ඉන්ද්‍රජිත්

මේඝනාද හෙවත් ඉන්ද්‍රජිත්, රාවණා රජුගේ සහ මන්දෝදරී බිසවගේ වැඩිමහල් පුත්කුමරා විය. කුමරු උපන් මොහොතේ හැඩූ ශබ්දය අකුණු හඬ පරදා ඇසුණු බැවින් කුමරුට මේඝනාද යැයි රාවණා රජු විසින් නම් තැබූ බව කියවේ. පසුකලෙක මේඝනාද කුමරු විසින් දෙව්ලොව සිටි දක්ෂතම සෙන්පතියකු වූ ඉන්ද්‍ර නමැති දෙවියා අඩපණ කොට ලංකාපුරයට සිරකරුවෙකු ලෙස රැගෙන ආ මොහොතේ විශ්මයටපත් මහා බ්‍රහ්මයාගෙන් මේඝනාද කුමරුට ‘ඉන්ද්‍ර ජයගත් කුමරු’ අර්ථය ඇති ‘ඉන්ද්‍රජිත්’ යන නාමය ලද බව පුරාවෘත තුල දැක්වේ. ඉන්ද්‍ර යන්න සූර්යයාට හෙළ බසින් පවසන තවත් නමකි. රාවණා පරපුර සූර්යය වංශිකයන් වීම හා ඔවුන් සූර්යයා නමස්කාර කළ පිරිසක් ලෙස සැලකේ. ඉන්ද්‍රජිත් කුමරුගේ නමින් ලෙන් ලිපියක් අදටත් සුරැකිව පවතී. මේඝනාද කුමරු ඉපදෙන මොහොතේ රාවණා රජ, ලෝකයේ තම පුතාව පැරදවිය හැකි එක් අයකුවත් නොමැති අති ශ්‍රේෂ්ඨ පුද්ගලයකු බවට පත්වේ කියා පැතූ බව සදහන්වේ. මේඝනාද කුමරු විසින් ශේෂනාග රජුගේ සත්ගුණවත් දියනිය වන සුලෝචනා විවාහ කර ගන්නා ලදී.

ඉන්ද්‍රජිත් නොහොත් මේඝනාද,හින්දු ප්‍රවාද වලට අනුව,දිව්‍යලෝකය දිනූකෙනා මෙන්ම ලංකාවේ රජකුමාරයෙක් විය. රාවණා රජුගේ පුතකු ලෙස ඉන්දියානු මහාකාව්‍ය රාමායනයේ ඔහුව සදහන් වේ. රාම සහ රාවණා අතර මහා යුද්ධයේදී ඉන්ද්‍රජිත් මහා මෙහෙයක් කලේය. ඔහු ප්‍රබල අතිමහරති පෙළ රණකාමියෙකු විය. එදාමෙදාතුර සිටි බලවත්ම රණකාමියා ලෙස සහ බ්‍රහ්මන්ද අස්ත්‍ර, වයිශ්නව අස්ත්‍ර සහ පශුපට අස්ත්‍ර යන ත්‍රිමුති පරම ආයුධ තුන පාලනය කල හැකි එකම රණශූරයා ලෙසද සැලකේ. ඔහුගේ ගුරු ශුක්‍ර, මහා බ්‍රහ්ම, විශ්නු සහ ශිව යන්නන්ගෙන් සියලු වර්ගයේ දිව්‍ය ආයුධ ඔහු අත්කරගන්නා ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

බිල් ක්ලින්ටන්

Fri Jan 3 , 2020
1946 අගෝස්තු මස 19 වන දින උපත ලැබූ බිල් ක්ලින්ටන් ඇමරිකාවේ 42 වන ජනාධිපති ධූරය හෙබවීය. ඒ 1993 සිට 2001 වසර දක්වායි. ඔහු තෙවන ලාබාලතම ජනාධිපතිවරයා වූ අතර තෙඹඩෝර් රූස්වෙල්ට් හා ජෝන් එෆ් කෙනඩිට වඩා වැඩිමහළු විය. සීතල යුද්ධය අවසානයේ දී ජනාධිපතිධූරයට පත් වූ බිල් ක්ලින්ටන් උපත ලබා තිබුණේ ද […]