ඊමේල් හැඩකරන @ ලකුණ සැදුණු හැටි

ප‍්‍රාග් ඵෙතිහාසික යුගයෙන් පසු එළැඹි මධ්‍යතන යුගයේ වැසියෝ ඔවුන්ගේ දෛනික ජීවිතය හා බැඳුණු කාර්යයන්හි මුල්වූ විෂයයන් සඳහා විවිධ සලකුණු භාවිතා කර තිබේ. සන්නිවේදනය , හැඳින්වීම, තීරණය කිරීම, ගබඩා කිරීම සටහන් තැබීම සඳහා විවිධ ජ්‍යාමිතික හැඩ ඇති ලකුණු යොදා ගෙන ඇත. එම යුගයේ ස්පාඤ්ඤයේ හා පෘතුග්‍රීසි වැසියෝ ස්කන්ධය නොහොත් බර තීන්දු කිරීම සදහා විශේෂ සලකුණක් හාවිතා කර ඇත. අද සෑම විද්‍යුත් තැපෑලකටම අනිවාර්ය වූ ( @) ”ඇට්” යනුවෙන් හදුන්වන විශේෂ සලකුණ උපත ලබන්නේ එම යුගයේ ස්පාඤ්ඤයේදීය. සීමිත බරක් හැඳින්වීමට ඉහත සලකුණ යොදා ගෙන ඇත. එම බර ප‍්‍රමානය සාමාන්‍යයෙන් කිලෝ ග‍්‍රෑම් 11.3 පමණවේ. පසු කලකදී විදේශ වෙළඳාමේ ව්‍යාප්තිය සමග ඉංග‍්‍රිසීන් විසින් ඇට් යන වචනයට ඉහත සලකුණ භාවිතා කිරීමට පුරුදු විය. ඉන්පසු ස්ථානයක් හදුන්වන සලකුනක් ලෙස සමාජ ගත වුයේය. අන්තර්ජාලයේ උපත සමග ඒ හා බැඳුණු විද්යුත් තැපැල් පෙට්ටියක්ද බිහිවිය. 1971දී ඇමෙරිකානු ජාතික පරිගණක විශේෂඥයෙක් වන රේ තොම්ලින්සොන් විසින් ඉහත සලකුණ විද්යුත් තැපෑලට හඳුන්වාදී ඇත්තේය. වර්තමානයේ විද්යුත් තැපෑලක් හිමි සියල්ලෝ ඉහත සලකුණ භාවිතා කරති. අද එම සලකුණ නොමැති විද්යුත් තැපෑලක් නොමැති තරම්ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

"පිටසක්වළ ජීවීන් ඉන්නවා, ඔවුන් අපි අතරම ජීවත් වෙනවා"

Fri Jan 10 , 2020
පිටසක්වළ ජීවීන් ජීවමාන අතර, ඔවුන් අප අතරම දිවි ගෙවීමට ඉඩ ඇති බව බ්‍රිතාන්‍යයෙන් අභ්‍යවකාශයට ගිය ප්‍රථම පුද්ගලයා පවසයි. විශ්වයේ කොතැනක හෝ වෙනත් භූමියක ජීවීන් සිටින බව ආචාර්ය හෙලන් ෂාමන් ‘ඔබ්සර්වර්’ සඟරාවට පැවසීය. “පිටසක්වළ ජීවීන් ඉන්නවා, ඒ ගැන කිසිම සැකයක් නැහැ. බිලියන ගණනක් තරු අතර විවිධ ස්වභාවයේ ජීවීන් ඉන්න පුළුවන්,” ඇය […]