට අමාරැ දේවල් අහ ගන්නේ නැද්ද…??? 🤔
:-දුවට මොකක් හරි සම්බන්ධයක් තීනවද…???🙄
:-නෑ තාත්ති අහ ගන්නේ නෑ අම්මි ඉතින් එයාලා ඉක්මනට කියා ගෙන කියා ගෙන යනවනේ 😢

යන්තම් මම ප්‍රශ්න වලින් බේරැණා.නමුත් ඔවුන් තුළ මා කෙරේ සැකය එන්න එන්නම වැඩි වුණා.ඒ නිසා මගේ ඔළුව අවුල් වුණා මට පිස්සු වගේ.😵ඔයි කාලේ සර්ලා ටීචර්ස්ලා අපේ ගෙදරට කියලා තිබුණා මම class එන්න එපා කියලා එයාලට දිගින් දිගටම call ගත්තුවා.මම එයාලට බොරැ කියපුවා.school එකේ ක්‍රිඩා පුහුණු වීම් ඒ දවස් වල නොතිබුණු බවත් එයාලා හොයා ගෙන අම්මි තාත්ති මට හොදටම ගැහුවා.අයියා අක්කා මට බැන බැනම ඉදියා මම තරහට එයාලට බැන ගෙන බැන ගෙන ගියා.

මොන වදයක්ද මේක මගේ යාළුවෝ ඕන ඕන වෙලාවට ඕන ඕන තැන් වල යනවා එයාලට ගෙදරින් phone අරන් දීලත් තීනවා එයාලට කොල්ලොත් ඉන්නවා මට මුකුත් නෑ මම හරියට හිර කාරියක් වගේ මීට වඩා මාව මැරැවා නම් හොදයි…..😡😡😡😡
කියනකොටම අයියා මගේ කම්මුලට හයියෙන් එකක් ගැහුවා…
:-නංගි උඹව මෙච්චර කාලෙකට පරිස්සමට හදා ගත්ත අම්මටයි තාත්තටයි නේද තෝ ඔය කතා කරන්නේ…???🤬
:-ඕන නෑ පුතා 🙍🏻 😭
:-ඉන්න පුතා එපා 🤦🏻‍♂️ 🙄

අම්මයි තාත්තයි අයියාව නවත්තලා මා දෙස නොබලාම ගියා.අක්කත් මට ඔරවලා ගියා.එදා අම්මගේ ඇස් වලින් කඳුලු වැටුනත් මට එ් ගැන කිසිම දුකක් දැනුණේ නෑ…මට සදෙව් අයියා කතා කළා.එයා
:-නංගි අද meet වෙමු 😍
:-මට බෑ 😏
:-ඇයි බැරි 🤔
:-බැරි නිසා 😡
:-බෑ නෙවේ වරෙන් හු….🤬
:-මොකක්….???අයියා මේ ඔයාමද…?? 🥺
:-ඔව් මම තමයි මම සදෙව් තමයි උඹ අද නාවොත් මම උඹේ photo ටික fb දානවා.හැමෝටම පේන්න.😡
:-ඇයි අයියා ඔයා එදා කිව්වනේ බලලා delete කරන්නම් කියලා 🤔
:-delete කරන්න මම හී….උඹට පිස්සුද අද උඹ වරෙන් 🤭😂
:-හා එන්නම් අනේ ප්ලිස් අයියා fb දාන්න නම් එපා..😢😭

මම එදා කිසිවක් සිතා ගත නොහැකිව ඔහු හමුවීමට ගියෙමි.ඔහු සුපුරැදු පරිදි මාව ආදරයෙන් අමතා කතා කළේය.උදේ මට කුණුහර්පෙන් බැනලා දැන් මට ආදරෙන් කතා කරනවා.මේකනම් හොදකට නෙවේ එන්නේ..

:- අයියා මගේ ඔළුව රිදෙනො මට අමාරැයි මම ගෙදර යන්නම් 🥺
:-අමාරැද මැණික එන්න මම පැනඩොල් අරම් දෙන්නම් 😦
:-අනේ අයියා මට හාන්සි වෙන්න ඕන මම යනවා ගෙදර 😭
:-නංගි අර hotel එකක් පේන්නෙ ඒකෙ room එකක මගේ යාළුවෙක් bord වෙලා ඉන්නවා එයා docotor කෙනෙක්.එන්න අපි එයාගෙන් බෙහෙත් ගමු.😊
:- හා යමු..☺

ඒ Room එකේ ඉන්නේ මගේ අම්මිගේ යාළුවෙක්.මම එයාගෙන් උදවු ගන්න හිතාගෙන තමයි සදෙව් අයියට යමු කිව්වේ.ඒත් අවාසනාව කියන්නේ

:-අයියා docotor හර්ෂණ ඉන්නවද….???🙄
:-නෑ නංගි docotor හර්ෂණ duty ගිහින්.එයා off වෙලා එද්දි හවස් වෙනවා.😏
:-හී…..හී….. 🤣😂😅

Hotel සේවකයා එසේ පවසා යන්න ගියාට පසු සදෙව් අයියා හිනා වෙමින්
මා දෙස බැලුවා.

:-මොකද ආහ් 😒
:-අයියා docotor හර්ෂණ ඉන්නවද… හා හා හා ඌ ඉන්නවනම් මම උඹව මෙතෙන්ට එක්කම් එනවද යකෝ…???😂
:-ආහ් මාව අත්තරින්න අයියා මට යන්න දෙන්න 😳
:-අත්තරින්න පිස්සුවක් නෑ යකෝ මෙහාට වරෙන් 🤣
:-එපා අයියා අනේ වදින්නම් එපා අයියා 😭
:-වරෙන් 😡
:-ආහ් ආව් ඌයි 😭😭

සදෙව් මා ළඟට පැමිණ මාව බලෙන්ම Hotel Room එකක් ඇතුළට ඇද ගෙන ගියා.මාව හයියෙන් ඇදක් උඩට තල්ලු කරලා දාලා දොර වැහුවා.එයාගේ දර දඬු අත් වලින් මගේ අත් දෙක හයියෙන් අඹරලා දැම්මා.මගේ ලස්සන කෙස් වැටියෙන් හයියෙන් අදිමින් ඔළුව හයියෙන් සෙලෙව්වා.ඒකෙන් මගේ ඔළුව කැරකිලා යනවා වගේ වුණා.මගේ ඇගට පණ නෑ වගේ වුණා.එයා phone එක අරගෙන video on කළා.ඊට පස්සේ එයා මගේ දෙතොල් සපමින් මගේ අැදුම් එකින් එක ඉවත් කළා.😢😥😭
:-අනේ අයියා එපා මට මුකුත් කරන්න එපා මට යන්න දෙන්න අයියා…🙏🏻
:- හී…..🤣
:-අනේ video කරන්න එපා අයියා ප්ලිස්😭🙏🏻
:-පොඩ්ඩක් හිනා වෙනවකෝ 😁
:-අනේ අයියා 😳😭

මම කෑ ගසමින් හැඩුවද මගේ දුක විහිලුවකට ගත් ඔහු මාව ගෑනියක් කළා.කිසිදු හැගීමක් නැති මළ කඳක් මෙන් මම නැගිට ඇදුම් ඇද ගෙන ගෙදරට ගියේ යන්දෝ නොයම්දෝ සිතමින්.මම ගෙදරටත් ගියා.

:- දුව ඔයා කෙහේද ගියේ 🤔
:-යාළුවෙක්ගේ ගෙදර අම්මි 😒
:-නංගි මේ මොකද සීරිලා 😦
:-යාළුවගේ පූසා හරි නපුරැයි අක්කි.ඌ මාව සීරැවා.😢
:-අම්මපා 🤔
:-ඔව් අයියා 🙄

එදත් මම බේරැණා.ටික ටික මගේ exam ලං වුණා.මට පුදුම බයක් දැනුණේ 😢 මම දන්නවා මම පාඩම් කලේ නෑ මම ෆේල් තමයි.මම හිත හදා ගත්තා.ආයේ ආයේම සදෙව් අයියා මට කතා කළා.

:-නංගි අද එන්න 😀
:-අනේ මට බෑ අයියා 🙄
:-වරෙන් කිව්වම 😡
:-මට මගේ පාඩුවේ ඉන්න දෙන්න අයියා 🥺😥
:-මතකයිනේ උඹේ photo video මම ඒවා හැමෝටම යවනවා 😆😃
:-අනේ අයියා ඇයි මට මෙහෙම කරන්නේ 😞
:- එනවද නැද්ද කියපම් 😡
:- එන්නම් එන්නම් 😭😭

මට කර ගන්න දෙයක් තිබුණේ නෑ.මට ගෙදරට කියන්නත් බෑ.යාළුවොන්ට කියන්නත් බෑ.මම තනි වුණා.මම ප්‍රශ්න ගොඩක අතරමං වුණා.මම ඊළඟට වෙන්නේ මොකක්ද කියලා දැන දැනම සදෙව් හමිබු වෙන්න ගියත් මට මූණ දෙන්න සිද්ධ වුණේ නොසිතපු ඉරණමකට…
:-නංගි ඔයා ආවද සුදු 😙
:- තවත් joke ඕන නෑ අයියා 😒
:-නංගි මට සල්ලි ප්‍රශ්නයක් තීනවා 🥺
:-ඉතිම්……???? 🙄
:-මට සල්ලි ටිකක් හොයා ගන්නත් ඕනි. 🥺
:-අයියා job එකක් කරන්නද යන්නේ…??? 🤔
:-ඔව් මැණික මට හම්බ වෙන පඩියෙන් භාගයක් ඔයාටත් දෙන්නම්.😁
:-මට මොකටද….????මට සල්ලි ඕනි නෑ ඔයාම තියා ගන්න මහ ලොකු සල්ලි.😡
:-Thanks මැණික 😍
:- මොකටද…..???? 🤔
:-අද ආවට 😘

සදෙව් එහෙම කියමින් සුපුරැදු පරිදි මාව එක්ක ගෙන ගියා.ඒත් වෙනදා යන Room එකට නෙවේ.ගෙදරක් වගේ තැනකට.එයා මාව ඒ ගෙදර Bed Room එකකට එක්ක ගෙන ගියා.bed room එකේ ඉදියේ මමයි සදෙව් අයියායි.එ්ත් අයියා මට අතක් වත් තිව්වේ නෑ.අයියා මාව සිප ගෙන 😘😘😘 කාමරයෙන් එළියට ගියාට පසු පිරිමින් රැළක් කාමරයට පැමිණ මගේ ඇදුම් ගලවා දමා එකින් එකා මාව දූෂණය කළා.සමූහ දූෂණයට ලක් වෙද්දි මට දරා ගන්න බැරි වේදනාවක් දැනුණා මුලු දවසම උන් මාව දූෂණය කරලා සල්ලි ගොඩක් මට වීසි කරලා ගියා.ගියාට පස්සේ සදෙව් ආවා.😭😭😭

:-නංගි මගේ Job එක කොහොමද…..??? 🤣
:-අයියේ උබට ජාති ජාතිත් හෙන ගහනවා යකෝ මට මේ කළ අපරාදෙට….😡
:-සමා වෙයන් මැණික මට මෙහෙම නොකර ඉන්නයි තිබුණේ……..????🥺
:-අනේ පලයන් අයියේ යන්න.😡🤬

මම අමාරැවෙන්ම ඇදෙන් නැඟිට ගොස් ඇග සෝදාගෙන ඇදුමත් රැගෙන ගෙදරට ගියෙමි.ටික දිනක් ගත වුණා.ඊට පස්සේ දවසක අපේ අක්කිගේ Birthay party 😘 එක ඒකට අයියගේ යාළුවොත් අාව.අයියාට අලුත් යාළුවෙක් හම්බු වෙලා.එයා මාව දන්නෑ.දෙවියනේ එයා එදා මාව දැක්කනේ 😢

:- අෆ්ෆා අර බඩ්ඩත් ඇවිල්ලද මෙහේ…??🤣
:- කවුද බං අර කෙල්ල බං 😅
:-යකෝ ඒ මුගේ 😦
:-හිටපන් රවිදු කියපං බං ඇයි ඒකිට බඩ්ඩ කිව්වේ 🤔
:-ඕකි සල්ලි වලට මිනිස්සු එක්ක යනෝ බං 😏
:-උඹ කොහොමද එහෙම කියන්නේ…??🙄
:-මම දැක්කා බං ඕකි දවස් ගාණක් එකෙක් එක්ක Room ගියා.පස්සේ පස්සේ ඕකි එක පාරට 20ක් විතර අරන් Get House එකකට ගියා.කොල්ලො ගාව තීනවා ඕකිගේ හොද හොද ඒවා….😏
:-හ්ම්ම් ඇති බං ඇති 😞

අයියා කල කිරීමෙන් ඔහුව නවතා ගෙට ගියේය.අපරාදේ තත්පරයක් කලින් මම ගියානම් මෙයා මාව දකින්නේ නෑනේ.ඉන් පසුව මමද අයියා පසු පස හොරෙන් ගොස් ඔහු දෙස බැලුවෙමි.දෙවියනේ අයියා එයාගෙම අත කපා ගන්නවා.
:-අයියේ එපා….😢
:-පල අහකට 😡
:-මල්ලි මොකද මේ පිස්සුද 😮
:-ඔව් අක්කා පිස්සු හැදිලා තීන්නේ දැන් 🥺
:-මෙහාට එනවා මල්ලි 😡

Party එක අවසන් විය.පසුදා උදෑසන අයියා සියලු දේවල් හැම දෙනාගේම ඉදිරියේ මගෙන් විමසන විට මා ගොළු වුණි.
:-දුව අපි ඔයාට මොනවද නොදුන්නේ
වේ……… කරන්න ගියේ ආ 👩🏻 🤔
:-දූ දූ නෙවේ මේකි අපිව කෑවා.ඉල්ලන ඉල්ලන හැමදේම උඹට දුන්නා.ගුරැවරැ පවා ගෙදරට ගෙනල්ලා උඹට ඉගැන්නුවේ උඹ හොද තැනකට ගන්න මිසක් උඹව වේ………… යවන්න නෙවේ.🧔🏻🤬
:-අනේ තාත්ති අම්මි මට සමා වෙන්න 😭
:-නෑ උඹට අම්මලා තාත්තලා නෑ මෙහේ උඹේ අම්මා තාත්තා මැරිලා 😡
:-අනේ තාත්ති 😭
:-ශික් නංගි මම උඹ ගැන හිතුවෙම නෑ එහෙම 😡
:-අනේ අක්කි 😭
:-බැල්ලි තෝ අපේ නම්බුව කෑවා.තෝ අපිව නැති කළා තොට නංගි කියන්නත් ලැජ්ජයි 😡🤬
:-මට සමා වෙන්න අයියා 😭
:-පල බැල්ලි මේ ගෙදරින් එළියට 🤬🤬

මම අඩමින් ගෙදරින් පිට වුණේ අම්මා වත් මට කතා කරයි කියලා.ඒත් ඒක එහෙම වුණේ නෑ. 😢මම ගෙදරින් පිට වුණාට මට යන්න තැනක් තිබුණේ නෑ.මම සදෙව් හොයාගෙන ගියා.🥺ඒත් එයා ඒ වෙනකොට රට යන්න plan කරලා ඒවට සල්ලි හොයන්න ගත්තු ණය ගෙවන්න තමයි මාව විකුණලා තියෙන්නේ.මම බස් එකකට නැගලා ඔහේ ගියා.🚌 ඔහොම ගිහින් මම මගේ ‍බෙල්ලේ තිබුණ මාලේ ගලවලා අයියා කෙනෙකුට දීලා සල්ලි ගත්තා.ඒ සල්ලි වලින් මම අැදුම් අර ගත්තා.Room එකක් ගත්තා.කෑම ගත්තා.සල්ලි ඉවර වෙද්දි මම එක එකා පස්සේ ගිහින් job හෙව්වා.ඒත් මට හරියන job එකක් ලැබුණේ නෑ.මම ගණිකාවක් වුණා.මම සල්ලි වලට මිනිස්සු එක්ක ගියා.😥😭💔

:-නංගි මට හරිම දුකයි ඔයා ගැන.ඔයා නිකම් ඔයාමනේ ජීවිතේ නාස්ති කර ගෙන තීන්නේ…????🙄
:-ඔව් අයියා මම මෝඩ වුණා.මට ඒකාලෙ සාමාජීය දැනුමක් තිබුණේ නෑ.මම ගෙදරමයි හැදුනේ.මම රාජ කුමාරියක් වගෙ ගෙදරම හැදුනා.👸🏻මට ගෙදරින් කිසිම අඩුවක් කලේ නෑ.මම අම්මවයි තාත්තවයි රැවැට්ටුවා ළඟදි ලැබුණ කොල්ලෙක් නිසා.😢මට මං ගැනම ලැජ්ජයි.මට මම ගැනම කලකිරෙනවා.😭
:-දැන් මොනවා කරන්නද අාහ් මට සමා වෙන්න නංගි ඔයාට අර විදිහට බැන්නට.🥺
:-අයියා වැරදි නෑ අයියා හරි.මට මතකයි දවසක් ආච්ච් මට කිව්වා කෙල්ලෙක් කියන්නේ වීදුරැ බඩුවක් වගේ.බිදුනොත් බිදුනමයි ආයේ හදන්න බෑ කියලා.දැනුයි මට ඒක හොදටම තේරැණේ දැන් මමත් බිදුණ වීදුරැ බඩුවක් වගේ.ආය මාව හදන්න බෑ.😭💔
:-නෑ නංගි මම ඒ බිදුණ වීදුරැ බඩුව කෑල්ලෙන් අහුලන්නම්.අහුලලා ආයේ පුළුවන් විදිහට හදන්නම් 🤜🏻
:-කටු ඇහිදින කොට පොඩ්ඩ පොඩ්ඩ කටු ඇනිලා තුවාල වෙලා ලේ ගලලා ඇස් රතු වෙලා කදුලු ගලනවා වගේ අයියාටත් එක එක කතා අහ ගන්න වෙයි.ඒක නිසා අයියා දැන් යන්න.🙄
:-නංගි මම තවම බැදලා නෑ.මම ඔයාට බොරැවට කිව්වේ මම බැදලා කියලා.මම ඔයාව බදින්නම්….😊
:-ඒත් අයියා 😭

ම්ම්ම් කොහොම හරි මෙයා මාව බැන්දා.👰🏻🤵🏻එයා නිසා මට ආයේ මගේ ගෙදර අයවත් ලැබුණා.👨‍👩‍👧‍👦දැන් මම ආයේ රැජිනක් වගේ ජීවත් වෙනවා.👸🏻

********************************************
කතාව නම් දිග වැඩිනේ.මෙලෝ රහක් නෑනේ.ගණිකාවෙ‍ෝ ගැන ලියන්නනම් හරියටම දන්නේ නෑ.මම මේක ලිව්වේ හුගක්ම සමහර ගෑනු ළමයිට පොඩ්ඩක් හරි හිතට ගන්න.කැමති නම් කියවන්න. ඉවසපන් කෙල්ලනේ ඉරණමේ ලියවුණු පතා ගෙන ආවා කොල්ලා එනකම්.නිකම් ජීවිතේ විනාස කර ගන්න එපා.කියෙව්වොත් කමෙන්ට් එකක් දාන්න.බුදු සරණයි…..
❤❤❤❤❤❤❤❤❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

කොහොමද youtube වලින් සල්ලි හොයන්නෙ

Wed Jan 8 , 2020
මෙය ඉතාමත් පහසු මුදල් සෙවිමේ ක්‍රමයකි. ඔබ නිකරුනේ ගත කරන කාළයෙන් උපරිම ප්‍රයොජන ගෙන Youtube වෙතට Video මුදා හෑරිමෙන් Adsense මගින් අසිමිත අදායමක් උපයාගත හෑක. Adsense යනු ලොව හොදම Add ලබා දෙන අයතනයක් වන අතර ඔඋන්ගේ මුදල් ගෙවිම්ද හොදින් කරනු ලබයි. ඔබගේ පරිගණකයේ screen record කිරිම මගින් රුපවාහිනි වෑඩසටහන් capture […]