කාවට එන චීන්නු මාරාන්තික නිව්මෝනියාව පැතිරවීමේ අවදානමක්.. ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු හඟවයි

චීනයේ ශීඝ්‍රයෙන් පැතිර යන මාරාන්තික විය හැකි නිව්මෝනියා රෝගී තත්ත්වයක් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශයට අනතුරු හඟවා තිබෙනවා. ආසියානු කලාපයේ වැඩිම චීන ජාතිකයන් පිරිසක් පැමිණෙන සංචාරක සහ ව්‍යවසාය මධ්‍යස්ථානයක් ලෙස හඳුනාගෙන ඇති කොළඹ නගරය පදනම් කර ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අනතුරු හැඟවීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. මීට පෙර 2003 වර්ෂයේදී චීනයෙන් ව්‍යාප්තව ගිය මාරාන්තික සාර්ස් (Sever Actue Respiratory Syndrome SARS) රෝගයට සමාන බව සැක කෙරෙන මෙම නව නිව්මෝනියා රෝගය පිළිබඳව ශ්‍රී ලංකාවට අමතරව කලාපයේ අනෙකුත් කාර්යබහුල හුවමාරු මධ්‍යස්ථානයන් වන හොංකොං, සිංගප්පූරුව, බැංකොක්, මැලේසියා, මැකාවු, තායිවාන සහ දකුණු කොරියානු සෞඛ්‍ය අංශ සහ ගුවන්තොටුපොළ වෙතද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු හැඟවීම් යොමුකර තිබෙනවා. චීනයේ වුහාන් (wuhan) ප්‍රාන්තයේ මේ වනවිට පැතිර යන මෙම නිව්මෝනියා රෝගයේ වෛරසය නිවැරැදිව හඳුනා ගැනීමට තවත් සතියක පමණ කාලයක් ගතවනු ඇතැයිද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා. මෙම නිව්මෝනියා තත්ත්වයේ රෝග ලක්ෂණ ලෙස අධික උණ, හුස්ම ගැනීමේ අපහසුතාව සහ පෙණහලු ආසාදන හඳුනාගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

සාර් බොම්බය

Thu Jan 9 , 2020
න්‍යෂ්ටික අවි නිපදවීම සම්බන්ධව පළමු වරට සාර්ථක ව්‍යාපෘතියකසිදුකරන ලද්දේ ජර්මනිය විසිනි.එය 1939 වර්ෂයේදී ආරම්භ කරන ලදි.හිට්ලර්ගේ මෙම අවි ව්‍යාපෘතිය මිත්‍ර පාර්ශවයේ රටවල් වල දැඩි අවධානයට ලක් වූවක් විය.ඇමරිකා එක්සත් ජනපදයද 1939 වර්ෂයේ මෑන් හැටන් ව්‍යාපෘතිය නමින් න්‍යෂ්ටික අවි ව්‍යාපෘතියක් ඇරඹීය. වර්ෂ 1941 දී සිදුකළ හිට්ලර්ගේ සෝවියට් ආක්‍රමණය හෙවත් ඔපරේෂන් බාර්බරෝසා […]