කොපමන ගුණකලත් දුදනෝ නොවෙති යහපත්

මොහොතක් බලන්න…
.
ඔයාලට මේ මහත්තයාව මතකද දන්නෙ නෑ. මේ ඉන්නෙ අර ලක්ෂ 100ක් වටිනා මුද්‍රණ යන්ත්‍රයක් කෑලි වලට කපලා තමන්ගේ සේවක මහත්මයෙක්ගේ අත බේරලා දුන්න කෙනා. මේ මහත්තයා දැන් හරි අමාරුවකයි වැටිලා තියෙන්නෙ. අර කෑලී වලට කපපු මුද්‍රණ යන්ත්‍රය නැවත තිබුණ විදියට හදාගන්න එතුමාට ලක්ෂ 35ක් විතර වියදම් වෙලා. තමන්ගේ නිවස සහ ව්‍යාපාරික ස්ථානය බැංකුවට උකස් කරලා තමයි මෙත්තානන්ද මහතා ඒකට මුදල් හොයගෙන තියෙන්නෙ. මේ මුද්‍රණ යන්ත්‍රය හදාගන්න මාස 6ක් විතර ගිහින් තියෙනවා. මීට කලින් ඒ මහත්තයා ගත්ත ව්‍යාපාරික ණය වල වාරිකත්, මේ කාලය තුල එතුමාට ගෙවන්න පුළුවන් වෙලා නෑ. බරපතලම ගැටළුව ඒක නෙවෙයි. අර බේරගත්ත සේවකයා මෙතුමාට විරුද්ධව වන්දි නඩුවක් පවරලා. තමන්ට සිද්ධවුණ හානියට රුපියල් ලක්ෂ 20ක වන්දියක් ගෙවන්න කියලා තමයි ඔහු ඉල්ලන්නේ. ඉතින් දැන් මෙත්තානන්ද මහත්තයා නඩුවකටත් මැදි වෙලයි ඉන්නේ. සාමාන්‍යයෙන් මෙවැනි යන්ත්‍රයකට සේවකයෙක් හසු වුණාම කරනවා කියන්නේ යන්ත්‍ර අනික් පැත්තට කරකවන එක. (මහා පරිමාණ යන්ත්‍රණ සමාගම් වල පවා.) මොකද අධික වේදනාව නිසා අනතුරට පත්වුණ සේවකයා ඉල්ලන්නෙත් ‘මේක කරකවලා මාව එලියට ගන්න!’ කියලා. ඒත් මේ බෝසත් ගතිගුණ තියෙන ව්‍යාපාරික මහත්තයා ව්‍යාපාරික අරමුණු පැත්තකින් තියලා, නියෝග කරනවා ‘තමන්ට තියෙන එකම මුද්‍රණය යන්ත්‍රය’ කපලා සේවකයාව බේරගන්න කියලා. මේ මහත්තයාට රක්ෂණ සමාගමෙන් රුපියලක්වත් ලැබිලා නෑ. කම්කරු අමාත්‍යංශය මගින් ‘සේවා යෝජකයෙකුට දෙන ඉහලම සම්මානය’ මෙතුමාට දීලා තියෙනවා. ඒත් ව්‍යාපාරය ගොඩනගා ගන්න නම් අත්වැලක් ලබා දීලා නෑ. ඉතින් මේ බෝධිසත්ව ගුණ තියෙන මහත්මයා වෙනුවන් එක ඉල්ලීමක් කරන්න කැමතියි. අම්පාර ප්‍රදේශයේ රජයේ ආයතනය වල මුද්‍රණ කටයුතු කරන්නට, මේ මහත්මයාට අවස්ථාවක් දෙන්න. අම්පාර ප්‍රදේශයේ පෞද්ගලික බැංකු, උපකාරක පන්ති වගේ දේවල් වල මුද්‍රණ කටයුතු මේ මහත්මයාගෙන් කරගන්න. ඒක එතුමාට නැවත නැගී සිටින්නට ශක්තියක් වේවි! මේ වගේ සත්පුරුෂ ගතිගුණ ඇති අය තව තවත් මේ භූමියේ පහල වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා! තොරතුරු සහ ඡායාරූපය: මවුබිම සතිඅන්ත පුවත්පත උපුටා ගැනිමකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

ජනාධිපති ට්‍රම්ප් සාමය ප්‍රකාශයට පත් කරයි

Thu Jan 9 , 2020
BREAKING : US Decides Not to Respond! ඉරාන ප්‍රහාරයෙන් පසු ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ තම රටේ සියලූ දෙනා ආරක්ෂිත බවයි. ඉරානය විසින් ඉරාකයේ පිහිටි තම හමුදා කඳවුරු වලට ප්‍රහාර එල්ල කළද කිසිදු ඇමරිකානුවකුට හානියක් නොවූ බව ද ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සඳහන් කරනවා. ඉදිරි කාලයේදී ඉරානයට […]