ජනාධිපති ට්‍රම්ප් සාමය ප්‍රකාශයට පත් කරයි

BREAKING : US Decides Not to Respond!

ඉරාන ප්‍රහාරයෙන් පසු ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ තම රටේ සියලූ දෙනා ආරක්ෂිත බවයි. ඉරානය විසින් ඉරාකයේ පිහිටි තම හමුදා කඳවුරු වලට ප්‍රහාර එල්ල කළද කිසිදු ඇමරිකානුවකුට හානියක් නොවූ බව ද ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සඳහන් කරනවා. ඉදිරි කාලයේදී ඉරානයට එරෙහිව තවදුරටත් සම්බාධක පනවන බවට පැවසූ ඇමරිකා ජනාධිපතිවරයා ඇමරිකාවට මැදපෙරදිග ඉන්ධන අවශ්‍ය නැතැයිද සඳහන් කරනවා. 
ඇමරිකානු ප්‍රහාරයකින් මියගිය ඉරාන විප්ලවවාදී හමුදා ප්‍රධානියා ලොව ප්‍රබලම ත්‍රස්තවාදි බවත් ඔහු විසින් සිවිල් වැසියන් ඉලක්ක කර විශාල ජන සංහාරයක් සිදු කළ බවද ට‍්‍රම්ප් කියා සිටිනවා.

ඉරානය සමග ප්‍රබල රුසියාව හා සිරියාව එක්වීම මත ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම තත්ත්වයට පෙළඹෙන්නට ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත් ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය මත මැදපෙරදිග යුද්ධයක් ඇතිවීමේ සම්භාවිතාව යම් පමණකට සමනය වීමක් පෙන්නුම් කරන බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

ඉරාන ගුවන් අනතුර වෙඩි තැබීමක් ?

Thu Jan 9 , 2020
එක්සත් ජනපද කඳවුරු වලට ඉරාන මිසයිල ප්‍රහාරයකින් පැය 176 කට පසු පුද්ගලයන් 176 දෙනෙකු ඝාතනය කිරීමේ සැලසුමක් “වෙඩි තබා” ඇති අතර සුන්බුන් “පැහැදිලි ප්‍රහාරක සිදුරු” පෙන්වන බව විශේෂඥයන් යෝ පවසති.