කාසෙම් සුලේයිමානි: භූමදානයට පැමිණි හතළිහක් තෙරපී නසී.

1

ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මරණයට පත් ඉරානයේ ප්‍රමුඛ පෙළ හමුදා නායකයාගේ දේහය මිහිදන් කිරීමේ අවස්ථාවට පැමිණි ජනයා අතර ඇති වූ තෙරපීමකින් පනස්දෙනෙකු දෙනෙකු මරණයට පත්ව ඇතැයි ඉරාන බලධාරීහු පවසති.

ඒ හේතුවෙන් ජෙනරාල් කාසෙම් සුලේයිමානිගේ භූමදාන කටයුතු කල් තැබීමට ද සිදුව ඇත. එම කටයුතු සිදු කෙරෙන වේලාව පසුව දැනුම් දෙනු ඇතැයි බලධාරීහු කියා සිටියහ.

ජෙනරාල්වරයාගේ භූමදාන කටයුතු සිදු කෙරෙන්නේ ඔහුගේ උපන් ගම වූ මධ්‍යම ඉරානයේ පිහිටි කෙයිර්මාන් නගරයේදීය. අවමංගල්‍ය පෙරහැර සඳහා දස ලක්ෂ සංඛ්‍යාත ජනකායක් එක් රැස්වෙමින් සිටි බව ඇස්තමේන්තු කෙරේ.

ජෙනරාල් සුලේයිමානිගේ ඝාතනය, ඇමරිකාව සහ ඉරානය අතර ගැටුමක් දක්වා දුර දිග ය හැකි බවට බිය පළවේ.

ජනවාරි 03 වෙනිදා මරණයට පත් ජෙනරාල් සුලේයිමානි, ඉරානයේ ඉහළම නායක අයතුල්ලා කමේනිගේ පසු සිටි දෙවන ප්‍රබලතම පුද්ගලයා ලෙස සැලකේ. ඇමරිකාව විසින් ජෙනරාල්වරයා “ත්‍රස්තවාදියෙකු” ලෙස සහ ඇමරිකානු හමුදාවලට තර්ජනයක් වන පුද්ගලයෙකු ලෙස සලකනු ලැබීය.

බලයට පත් වීමෙන් අනතුරුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එරෙහිව දැඩි ප්‍රතිපත්තියකට එළඹී අතර ටෙහෙරාන් පාලනය ද තමන්ගේම ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කරමින් ඊට ප්‍රතිචාර දැක්වීය. සිය හමුදා වෙත ප්‍රහාර එල්ල කරන බව පැවසෙන ඉරානයේ සහාය ලබන ඉරාකයේ සන්නද්ධ කණ්ඩායමක් වෙත ඇමරිකාව පසුගිය මස ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග දෙරට අතර උණුසුම තවත් වර්ධනය විය.

කෙයිර්මාන් නගරයේ අඟහරුවාදා (ජනවාරි 07) උදෑසන සැලසුම් කර තිබූ භූමදාන උත්සවයට පෙර සිටම විශාල ජනකායක් ඒ වෙත පැමිණ සිටියහ.

වෛද්‍ය නිලධාරියෙකු කියා සිටියේ තෙරපීමට හසුව දෙසීයකට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවය.

One thought on “කාසෙම් සුලේයිමානි: භූමදානයට පැමිණි හතළිහක් තෙරපී නසී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

ලංකා ඉතිහාසයේ වැඩිම අලි මරණ පසුගිය වසරෙන්

Sat Jan 11 , 2020
ලංකා ඉතිහාසයේ වැඩිම අලි මරණ සංඛ්‍යාව 2019 වසරෙන් වාර්තා වන බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි. එහි ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් මහතා සඳහන් කළේ 2019 වසරේදී විවිධ හේතූන් මත අලි 361ක් මියගොස් ඇති බවයි. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රජය මඟින් කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බවයි රවින්ද්‍ර කාරියවසම් […]