කලින් කලු කොටින්ට සිදුවූ දේ

ලංකාවේ මැතක හමු වූ කළු කොටි තිදෙනාම මරා දැමු හ.එම සිදුවීම්වලට වගකිව යුතු චුදිතයන්ව අත්අඩංගුවට ගැනීම ද වනජීවීය හිතාමතාම අමතක කළේය.එවැනි සන්දර්භයක මාධ්‍ය ඔස්සේ වනජීවී දෙපාර්තමේන්තුව ප්‍රසිද්ධ කළ කළු කොටියා රැක ගැනීම අසිරැ අභියෝගයකි.මක්නිසාද යත් එවැනි සතුන් රැක ගැනීමට කිසිදු යාවත්කාලීන වු ක්‍රමවේදයක් මේ දෙපාර්තමේන්තුවට නොමැති බැවිනි.ඒනිසා ආදාළ කොටියා ඉන්නා ඉසව්ව හෙළිදරව් වීම වහාම නතර කළ යුත්තකි.දැන්වත් මෙවැනි අති දුර්ලබ සතුන් පිළිබඳ වනජීවී දෙපාර්තමේන්තුව වෙනම ඒකකයක් ස්ථාපිත කළ යුතුව තිබේ.

මෙම සතුන් වඳ වූ බවට වනජීවීය කළ ප්‍රකාශය ඉතාම වැරදි සහගත වූවකි.මෙම ලියුම්කරැ පසුගිය කාලයේ එවැනි සතුන් සතර දෙනෙකු සිටින ස්ථාන නිරික්ෂණය කර ඇත.ඒවා අප හෙළි නොකළේ එම සතුන්ගේ හෙට දවස ගැන මතුව තිබෙන සැකය හේතුවෙනි.
එලෙසම දැන් වනජීවීය වාර්තා කළ කොටියාගේ ජීවිතය දැඩි අනතුරක පවති.එම කලාපය භාරව සිටින වනජීවී නිලධාරින් ඉතාම අඩු පහසුකම් යටතේ සිටී.එහි හෞතික සම්පත් සේම මනාව සම්පතේ ද දැඩි හිඟයක් පවති.දැන්වත් එම ස්ථානය නිසි ලෙස යාවත්කාලීන කරන ලෙස අපි ඉතාම ඕනෑකමින් වනජීවී බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නෙමු.ඒ ගැන අවධානයෙන් කටයුතු කරන්නැයි සියලුම දෙනාට නැවතත් මතක් කරනු කැමැත්තෙමු.

පහත දක්වා ඇත්තේ මීට පෙර ලංකාවේ දී මරා දමන ලද කළු කොටි තිදෙනාගෙන් දෙදෙනෙකුගේ ඡායාරෑප බවද මතක් කරමු.
මේ ඝාතකයන් ඇල්ලීම හිතාමතාම වංචනිකව වනජීවී දෙපාර්තමේන්තුව මග හැර ගිය බවද වගකීමෙන් ලියා තබමු.

නයනක රන්වැල්ල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

ලෝකයේ වේගවත්ම පන්දුයවන්නා ලංකාවෙන් වේගය 175Kmh(වීඩියෝ සහිතයි)

Tue Jan 21 , 2020
ඉකුත්දා ඉන්දියාව සමඟ පැවති 19න් පහල තරඟයකදී මතීෂ පතිරණ විසින් 175Kmh වේගයෙන් යුතු පන්දුවක් දමා ඇත https://youtu.be/OE5tPla_O60