ගිනි හාවා

කේවි යනුවෙන්ද හඳුන්වනු ලබන ගිනී පිග් රෝඩන්ට් කුලයටත් පවුලටත් ගණයටත් අයත් විශේෂයකි. නම ගිනී පිග් වුවද මොවුන් ඌරු පවුලට අයිති හෝ ගිනියාවෙන් පැමිණි පිරිසක් නොවේ. ඔවුන්ගේ සම්භවය සිදු වී ඇත්තේ අන්දීස් කඳු ආශ්‍රිතවයි. ජීව රසායන විද්‍යාව හා දෙමුහුන්කරණය පදනම් වූ අධ්‍යයනවලට අනුව ඔවුන් වැනි කේවි විශේෂයන්ට ලඟ නෑකමක් දරන හීලෑ කොට්ඨාශයකි.එම නිසා මොවුන් වනයේ ස්වාභාවිකව දැකිය නොහැක. වර්තමාන හා සංරක්ෂණය වූ සතුන්ගේ හිස්කබල සහ ඇටසැකිලි පිළිබඳ රූප විද්‍යාවට අනුව සහ අණුක සළකුණු පිළිබඳ මෑත අධ්‍යයනවලට අනුව මොවුන්ගේ පූර්වජයා බොහෝ දුරට Cavia tschudii විය හැකි බව හෙලිවිනි.

 

ගිනී පිග් දකුණු ඇමරිකානු ස්වදේශික ගෝත්‍රයන්ගේ ගැමි සංස්කෘතියේ වැදගත් භූමිකාවක් නිරූපණය කරයි. ආහාර ලෙස , දේශීය වෙදකමට මෙන්ම ආගමික සමාජ උත්සව ලෙස ද ඔවුන් යොදා ගනු ලබයි. දකුණු ඇමරිකාවෙන් පිටත මොවුන්ගේ ජනනය වැඩි කිරීමට 1960 සිට උත්සහ දරා ඇත. 16 වන සියවසේ යුරෝපීය වෙළෙඳුන්ගේ හඳුන්වාදීමත් සමගම ගිනී පිග් සුරතල් සතෙකු ලෙස බටහිර ජාතීන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්විය. ඔවුන්ගේ හීලෑ ස්වභාවය, ආහාර ලබාදීමේදී හා සුරතල් කිරීමේදී ඔවුන් දක්වන ප්‍රතිචාරය සහ රැක බලා ගැනීමේ සාපේක්ෂ පහසු භාවය නිසා ගිනී පිග් සුරතල් සතෙකු ලෙස ජනප්‍රිය වෙමින් පවතී. ගිනී පිග් පැටව් තරගකාරීව බිහි කිරීම සඳහා වූ සංවිධාන ලොව පුරා බිහි වී ඇත. විවිධ පාට සහ සම්මිශ්‍රණ සහිත විශේෂ ගිනි පිග් වර්ග මොවුන් විසින් බිහි කරනු ලබයි. ගිනී පිග්ලා ගැන ජීව විද්‍යාත්මක පරීක්ෂණ 17 වන සියවසේ සිට සිදු කෙරිණි. මෙම සතුන් 19 වැනි සහ 20 වැනි සියවස්වලදී පර්යේෂණ සඳහා බහුල ලෙස යොදා ගැනිණ.එම නිසා මොවුන් පර්යේෂණ විශේෂයක් ලෙස හැඳින්විණ. නමුත් දැන් මොවුන් වෙනුවට මීයන් වැනි අනික් රොඩන්ට් විශේෂ යොදා ගනී. මොවුන් තවමත් ළමා දියවැඩියාව, ක්ෂය රෝගය, ශීතාද රෝගය සහ ගර්භණී සංකූලතා වැනි මානව රෝගී තත්ව සඳහා පර්යේෂණ නිරූපක ලෙස යොදා ගනී.

ගිනි පිග් සතුන් මුලින්ම ගෘහාශ්‍රිතව ඇති කර ඇත්තේ ක්‍රි.පූ. 5000 ක් තරම් ඈත යුගයේදී ආහාර සඳහාය. ඒ දකුණු ඇමරිකාවේ අන්දීස් කඳු ආශ්‍රිත පෙදෙසේ ( වර්තමානයේදී දකුණු කොලොම්බියාව, ඉක්වදෝරය, බොලිවියාව හා පේරු රටවල්)විසූ ගෝත්‍රික ජනතාව විසිනි. එක්වදෝරයේ සහ පේරුහි කරන ලද පුරා විද්‍යාත්මක කැණීම්වලින් ක්‍රි.පූ 500 ත් ක්‍රි.ව 500 ත් අතර යුගයකට අයත් ගිනි පිග් සත්වයන්ගේ චිත්‍ර ආලේපිත පිළිම හමු වී ඇත. පුරාණ පේරු වැසියන් සතුන්ට පුද පූජා පවත්වා ඇති අතර ගිනී පිග් සතුන් නිතරම ඔවුන්ගේ කලාකෘති වල ඇඳ ඇත. ක්‍රි.ව 1200 පමණ සිට 1532 හි සිදු වූ ස්පාඤ්ඤ ආක්‍රමණය වනතුරු සිදු වූ තෝරාගත් විශේෂයන් ජනනය, විවිධාකාරයේ ගිනි පිග් විශේෂ බිහි වීමට හේතු වී ඇත. සමහර නව විශේෂ සඳහා ද පදනම් වී ඇත්තේ ඔවුන්ය. ගිනි පිග් සතුන් එම කලාපයේ ආහාර මූලාශ්‍රයක් ලෙස තවමත් පවතී.අන්දීස් කඳුවැටි ආශ්‍රිතව මොවුන් ගෘහාශ්‍රිතව වාසය කරන අතර නිවැසියන් ආහාරයට ගෙන ඉවත දමන එළවලු කොටස්වලින් යැපේ.ගිනි පිග් සතුන් සම්බන්ධ වන ගැමි සම්ප්‍රදායන්ද බොහෝය.ඔවුන් තෑගි වශයෙන් හුවමාරු වන අතර සමාජ ආගමික උත්සවවල දී යොදා ගනු ලබයි. එසේම ව්‍යවහාරයේදී ඔවුන් උපමා රූපක ලෙසද නිතරම යොදා ගනු ලබයි. ඔවුන්ව පාරම්පරික වෛද්‍යය ක්‍රමයේදී කහ උණ,රක්තවාතය, සන්ධි ප්‍රදාහය හා උණ සන්නිපාතය වැනි රෝග හඳුනා ගැනීමට දේශීය වෛද්‍යයවරයන් විසින් යොදා ගනී. ඔවුන්ව රෝගින්ගේ සිරුරේ ඇතිල්ලීමට යොදා ගනු ලබන්නේ අද්භූත මාධ්‍යයක් ලෙස සලකායි.කලු ගිනි පිග් සතුන් මේ සඳහා විශේෂයෙන් ප්‍රයෝජනවත් ලෙස සැලකෙයි. සමහර විට රෝගය සුව වී ඇත්දැයි බැලීමට මෙම සතුන් කපා ඔවුන්ගේ බඩවැල් පරීක්ෂා කිරීම සිදු කරයි.මෙවැනි ක්‍රම බටහිර වෛද්‍ය ක්‍රමය නොමැති හා එය පිළි නොගන්නා අන්දීස් ප්‍රදේශ වල සුලභව භාවිතා වේ.

ස්පාඤ්ඤ ලන්දේසි හා ඉංග්‍රීසි වෙ‍ළෙඳුන් ගිනී පිග් සතුන් යුරෝපයට ගෙන ආ අතර මෙම සතුන් විදේශීය සුරතල් සතුන් ලෙස ඉහල පැළැන්තිය අතර හා රාජකීයන්(1 වෙනි එළිසබෙත් රැජනද ඇතුලුව ) අතර ඉක්මනින් ජනප්‍රිය විය.ගිනී පිග් සතුන් ගැන දැනට හඳුනාගත් පැරණිම ලියවිල්ල වාර්තා වන්නේ 1947 නි. ඒ සැන් ඩොමින්ගෝවල සතෙකු ගැන ඇති විස්තරයකිනි. මීට හේතුව කේවී සතුන් හිපැනියෝලා දූපත්වලට ආගන්තුක වීමයි.මුලින් විශ්වාස කරන ලද්දේ මෙම සතුන් ස්පාඤ්ඤ සංචාරකයන් විසින් හඳුන්වා දෙන ලද බවයි.කෙසේ වුවත් බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල මෑතක සිදු කරන ලද කැණීම් වලට අනුව මොවුන් සෙරමික් භාණ්ඩ තනන උයන් පල්ලන් විසින් මීට වසර 2500 කට පමණ පෙර දකුණු ඇමරිකාවෙන් කැරීබියන් දූපත්වලට හඳුන්වා දී ඇතැයි සැලකේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

පරමාණුක අරය

Fri Jan 3 , 2020
පරමාණුක අරය , නැතහොත් පරමාණුවේ විශාලත්වය, පරමාණුවේ පැහැදිලිව අර්ථ දක්වා නැත භෞතික අගයන් නොවන අතර එය සියළු අවස්ථාවන්හි නියතයක්ද නොවේ , යම් පරමාණුවක අරීය අගය රදා පවතිනුයේ ඒ සදහා යොදාගන්නා නිර්වචනය මතය. මේ සදහා වූ එකිනෙකට වෙනස් අවස්ථාවනෝචිත නිර්වචන කිහිපයක් ඇත. “පරමාණුක අරය” යන පදය ගැටළු සහගතය මක් නිසාදයත් , […]