ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් සමග ඔස්ට්‍රේලියානුවාසීන් දේශගුණික සරණාගතයින් බවට

ගෝලීය උෂ්ණත්වය ඉහළ යන විට ඔස්ට්‍රේලියාව තවත් උණුසුම් සහ වියළි රටක් බවට පත්වන බවත් එනිසාම ඔස්ට්‍රේලියාවේ වාසය කරන ජනතාව දේශගුණික වශයෙන් සරණාගතයින් බවට පත්වන බවත් ඇමෙරිකානු කාලගුණ විද්‍යාඥ සහ භූ භෞතික විද්‍යාඥ ආචාර්ය Michael Mann පවසයි.
මේ දිනවල ඔස්ට්‍රේලියාවේ පවතින බරපතල ලැව් ගිනි තත්ත්වය හරහා ඒ බව මනාව පෙනී යන බව ඔහු පැහදිලි කරයි.
දේශගුණික රටාව අහිතකර ලෙස වෙනස් වීම නිසා හෝ බරපතල අන්දමේ අයහපත් කාලගුණ බලපෑම් නිසා හෝ තම වාසස්ථාන අතහැර යාමට සිදුවන පිරිස් දේශගුණික සරණාගතයින් ලෙස හඳුන්වයි.

විද්‍යාඥයින් විසින් හඳුන්වන “fire weather” හෙවත් අධික උෂ්ණත්වය හේතුවෙන් ඇතිවන ලැව් ගිනි තත්ත්වයන් මේ වන විට ඔස්ට්‍රේලියාව තුළ දක්නට ඇති බව ආචාර්ය Michael Mann පවසයි.

අධික උෂ්ණත්වය, අඩු වර්ෂාපතනය, වියළි සුළං සහ අඩු ආර්ද්‍රතාව එම කාලගුණ රටාවේ ප්‍රධාන සාධක බව ඔහු පවසයි.

මේ හේතුවෙන් ලැව් ගිනි වලට අමතරව දැඩි නියං තත්ත්වයන්ද ඇතිවන බවත් එම අත්දැකීම් මේ වන විට ඔස්ට්‍රේලියාව අත්දකිමින් සිටින බවත් පෙනෙන්නට තිබේ.

දේශගුණික විපර්යාස මැඩලීම පිළිබද ඔස්ට්‍රේලියාවේ ප්‍රතිපත්ති

දේශගුණික විපර්යාස මැඩලීම පිළිබද ඔස්ට්‍රේලියාවේ ප්‍රතිපත්ති වලට අනුව වසර 2030 වන විට ඔස්ට්‍රේලියාවේ කාබන් විමෝචනය 26% කින් කප්පාදු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සැලසුම් කර තිබේ.

නමුත් එම ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව බොහෝ ප්‍රවීණයින් ඇතුළු බොහෝ ඔස්ට්‍රේලියානුවෝ පවසති.

දේශගුණික විපර්යාස මැඩලීම පිළිබද අගමැති මොරිසන්ගේ දුර්වල ප්‍රතිපත්ති හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ දරුණු ලැව් ගිනි තත්ත්ව හටගත් බවට පවසමින් අගමැති මොරිස්න්ට සහ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට එරෙහිව දැවැන්ත විවේචන මේ වන විට එල්ලවෙමින් පවතී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

බීජ බෝම්බ දැමීමෙන් වසරකට ගස් බිලියනයක්

Thu Jan 16 , 2020
දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටන ජය ගැනීමට සොබාදහමට හැකිද? මනුෂ්‍යත්වයේ කුඩා උදව්වකින් එක අනිවාර්යයෙන්ම කල හැක. පැරණි ප්‍රතිසංස්කරණය කරන ලද මිලිටරි ගුවන් යානා භාවිතා කරමින් අපට වසරකට ගස් බිලියනයක් සිටුවිය හැකිය. ගස් කැපීම නිසා විනාශයට පත් වූ වනාන්තර නැවත ප්‍රති නිර්මාණය කිරීමට ගුවන් යානා “ගස් බෝම්බ” භාවිතා කල හැක යෝජිත වැඩසටහන […]