ක‍ඩොලාන

ක‍ඩොලාන යනු අන්තර් උදම් කලාපය තුල ඵනම් ගොඩබිම සහ ජලය එක්වන මායිම් වන ගංගා මෝය සහ කලපු ආශ්‍රිතව වඩදියට යට වී බාදියට නිරාවරණය වන බිම් ප්‍රදේශයන්හි වැඩෙන සුවිශේෂී ශාකයකි.ඇතැම් ශාක සහ සත්ත්ව වි‍ශේෂ වලට රැකවරණය සපයන නිවහනක් ලෙස කඩෙලාන ශාක ප්‍රජාව වැදගත් වේ. නීරක්ෂීය වෙරළබඩ තීරුවෙන් 2/3 ක් පමණ කඩොලාන ප්‍රජාව විසින් අත් කරගෙන ඇත. ලෝකයේ ඇති සියලුම කඩොලාන ප්‍රජාවල විශාලත්වය හෙක්ටෙයාර මිලියන 1 1/2 ක් පමණ වේ. කඩොලානෙහි නිරන්තරයෙන්ම දර්ශීය ලෙස දක්නට ලැබෙන ශාක සත්‍ය කඩොලාන ශාක (True Mangroves)ලෙස හැදින්වේ. සත්‍ය කඩොලාන වලට යාබඳ වඩාත් ගොඩකර ප්‍රදේශ වල ද වැඩෙන වෙනත් ශාක ද ඇත. ඒවා කඩොලාන ආශ්‍රිත ශාක(Mangrove Associates) ලෙස හැදින්වේ. සත්‍ය කඩොලාන හා කඩොලාන ආශ්‍රිත ශාක සපුෂ්ප ශාක වන අතර ඵසේ නොවන (Acrosticum Aureum) නම් ශාක විශේෂයක් ද කඩොලාන ආශ්‍රිතව හමු වේ.

කඩොලාන පරිසරයේ ලක්‍ෂණ

  • කඩොලාන ආශ්‍රිත ප්‍රදේශ බොහොමයකම පොළව වඩදිය බාදියට භාජනය වේ. මේ නිසා මෙම ප්‍රදේශ වලින් සමහර ප්‍රදේශ දවසේ යම් කොටසකදී ලවණ ජලයෙන් වැසී ඇත.
  • කඩොලාන බොහෝ විට දක්නට ලැබෙන ගංගා මුවදොරවල සහ කලපු අසබඩ පෙදෙස්වලට මිරිදිය ගලා ඒම නිසා ‍මේ පෙදෙස් වල ජලයේ ලවණත්වය මුහුදු ජලයේ ලවණත්වය තරම් අධික නැත.
  • කඩොල් ශාක වල පාංශු ද්‍රාවණයේ ආශ්‍රැති පීඩනය සාමාන්‍ය පසේ‍,පාංශු ද්‍රාවණයේ ආශ්‍රැති පීඩනයට වඩා වැඩිය.
  • කඩොලාන ආශ්‍රිත පාංශු ද්‍රාවණයේ ආශ්‍රැති පීඩනය ද PH අගය ද (අම්ල ගතිය) කලින් කලට වෙනස් වේ.
  • මෙහි පස නිරන්තරයෙන්ම ජලයෙන් වැසී තිබෙන නිසා පසේ ඔක්සිජන් හිඟතාවයක් ඇති අතර පොළොව ජලයෙන් වැසී නොතිබෙන කල මෙහි පස මොළොක් ස්වභාවයක් ගනී.බොහෝ විට පස කළු පැහැයෙන් යුක්තය.
  • කාබනික ද්‍රව්‍ය බහුල ලෙස මෙහි දක්නට ලැබෙන අතර නොයෙක් වර්ග වල කකුළුවන් වාසය කරන ගුල් වලින් ගහණ ප්‍රදේශයකි.

කඩොලාන වල අනුවර්තන

කඩොලාන පරිසරයේ ඇති ශාක විශේෂ ජෛව හා පාරිසරික තත්ත්වයන්ට ඔරොත්තු දීමට හැකි වන පරිදි විවිධ අනුවර්තනයන් දක්වයි.
  • ප්‍රධාන කඳෙහි පාදීය කොටසෙන් හට ගන්නා කයිරු මුල් සහ කරු මුල් කඩොලාන ශාක වල දක්නට ලැබෙන මුල්වල හැඩ ගැසීම් වලට ප්‍රධාන උදාහරණයන්ය. පස ඉතා ලිහිල් නිසා මෙම මුල් වර්ග ශාකය දැඩි ලෙ‍ස ලිහිල් උපස්ථරයට සවි කිරීමට උපකාරී වේ.
  • වායුධර මුල් කඩොලාන පරිසරයේ පසෙහි ඔක්සිජන් හිඟ බැවින් පසෙන් උඩට වැඩෙන දණහිස් මුල් මඟින් වායු හුවමාරුව සිදු වේ. කිරල , ඇවිනීසියා ශාක වල දක්නට ලැබේ.
  • ජලාබුජ බීජ-කළල විකසනයේ පසු අවධියක් දක්වා මව් ශාකයේ රැඳී පැවතීම.
  • ශුෂ්ක රූපී පත්‍ර-කඩොලාන පරිසරයේ ලවණ සාන්ද්‍රණය අධික බැවින් ශාකවලට ජලය ලබා ගැනීම අපහසුය. එම නිසා උත්ස්වේදනය අඩු කිරීමට ශාක පත්‍රවල ඝන උච්චර්මයක් සහ අධික ජල සංචිත පටක ප්‍රමාණයක් පිහිටා ඇත.
  • මුල් ප්‍රරෝහණය වූ කඩොල් බීජ ශාකයෙන් ගිලිහී ජලය මඟින් පාවී ගොස් මඬෙහි රැඳී වර්ධනය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

අංගම්පොර කලාව යනු කුමක්ද?

Fri Jan 10 , 2020
අංගම්පොර යනු සිංහලයන්ගේ සාම්ප්‍රදායික යුධ සටන් ක්‍රමයකි.අංගම්පොර අංගම්පොර සටන් කරුවන් දෙදෙනෙක් රිටි හරඹයක යෙදෙය අයුරුසම්භවය ඇතිවූ රට මූලික ලක්‍ෂණ මෙහි සැලකිය යුතු විශේෂිත ලක්ෂණ අතර සියුම් බව, වේගවත් බව, ශක්තිමත් බව හා ජවසම්පන්න බව යනාදිය මුලිකත්වය ගනී. ඇඳුම් මෙම සටන් කලාවෙහි යෙදෙන රණ ශූරයන්, උඩුකය නිරුවත්වද (කාන්තාවන් පමණක් සාම්ප්‍රදායික හැට්ටය), යටකය සඳහා පාරම්පරික දියකච්චීය හෝ […]