ජල චක්‍රය

ජල චක්‍රයට ආරම්භයක් හෝ අවසානයක් නොමැත. ජල චක්‍රය මෙහෙයවන සුර්යයා සාගරයේ ජලය උණුසුම් කරයි. එම ජලයෙන් කොටසක් ජල වාෂ්ප ලෙස වාෂ්පීකරණය වේ. අයිස් හා හිම ජලවාෂ්ප ලෙසට කෙලින්ම ඌර්ධව්‍යාප්තවේ. ඉහළ නගින වායු ධාරා ජල වාෂ්ප හා උත්ස්වේදනයෙන් ලැබුණු ජල වාෂ්ප (පසෙන් හා ශාක වලින් පිටවූ ජලය) ඉහළ වායුගෝලයට රැගෙන යයි. මෙම ජල වාෂ්ප ඉහළ අහසේදී සිසිල් උෂ්ණත්වය නිසා වළාකුළු බවට ඝනීභවනය වේ. වායුධාරා මඟින් වළාකුළු ලෝකය වටා සංසරණය වන අතර වළා අංශු ඝටනය වී, වර්ධනය වී වර්ෂාපතනය ලෙස අහසින් ලැබේ. මෙයින් කොටසක් හිම ලෙස ලැබෙන අතර ඒවා හිම වැස්ම හා ග්ලැසියර් ආකාරයට පත්ව වර්ෂ දහස් ගණනක් මිදුණු ජලය ගබඩා කර තබා ගනියි. වසන්ත සෘතුව වැනි උණුසුම් දේශගුණයේදී හිම දියවී ජලය ගොඩබිම මත ගලායයි. වර්ෂාපතනයෙන් වැඩි කොටසක් නැවතත් සාගරයට හෝ ගොඩබිමට එක්වන අතර ගුරුත්වාකර්ෂණය හේතුවෙන් ගොඩබිම මතින් අතිරික්තය ගලා යයි. මෙම අතිරික්තයෙන් කොටසක් නිම්න වල පවතින ගංගාවලට ගලා යන අතර මෙම ගංගා ජලය යොමු වන්නේ සාගරය දෙසටයි. මෙම අතිරික්තය හා භූගත ජල කාන්දුවීම් නැවුම් ජලය ලෙස විල් වල ගබඩා වේ.මෙම ජල අතිකිර්තය සැම විටම ගංගාවකට ගලා නොයයි. එයින් සමහරක් පොළොව තුළට කාන්දුවේ. මෙලෙස ඇතුළට කාන්දුවන ජලයෙන් කොටසක් ජලධර නැවත ජලයෙන් පුරවයි. මෙම ජලධර නැවුම් ජලය අති විශාල ප්‍රමාණයක් දීර්ඝ කාල පරිච්ඡේදයක් තිස්සේ රඳවා ගනියි. කාන්දුවීමෙන් කොටසක් පෘථිවියේ පෘෂ්ඨයට ආසන්නව තැන්පත් වී භූගත ජල කාන්දු ලෙස නැවතත් පෘෂ්ඨිය ජලය හා එක්වන අතර සමහර භූගත ජලය ගොඩබිමේ හිඩැසක් තුළින් උල්පත් ලෙස මතුවේ. එමඟින් ජල චක්‍රය නැවතත් ආරම්භ වේ.

ජල චක්‍රය යනු ජලගෝලය හරහා ජලයේ චලනය පැහැදිලි කරන ක්‍රියාවලියයි. නමුත් ජල ප්‍රමාණයෙන් විශාල කොටසක් ජල චක්‍රය තුළින් ‍ගමන් නොකර දීර්ඝ කාලයක් තිස්සේ ගබඩා වී පවතී. මෙම ජලයෙන් වැඩි කොටසක් ගබඩා කර තබාගන්නේ සාගරයේය. ඇස්තමේන්තු කර ඇති ආකාරය අනුව ඝන සැතපුම් 332,500,000(1,386,000Km3) ජල සැපයුමෙන් 321,000,000 ඝන සැතපුම් (1,338,000,000Km3) ජල ප්‍රමාණයක් හෙවත් 95% සාගර වල ගබඩා කර පවතී. තවද ජල චක්‍රයට සැපයෙන ජල වාෂ්ප වලින් 90% පමණ සැපයෙන්නේ සාගරයෙනි.

ශීත දේශගුණ තත්ත්ව වලදි වැඩි හිම වැස්ම හා ග්ලැසියර ඇතිවන අතර, ගෝලීය ජල සැපයුමෙන් කොටසක් අයිස් බවට හැරවීමෙන් ජල චක්‍රයේ අනෙක් කොටස් වලට ලැබෙන ජල ප්‍රමාණය අඩු වේ. උණුසුම් කාලගුණයේදී මෙහි විරුද්ධ ආකාරය සිදුවේ. හිම යුගයේදී ලෝකයේ ගොඩබිම් ප්‍රමාණයෙන් 1/3 පමණ අයිස් වලින් වැසී තිබුණු අතර එම හේතුවෙන් සාගර ජලමට්ටම වර්තමාන ප්‍රමාණයට වඩා අඩි 400(122m) පමණ පහතින් තිබුණි. අවුරුදු 125,000 පමණ පෙර පෘථිවියේ අවසාන උණුසුම් අවධියේදී සාගර මට්ටම අඩි 18 (5’5m) දැනට වඩා ඉහළින් පිහිටා තිබුනි. අවුරුදු මිලියන 3 පමණ පෙර සාගරය දැනට වඩා අඩි 165 (50 m) පමණ ඉහළින් තිබු බවට විශ්වාස කෙරේ. 2007 පැවැති දේශගුණික විපර්යාස සඳහා වු අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC) ප්‍රතිපත්ති සම්පාදනයේදී විද්‍යාඥයෝ ඒකමතිකව පිළිගත් කරුණක් වන්නේ ජල චක්‍රයේ ශ්‍රීඝ්‍රතාවය 21 වන ශතවර්ෂ පුරා වර්ධනය වන බවයි. නමුත් මෙහි අදහස් ලෝකයේ සියළුම කලාපවල වර්ෂාපතනය ඉහළ යන බව නොවේ. උපවර්තන කලාපයන්ට සාපේක්ෂව වියළි කාලගුණයක් පවතින ප්‍රදේශවලට 21 වන ශතවර්ෂයේදී වර්ෂාපතනයේ අඩු වීමක් පෙන්විය හැකිය. එමඟින් නියඟ ඇතිවීමක් පෙන්විය හැකි අතර නියඟ ඇතිවීමේ සම්භාවිතාව ඉහල යයි. මෙම වියළි බාවය වර්ධනය ධ්‍රැවසාන්න උපනිවර්තන කලාප (උදා:- මධ්‍යධරණී ප්‍රදේශය, දකුණු අප්‍රිකාව, දකුණු ඕස්ට්‍රේලියාව, නිරිත දිග ඇමරිකා එක්සත් ජනපදය) වල වඩා බලවත් වේ. වර්තමානයේදී තෙත් කාලගුණයක් පවතින සමක ආසන්න ප්‍රදේශවල ඉහළ යාමක් බලා‍පොරොත්තු වේ. මෙම මහාපරිමාණ දේශගුණික රටාව IPCC හි 4 වන ඇගයුමට අනුව ජාත්‍යන්තර පර්යේෂණායතන කිහිපයකම සිදුකල පර්යේෂණ වල ප්‍රතිඵල ලෙස ලැබුණි.

ග්ලැසියර දියවීමද ජල චක්‍රයේ වෙනස්වීම සඳහා උදාහරණයකි. මෙහිදී වර්ෂාපතනයෙන් ග්ලැසියර වලට ලැබෙන ජලප්‍රමාණය, ඌර්ද්වපාතනය මඟින් හා දියවීම මඟින් සිදුවන ජලහානිය ප්‍රකෘතිමත් කිරීමට ප්‍රමාණවත් නොවේ. 1850 සිට ග්ලැසියර දියවීම පුළුල්ව සිදු වී ඇත.

  • කෘෂිකර්මය
  • වායුගෝලීය රසායනික සංයුතිය වෙනස් කිරීම
  • වේලි තැනීම
  • වන හානිය හා වනරෝපණය
  • ගංගා සංගමනය
  • නාගරීකරණය

ජල චක්‍රයට බලය සැපයෙන්නේ සුර්ය ශක්තියෙනි. ගෝලීය වාෂ්පීකරණයෙන් 86% ම සිදුවන සාගරයේ උෂ්ණත්වය වාෂ්පීකාර සිසිලනය හේතුවෙන් පහත වැටේ. වාෂ්පීකරණයෙන් වන සිසිලනය නැවතුන විට හරිතාගාර ආචරණය මඟින් පෘෂ්ඨිය උණුසුම සෙල්සියස් අංශක 67 C වැනි ඉහළ අගයක් විය හැකි අතර එමඟින් ලෝක ගෝලය වඩා උණුසුම් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

ගිනි හාවා

Fri Jan 3 , 2020
කේවි යනුවෙන්ද හඳුන්වනු ලබන ගිනී පිග් රෝඩන්ට් කුලයටත් පවුලටත් ගණයටත් අයත් විශේෂයකි. නම ගිනී පිග් වුවද මොවුන් ඌරු පවුලට අයිති හෝ ගිනියාවෙන් පැමිණි පිරිසක් නොවේ. ඔවුන්ගේ සම්භවය සිදු වී ඇත්තේ අන්දීස් කඳු ආශ්‍රිතවයි. ජීව රසායන විද්‍යාව හා දෙමුහුන්කරණය පදනම් වූ අධ්‍යයනවලට අනුව ඔවුන් වැනි කේවි විශේෂයන්ට ලඟ නෑකමක් දරන හීලෑ කොට්ඨාශයකි.එම නිසා මොවුන් වනයේ ස්වාභාවිකව දැකිය […]