ඉරානය යුක්රේන ගුවන් යානයට වෙඩි තැබූ බව පිළිගනී

ඉරානය පවසන්නේ බදාදා ටෙහෙරානයෙන් පිටතදී කඩා වැටුණු යුක්‍රේන ගුවන් යානයට තමන් අත්වැරැදීමකින් වෙඩි තබා 176 දෙනෙකු මිය ගිය බවයි.

එක්සත් ජනපදයේ සහ කැනඩාවේ නිලධාරීන් ඔවුන්ගේ බුද්ධි අංශ විසින් මිසයිලයක් මගින් මෙම යානයට පහර දුන් බව පැවසීමෙන් පසුව ඉරානය මොවුන්ගේ අතින් සිදුවු බවට පිලිගන්න ලදි.

තවද අනතුර සිදු වූ රාත්‍රියේ ගත් වීඩියෝවකින් යානයේ පිපිරීමක් සිදුවීමට පෙර යානය දෙසට වෙඩි තබන අයුරුද කියාපායි.

මෙම අනතුර සිදුව ඇත්තේ ඉරානය එක්සත් ජනපද හමුදා සිටින ඉරාක හමුදා කඳවුරු දෙකකට රොකට් ප්‍රහාර එල්ල කිරීමෙන් පැය කිහිපයකට පසුව ය. එම ප්‍රහාරය එල්ල වූයේ ඉරානයේ සුප්‍රසිද්ධ ජෙනරාල් කසෙම් සොලෙයිමනී ඝාතනයෙන් පසුව ය.

යානය යුක්රේනයේ කියෙව් නගරයට යමින් සිටියදී අනතුරට ලක්ව තිබේ. යුක්රේන ජනාධිපතිවරයා පොරොන්දු වූයේ සත්‍යය සොයාගෙන වගකිවයුත්තන් මේ මහා අපරාධයට වග කිය යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

දිල්ලියේ ඔක්සිජන් විකිනේ

Sat Jan 11 , 2020
ඉන්දියාවේ දිල්ලි නගරය ඇතුළු උතුරු දිග ඉන්දියාවේ ප්‍රදේශ රැසක පවතින වායු දුෂණය හේතුවෙන් එරට තුල ඔක්සිජන් වායුව අලෙවි කිරීම ආරම්භ වී ඇති බව වාර්තාවේ. ඒ සඳහා වෙන්වු සේවා ආයතන රාශියක් දිල්ලි නගරයේ පිහිටුවා ඇති බවත් ඔක්සිජන් අලෙවි කරන මෙම ආයතන වෙතට ගොස් මුදල් ගෙවා නළ මාර්ගයෙන් ඔක්සිජන් වායුව ස්වසනය කිරීමට […]