ගුවන් යානයේදී කෝප්පයට මුත්‍රා කර ‘මගීන්ට ඉහලා’

ගුවන් යානාවක අසුන්ගෙන සිටි මගීන්ට කෝප්පයක තිබූ සිය මුත්‍රා ඉසීමේ සිද්ධියක්‌ සම්බන්ධව ශ්‍රී ලාංකික කාන්තාවක්‌ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊශ්‍රායලයේ බෙන්ගුරියන් ගුවන්තොටුපළේදී ඇයව අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

ව්‍යාජ වීසා බලපත්‍රයක්‌ මත ඊශ්‍රායලයට පැමිණි මෙම කාන්තාව රටින් පිටුවහල් කිරීම සඳහා ගුවන් යානාවට ගෙන ගොස්‌ සිටියදී එම ක්‍රියාව සිදු කර තිබෙනවා.

ඇය තමාට වැසිකිළියට යාමට අවශ්‍ය බව පැවසීම නිසා පොලිස්‌ භටයන් දෙදෙනා ඇගේ මාංචු ගලවා ඇති අතර අනතුරුව වැසිකිළියට ගිය එම කාන්තාව සිය මුත්‍රා කෝප්පයකට ගෙන මගීන්ට ඉස තිබෙනවා.

ඇයව මේ වනවිට බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තා වන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

හකීම් සහ සහරාන්ගේ සබඳතා තහවුරුයි.

Sat Jan 18 , 2020
හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාස මර්ධන විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පොලිසිය විසින් කියා සිටියේ පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ ප්‍රහාරයේ මහමොලකරු මොහොමඩ් සහරාන් හසීම්ගේ සහෝදරයා වන මොහොමඩ් රිල්වාන් නමැත්තා බෝම්බ පිපිරීමකින් තුවාල ලබා පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් […]