එවරස්ට් තරණය කරන්න ගිය 7ක් අතුරුදන්

එවරස්ට් කන්ද තරණය කිරීමට ගිය පුද්ගලයින් 7 දෙනෙකු අතුරුදන්ව ඇත.

දකුණු කොරියානු ජාතිකයින් සිව්දෙනෙකු සහ නේපාල ජාතික මග පෙන්වන්නන් තිදෙනෙකු මෙලෙස අතුරුදන්ව ඇති බවයි විදෙස්මාධ්‍ය වාර්තා කළේ.

එවරස්ට් කන්ද ආශ්‍රිතව පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය සහ හිම පතනය හේතුවෙන් මෙම පිරිස අතුරුදන්ව ඇති බව සඳහන්.

අතුරුදන් වූවන් සෙවීම සඳහා හෙලිකොප්ටර් යානා හතරක් යොදවා ඇත.

මීට අමතරව එරට පොලිසිය සහ ස්වෙච්ඡා මුදා ගැනීමේ කණ්ඩායම් ද මුදාගැනීමේ මෙහෙයුම්වල නිරත වෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

ශරීර පිස්නා භාවිත කරමින් තැනූ කිඹුල් රුව

Sun Jan 19 , 2020
ශරීර පිස්නා භාවිත කරමින් කිඹුලෙකුගේ රුවක් නිර්මාණය කළ ශිල්පීන් කණ්ඩායමක් පිළිබඳ පුවතක් ඉන්දියාවේ පූනේ නගරයෙන් වාර්තා වුණි. අදාළ නිර්මාණය සඳහා ශරීර පිස්නා 870ක් පමණ යොදාගෙන තිබූ බව සඳහන්. ඉන්දියාවේ මහරාෂ්ත්‍ර ප්‍රාන්තයේ පූනේ නගරයේ වාසය කරන ඔරිගාමී ශිල්පීන් කණ්ඩායමක් ශරීර පිස්නා භාවිත කරමින් කිඹුලෙක් නිර්මාණය කළේය. ඔවුන් මෙලෙස නිර්මාණය කර තිබෙන්නේ […]