ප්‍රහාරය එක්සත් ජනපද දුන් ප්‍රති උත්තරයක් පමණක් බව ජෙනරාල් අමීර් පවසයි

එක්සත් ජනපදයේ හමුදා කඳවුරකට ඉරාන විසින් ගුවන් ප්‍රහාරයක් එල්ල කරන ලදි. ඉරානයේ විදේශ ඇමති මොහොමඩ් ජාවඩ් සරීෆ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ඉරානය සටන් කිරීම අවසන් කර ඇති අතර ගැටුම සඳහා කිසිදු ආකාරයෙන් තවදුරටත් සිදු නොකරන බවයි.

ඔහු මේ බව සඳහන් කළේ, ඉරාකයේ අමෙරිකානු හමුදා කඳවුරු වෙත බැලිස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුවයි.

අමෙරිකාව පසුගිය දා සිය ප්‍රධාන හමුදා ජෙනරාල්වරයකු ඝාතනය කිරීමට ප්‍රතිචාරයක් ලෙස එම පියවර ගත් බව ඉරානය සඳහන් කළේ ය.

ප්‍රහාරය පිළිබඳ අදහස් දක්වමින් ඉරාකය සඳහන් කළේ, එය සිය ස්වාධිපත්‍යය කෙලෙසීමක් බවයි.

මේ අතර ඊයේ රාත්‍රියේ ජාතිය අමතමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ, ඉරාකයේ අමෙරිකානු හමුදා කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් කිසිදු අමෙරිකානුවකු හෝ ඉරාක ජාතිකයකු මියගොස් නොමැති බවයි.

විනාඩි 10 ක පමණ කාලයක් පුරා කළ විශේෂ ප්‍රකාශයේදී ඉරානයට එරෙහිව නව සම්බාධක පනවන බව ද ඔහු නිවේදනය කළේ ය.

මේ අතර මැදපෙරදිග ගැටලුව විසඳීමට තවදුරටත් මැදිහත්වන්නැයි අමෙරිකානු ජනාධිපතිවරයා නේටෝ සංවිධානයෙන් ඉල්ලීමක් කර ඇත.

ඉරානයේ මේජර් ජෙනරාල් කසෙම් සොලෙයිමනී ඝාතනයෛ “පළිගැනීමක්” යැයි පවසමින් ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක අංශය අඟහරුවාදා සවස අයින් අල් අසාද් ගුවන් කඳවුරට සහ අර්බිල් හි අනෙකුත් ස්ථානවලට මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ වගකීම භාර ගත්තේය.  බ්‍රහස්පතින්දා බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපල අසල ඩ්‍රෝන් ප්‍රහාරයක ඉලක්කය වූයේ සොලෙයිමනී ය.  ඇමරිකානු නායකයින් කියා සිටියේ මොහු එක්සත් ජනපදයට එරෙහිව ප්‍රහාර සැලසුම් කරමින් සිටින බවයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මිසයිල ප්‍රහාර ගැන ප්‍රසිද්ධියේ කතා නොකළ නමුත් ට්විටර් හරහා කබදාදා උදෑසන තම කතාව කරන බවට සටහන් කර තිබේ.

.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

Kasuni Kavindi Fernando

Thu Jan 9 , 2020